මාර්තු 10 වෙනිදායින් පසුව ලොව කුමන රටක සිට පැමිණියත් වහාම ලියාපදිංචි වන්න – 119 හෝ 1933 දුරකථන අංකය අමතන්න

පුත්තලම-කඩයන්කුලම, බණ්ඩාරගම-අටළුගම, අකුරණ-තෙලඹුගහවත්ත යන ග්‍රාමයන් හි දී covid-19 ආසාදිතයින් හමුවීමත් සමඟ කරනු ලැබූ විමර්ශන වල දී තහවුරු වුයේ එම පුද්ගලයින් ලංකාවට විදේශයන් හි සිට පැමිණි බවත්, ඔවුන් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා ලියාපදිංචි නොමැති බවත්  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (29) COVID – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව, මාර්තු 10 වෙනිදායින් පසුව ලොව කුමන රටක හෝ සිට පැමිණියත් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා වහාම ලියාපදිංචි වන ලෙසත්, එසේ නොවුණහොත් නිරෝධායන නීතින් මෙන්ම රටේ අපරාධ නිතිය යටතේ ඉතා දැඩිව ක්‍රියාකිරීමට ශ්‍රී ලංකා පොලිසියට සිදු වන බව අජිත් රෝහණ මහතා තරයේ මහජනතාවට දැනුම් දී සිටි.

ලියාපදිංචිය සඳහා 119 හෝ ළඟම ඇති පොලිස් ස්ථානය අමතන ලෙස ද අද (29) සිට නව දුරකථන අංකයක් ද ඒ වෙනුවෙන් විවෘත වන බවත් 1933 දුරකථන අංකය අමතා තවමත් ලියාපදිංචි වී නොමැති නම් ලිපදිංචි විය හැකි බවත්, එලෙස ස්වයං නිරෝධායනයට ලක් නොවූ ඉහත කී ගම්මාන සම්පුර්ණයෙන්ම වසා තැබීමකට සිදුව ඇති බවත්, එලෙස නොකරන පුද්ගලයින්ගේ දේපොළ පොලීසිය භාරයට ගනු ලබන බවත්, එම දේපොළ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, පුද්ගලයින්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමට සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බව ද මෙහි දී දැඩිව මහජනතාවට අවධාරණය කර සිටියේය.

පුත්තලම-කඩයන්කුලම, බණ්ඩාරගම-අටළුගම, අකුරණ-තෙලඹුගහවත්ත යන ග්‍රාමයන්ට යම් යම් සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම මත නිර්ණායක පනවා ඇති බවත්, එම නිර්ණායක වලට පටහැනිව එම ගම්මාන වල පුද්ගලයින් කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහි ව ද නිරෝධායන නීතින් අනුව කටයුතු කරන බව ද මෙහි දී දැනුම් දී සිටී.

එමෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර, ජනතාව කැළඹෙන ආකාරයේ අසත්‍ය ප්‍රචාර හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසත්, එලෙස ක්‍රියාකරන්නන්ට එරෙහි ව නිතිය දැඩිව ක්‍රියාත්මක කරනු ලබන බවත් වැඩිදුරටත් මෙහි දී සඳහන් කර සිටියේය

news.lk

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img