32 C
Negombo
32 C
Negombo

මැතිවරණ දිනය තීරණය කරන්නනේ කොරෝනා

-

පාර්ලිමේන්තු මහ මැතිවරණය නියමිත පරිදි අප්‍රේල් 25 දින පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙයට හේතුව කොරෝනා වෛරස් රෝගය පැතිර යාමේ අවදානම බවත් තත්වය පාලනය වන තුරු මැතිවරණයක් පැවැත්වීම ගැන සිතිය නොහැකි බවත්, ඒ මහතා පැවසුවේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ අද(19) පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.
මැතිවරණය කල් දැමූ පසුව එය යළි පැවැත්විය හැක්කේ නියමිතව තිබූ දිනයට දින 14ක් ගතවූ පසුව බවද ඒ මහතා කීය.
තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම, තැපැල් ඡන්ද පැවැත්වීම, මැතිවරණ නිලධාරීන් පුහුණු කිරීම ආදිය පිළිබඳව කොමිෂන් සභාව විසින් කාල සටහනක් සකස් කොට තිබුණි. එහෙත් කොවිඩ් – 19 වෛරසය පැතිරී යාම නිසා රජය නිවාඩු දිනයන් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් එම කාලසටහන දැන් වෙනස් වී තිබේ.මැතිවරණය පැවැත්වීමට සුදුසු යැයි සෞඛ්‍ය බලධාරීන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ කියාසිටියත් ඉහත කී කරුණු අනුව අප්‍රේල් 25 වැනිදා මැතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාවට හැකියාවක් නොමැති බවද දේශප්‍රිය මහතා සඳහන් කළේය. මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද (19) දහවල් 12ට අවසන් වූ නමුත් ප්‍රතික්ෂේප වූ නාම යෝජනා ඉවත් කොට අපේක්ෂක අංක හා ඡන්ද මධ්‍යස්ථානවල නම් ඇතුලත් ගැසට් පත්‍රය නිකුත් කිරීමට තව දින කිහිපයක් ගතවනු ඇති බවත්,  පැවසූ සභාපතිවරයා බොහෝ දුරට සඳුදා පමණ වන විට එය නිකුත් කළ හැකිවනු ඇතැයි ද කීය.

නාමයෝජනා ඇතුලත් ගැසට් පත්‍රය ප්‍රසිද්ධ කරන තෙක් මැතිවරණය කල් දැමීම ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ පනතේ විධිවිධාන අනුව නොහැකි බවත් කී දේශප්‍රිය මහතා මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු 26 වනදා ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

එසේ වුවද මැතිවරණය පැවැත්වීමේ දිනය අවසන් වශයෙන් තීරණය වන්නේ කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අනුව බවද ඒ මහතා අවධාරණය කළේය.
අද භාරගනු ලැබූ නාමයෝජනා වලින් දේශපාලන පක්ෂ ගණනාවක හා ස්වාධීන කණ්ඩායම් රාශියක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබෙන බවද, සභාපතිවරයා මාධ්‍යවේදියකුගේ ප්‍රශ්ණයකට පිළිතුරු වශයෙන් පැවසීය. මැතිවරණ කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නලින් අබේසේකර හා මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන් ඇතුළු කොමිෂමේ උසස් නිලධාරීහුද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.