කටානේ කුඩු ගබඩාවක් වටලයි -කුඩු තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් කොටුවෙයි – දෙදෙනෙක් පැනයයි

-

මහා පරිමාණ මත්ද්‍රවය ජාලයක සාමාජිකයන් බවට සැකකරන කාන්තාවන් දෙදෙනෙක් ලක්‍ෂ අටක පමණ වෙළදපොළ වටිනාකමක් ඇති හෙරොයින් ග්‍රෑම් 65 ක් සහ මිලිග්‍රෑම් 840ක් සමග කටාන පොලිසිය විසින් අද 26 දින බටහිර කලුවාරිප්පුවේදී  අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රුවන්වැල්ලේ පදිංචිකාරියක බව කියන 44 හැවරදී එක්දරු මවක් සහ නාත්තන්ඩිය  දුන්කන්නාවේ පදිංචිකාරියක බවකියන 27 හැවරදී දෙදරු මවකි.

පොලිස් සැරයන් 11284 සිල්වා නිලධාරියට ලැබුණු තොරතුරකට මිරිස්වත්ත බටහිර කලුවාරිප්පුවේ නිවසක් කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති  ඉදුනිල් ඩිලාන් රාජපක්‍ෂ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් වටලා ඇති අතර නිවසේ සිටි දෙදෙනෙකු පැනගොස් ඇත.

නිවස සහ කාන්තාවන් පොලිස් නිලධාරී විසින් පරීක්‍ෂා කිරීමේදී  ඔවුන් සන්තකයේ තිබී    හෙරොයින් ග්‍රෑම් 65 ක් සහ මිලිග්‍රෑම් 840ක්, ජංගම දුරකථන 14 ක් මත්කුඩු කිරීම සදහා භාවිතා කරන විද්‍යුත්තරාදියක් සහ නවීන මෝටර් කාර් රථයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

දැනට මාස දෙකකට පමණ පෙර මෙම නිවස කුලියට ගෙන ඇතිබවත් මොවුන් දෙදෙනා සහෝදරියන් දෙදෙනකු ලෙස පෙනිසිට ඇතිබවත් මෙතෙක් සිදුකරනලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෙම වැටලීම සදහා උපපොලිස් පරීක්‍ෂක රොෂාන් සිල්වා පොලිස් සැරයන් වරුන්වන  12284 සිල්වා  සහ 5449 ධම්මික පොලිස් කොස්තාපල්වරුන් වන 77977 දයානන්ද  පොලිස් රියදුරු 13900 චතුරංග  කාන්තා පොලිස් සැරයන් 1332 දමයන්ති සහ කාන්තා පොලිස් කොස්තාපල් 9319 යන නිලධාරින්ද සහභාගිවී ඇත.

මිගමුව කොට්ටශයේ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී

පාලිත අමරතුංග මහතාගේ අධීක්ෂණයෙන් කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති  පොලිස් පරීක්‍ෂක ඉදුනිල් ඩිලාන් රාජපක්‍ෂ මහතා විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර සැකකාරියන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here