2019 ය මාධ්‍ය හැඳුම්පතේ වලංගු කාලය මැයි 15 දක්වා දීර්ඝ කරයි

-

2019 වර්ෂය සඳහා නිකුත් කරන ලද මාධ්‍ය හැඳුම්පතේ වලංගු කාලය මැයි 15 වන දා තෙක් දීර්ඝ කර තිබේ.

මින් පෙර එය මාර්තු 31 වන දින තෙක් වලංගු බව නිවේදනය කර තිබුණි.

උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මෙහි කාලය දීර්ඝ කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව 2020 වර්ෂය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මාධ්‍ය හැඳුණුම්පත මෙතෙක් නොලැබී ඇති එහෙත් 2019 වර්ෂය සඳහා වලංගු වන ලෙස නිකුත් කර ඇති මාධ්‍ය හැඳුම්පත් දරන මාධ්‍යවේදීන්ට සිය මාධ්‍ය කටයුතු මෙම අවස්ථාවේ දී බාධාවක් නොමැතිව සිදු කර ගැනීමට මෙම පියවර ගෙන තිබේ.

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here