කෝටි 100ක හෙරොයින් අල කොච්චිකඩේදී අල්ලයි.

-

අල ගෙඩි ලෙස සුක්‍ෂමව සකස්කර අල කන්ටේනරයක අල අතර සගවා රැගෙන එන ලද කෝටි 100කට වැඩි වෙළදපොල වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් මිගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කන්ටේනරය පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද්දකි.

ලැබුණු තොරතුරකට අනුව කොළඹ සිට හලාවත දෙසට ගමන් කරමින් තුබූ කන්ටේනරය කොච්චිකඩේ ක්‍රීඩාංගණය අසලදී අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී අලගෝනි තුල කෘතිමව සකස්කළ අල ගෙඩි වශයෙන් මෙම හෙරොයින් තොගය සගවා තිබී ඇත.මෙම අල ගෙඩි සාමාන්‍ය අල ගෙඩි ලෙස කිසිදු සැකයක් ඇති නොවන අන්දමට සකස්කර පිටතින් පස්ද තවරා තිබුණි.
පකිස්තාන් ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී..

වීඩියෝව පහලින්..

share කරන්න අමතක කරන්න එපා..

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here