සෙල්බි පාරේ මුදල් අයකිරීම (කප්පම් ගැනීම) අවසන්

මිගමුව නවමාලු වෙළද පොළ ඉදරිපිට සෙල්බි පාරේ නතරකර තබන  වාහනවලින් මුදල් අයකිරීම (කප්පම් ගැනීම) ජූලිමස 2 සිට නතරකල යුතුබව මිගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිවරයා විසින් එම මුදල් එකතු කිරිම සිදුකරන පුද්ගලයාට අද 01 මිගමුව පොලිසියේ රථවාහන අංශයට කැදවා දැනුම්දෙනු ලැබීය.

එලෙස දැනුම් දෙනු ලැබුවේ පුරවැසියෙකු විසින් මෙම අනීතික  මුදල් එකතුකිරිම පිළබදව මිගමුව  මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති වරයාට  සිදුකර තිබු ලිඛිත පැමිණිල්ලක් පිලිබදව සිදුකල  විමරෂණයකින් අනතුරුවය.

ජුනිමස 23 දින සිදුකල පැමිණිල්ල පිලිබදව පොලිස් ස්ථානාධිපති වරයාගේ උපදෙස් 24 දිනම විමරෂණ ආරම්භ කල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මුදල් එකතුකරන්නා සහ  පැමිණිලී කරුවන් රථවාහන  අංශයට කැදවා කරුණු විමසීමක් සිදුකරනු ලැබූ අතර එහිදී  වැල්ලවීදිය දේවස්ථානයේ පියතුමා සමග පැමිණීමට අවශ්‍ය බව මුදල් එකතු කරන්නා කරන ලද ඉල්ලීමට අනුව වැඩිදුර කරුණු විමසීම අද ජුලි මස 01 දින 9.00 ට සිදුකිරීමට තීරණය විය.

ඒ අනුව අද උදෑසන දේවස්ථානයේ පියතුමා  නොපැමිණි අතර මුදල් එකතුකරන්නා පමණක් පැමිණ සිටියේය.

මෙහිදී පැමිණිල්ලේ ප්‍රධාන තරකය වුයේ නගරසභාවට අයත් පාරක නතර කරතබන  වාහනවලින් යම් ගාස්තුවක් අයකරන්නේ නම් එසේ අයකරන පුද්ගලයාට හෝ ආයතනයට නගර සභාවෙන් ලබාගත් නිත්‍යානුකුල අවසරයක්   තිබියයුතු බවයි.

එවැනි අවසරයක් සහිත ලිපියක් ,ලේඛනයක්, ගිවිසුමක්  ඉදිරිපත් කිරීමට මුදල් එකතුකරන්නා අසමත්විය. මේ අනුව පරීක්ෂණ නිලධාරියා ලෙස කටයුතුකළ රටවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මුදල් එකතු කිරීම හෙට දින එනම් ජුලි 02 දින සිට  නතරකල යුතු බව දැනුම් දෙනලදී.

මෙම පරීක්ෂණය සදහා පැමිණ සහභාගිවන ලෙසත් එසේ නොහැකිනම් නාගරික කොමසාරිස් වරයා හෝ වගකිවයුතු නිලධාරියෙකු සහභාගී කරවන ලෙසත් අප මිගමුව මහා නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතාට ප්‍රසිද්ධ ආරාධනයක් කර තිබුනත් ඒ මහතා හෝ නගර සභාවේ නිලධාරියෙකු  පැමිණ සිටියේ නැත.

මෙවැනි මුදල් එකතු කිරීම් මෙම ස්ථානයේ නතර කරතබන වාහන වලින් මුදල් එකතුකිරිම තහනම් බව සදහන් පුවරුවක් සවිකර නතරකිරීමට නගර සභාවට හැකියාවක් ඇතත් එසේ නොකරන්නේ නගර සභාවේ කාටහෝ අනිතිකව එකතු කරන මෙම මුදල්වලින් කොටසක් ලැබෙන නිසා දැයි අපට සාධාරණ සැකයක් ඇත.

මිගමුව මහා නගර සභාවේ බලය මාලිමාවේ පාලනය…………?

 

Hot this week

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

Topics

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img