32 C
Negombo
32 C
Negombo

ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාව දුෂණය කළ ඝාතකයින්ට මරණ දඬුවම

-

ඉන්දියාවේ නවදිල්ලි හිදී වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරිමේ සිද්ධියට වරදකරු වූ පුද්ගලයින් සිව් දෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

ඉන්දීය වේලාවෙන් අද(20) අළුයම 05.30ට ඔවුන් සිව් දෙනා එල්ලා මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

2012 වසරේ දී 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරිමේ සිද්ධියට පුද්ගලයින් 06 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම සැකකරුවන්ගෙන් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම කිරිමට2013 වර්ෂයේ දී   ඉන්දීය  අධිකරණය නියෝග කළේය.

ඒ අනුව 2015 වර්ෂයෙන් පසුව ඉන්දියාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වෙයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.