කටානේ කුඩු ගබඩාවක් වටලයි -කුඩු තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් කොටුවෙයි – දෙදෙනෙක් පැනයයි

මහා පරිමාණ මත්ද්‍රවය ජාලයක සාමාජිකයන් බවට සැකකරන කාන්තාවන් දෙදෙනෙක් ලක්‍ෂ අටක පමණ වෙළදපොළ වටිනාකමක් ඇති හෙරොයින් ග්‍රෑම් 65 ක් සහ මිලිග්‍රෑම් 840ක් සමග කටාන පොලිසිය විසින් අද 26 දින බටහිර කලුවාරිප්පුවේදී  අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රුවන්වැල්ලේ පදිංචිකාරියක බව කියන 44 හැවරදී එක්දරු මවක් සහ නාත්තන්ඩිය  දුන්කන්නාවේ පදිංචිකාරියක බවකියන 27 හැවරදී දෙදරු මවකි.

පොලිස් සැරයන් 11284 සිල්වා නිලධාරියට ලැබුණු තොරතුරකට මිරිස්වත්ත බටහිර කලුවාරිප්පුවේ නිවසක් කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති  ඉදුනිල් ඩිලාන් රාජපක්‍ෂ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් වටලා ඇති අතර නිවසේ සිටි දෙදෙනෙකු පැනගොස් ඇත.

නිවස සහ කාන්තාවන් පොලිස් නිලධාරී විසින් පරීක්‍ෂා කිරීමේදී  ඔවුන් සන්තකයේ තිබී    හෙරොයින් ග්‍රෑම් 65 ක් සහ මිලිග්‍රෑම් 840ක්, ජංගම දුරකථන 14 ක් මත්කුඩු කිරීම සදහා භාවිතා කරන විද්‍යුත්තරාදියක් සහ නවීන මෝටර් කාර් රථයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

දැනට මාස දෙකකට පමණ පෙර මෙම නිවස කුලියට ගෙන ඇතිබවත් මොවුන් දෙදෙනා සහෝදරියන් දෙදෙනකු ලෙස පෙනිසිට ඇතිබවත් මෙතෙක් සිදුකරනලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෙම වැටලීම සදහා උපපොලිස් පරීක්‍ෂක රොෂාන් සිල්වා පොලිස් සැරයන් වරුන්වන  12284 සිල්වා  සහ 5449 ධම්මික පොලිස් කොස්තාපල්වරුන් වන 77977 දයානන්ද  පොලිස් රියදුරු 13900 චතුරංග  කාන්තා පොලිස් සැරයන් 1332 දමයන්ති සහ කාන්තා පොලිස් කොස්තාපල් 9319 යන නිලධාරින්ද සහභාගිවී ඇත.

මිගමුව කොට්ටශයේ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී

පාලිත අමරතුංග මහතාගේ අධීක්ෂණයෙන් කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති  පොලිස් පරීක්‍ෂක ඉදුනිල් ඩිලාන් රාජපක්‍ෂ මහතා විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර සැකකාරියන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img