රනිල් මෛත්‍රී සජිත් එකම අච්චුවේ බඩු තුනක් -ඇමති ප්‍රසන්න රණතුංග

-

රනිල් මෛත්‍රී සජිත් යනු එකම අච්චුවේ බඩු තුනක් බවත් පසුගිය කාලයේ දී යහපාලනය නමින් රට විනාශ කීරීමට මේ තුන් කට්ටුවම වග කිව යුතු බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

පක්ෂය සමගි කර ගත නොහැකිව සමගි සංධාන බිහි කිරීම තරම් විහිළුවක් තවත් නැතැයි කී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ලකුණක් තෝරා ගත නොහැකි පිරිසක් රට ගොඩ නගන්නේ කෙසේ දැ‘යි ප්‍රශ්න කළේය. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කරපු තරමක් කළේ කුඩුකේඩු වැඩ යැයි කී ඔහු එදා අලුත් පක්ෂයක් පිහිටෙව්වොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා යැයි කිවු මෛත්‍රී අද පොහොට්ටුවෙන් අපේක්ෂකත්වය ලබා ගැනීම සදහා හිගමනේ යන බව ද කීවේය.

උඩුගම්පල රෙජී රණතුංග ශ්‍රවණාගාරයේ දී ඊයේ (08) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයේ දී ඇමතිවරයා මෙම අදහස් පළ කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රණතුංග මහතා මෙසේ ද කීවේය.

” රනිල් මෛත්‍රී සුසංයෝගය මේ රට විනාශ කළා. ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වු සජිත් ප්‍රේමදාස මහතා අද හැසිරෙන්නේ මැරිලා ඉපදිලා වගේ. රනිල් මෛත්‍රී සජිත් කියන්නේ එකම අච්චුවේ බඩු තුනක්. මේ තුන්දෙනා වගේ ම ඒ ආණ්ඩුවේ හිටපු. ඒ ආණ්ඩුවට කත් ඇද්ද අයත් අද මේ රට පත්වෙලා තියෙන තත්ත්වයට වග කිව යුතුයි. කාටවත් ඒ වගකීමෙන් මිදෙන්න බෑ. ඒ අවුරුදු හතර හමාර තුළ මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. ව්‍යාපාර වැහුණා. කොම්පැණි වහලා ආයෝජකයෝ ආයේ ගියා. ජාතික ආරක්ෂාව බල්ලට දැම්මා රටේ ආර්ථිකය කඩන් වැටුනා. අපි හදපු වරායවල්, ගුවන් තොටුපළවල් කුණු කොල්ලෙට වික්කා. රටක් හදපු, රට ගොඩ නගපු ජනතාවට ජීවිත දානය දුන් නායකයාව ගෙදර යවලා 2015 දි පත් කර ගත්තේ තක්කඩි රැළක්.

මේ තක්කඩි රැළට එරෙහිව අපි සටන් කරද්දි රනිල් මෛත්‍රී හවුල අපෙන් පළි ගත්තා. අපි අලුත් පක්ෂයක් හදන්න යනකොට අලුත් පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා කිව්වා. අපි පාරක් ගාණේ ඇවිද්දවනවා කිව්ව මෛත්‍රී අද අපේ පක්ෂයේ නාම යෝජනා හිගා කනවා. ඕකට කියන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මය කියලා. මෛත්‍රී තනිකරම රටට කළේ කුඩුකේඩුකම්. පක්ෂයට කළේ කුඩුකේඩුකම්. මමනම් සතපහකට ඔය මනුස්සයව විශ්වාස කරන්නේ නෑ. විශ්වාස කරන්න බෑ. කියන්නේ එකක්. කරන්නේ තව එකක්. උදේට කියන දේ දවල්ට වෙනස් කරනවා.රෑට ආපහු වෙනස් කරනවා. ඒ වගේ අයව අපි කොහොමද විශ්වාස කරන්නේ. දැන් මහින්ද මහත්තයා ළග අඩා වැටිලා ආපහු තනතුරු වරප්‍රසාද වෙනුවෙන් කඩා ගෙන නොයයි කියලා විශ්වාසය තියෙන අපිත් එක්ක නිවැරිදි ලෙස හිටගන්න අපිව දාලා යන්නේ නැති මිනිස්සුයි අපි පාර්ලිමේන්තුවට යවන්න ඔනේ.

එක්සත් ජාතික පක්ෂය අද සී සී කඩ වෙලා ඉවරයි. සජිත් එක පැතත්ක රනිල් එක පැත්තක කරු එක පැත්තක මේ අය තවත් ලකුණක් හොයා ගන්න බැරිව රණ්ඩු වෙනවා. පක්ෂය එකට තියාගන්න බැරුව රට ගොඩ නගන්නේ කොහොමද? එක වෙලාවකට කියනවා හදවතින් එනවාලු. තව වෙලාවක කියනවා ටෙලිෆෝනයෙන් එනවලු. ආයෙත් හංසයා ගැනත් කියනවා. අලියාගෙන් එනවා කියලත් කථා වෙනවා. මැතිවරණ කොමසාරිස්ටත් ලියුම් යවනවා. මම නම් ඕකට හොද ලකුණක් කිව්වා ( සභාවෙන් – බුරුවා බූරුවා ලකුණ බුරුවා) නෑ නෑ බුරුවා ලකුණ හොද වැඩීයි. සීනුව අලියාගේ වලිගේ ගැට ගහන්න ඕනේ. ටෙලිෆෝන් එක බෙල්ලේ එල්ලලා හංසයාව මූණට දාගෙන හදවත පිටුපසට දාලා එකතු කරලා ලකුණක් හදාගත්ත නම් තමයි හොද.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොදයි කියපු උදවිය අද ඒක නරකයි කියනවා. මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ අතපය බැදලා. අගමැතිටත් වැඩ කරන්න විදිහක් නෑ. අපි නම් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනකොට විරුද්ධ වුණා. අත් බැදලා ජනාධිපතිටයි, අගමැතිටයි වැඩ කරන්න බෑ ඒ නිසායි අපි කියන්නේ තුනෙන් දෙකේ බහුතර බලයක් අපිට දෙන්න කියලා.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභවේ සභාපති කුමාර අරංගල්ල, නගරාධිපති නීල් ජයසේකර යන මහත්වරුද කථා කළහ.

ප්‍රදීප් අනුර කුමාර

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here