කැම්සෝ ලෝඩ්ස්ටාර් ජනාධිපති හරිත සම්මාන පහකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ අංක එකේ අපනයනකරු ලෙසින් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලත් කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය ජනාධිපති හරිත සම්මාන උළෙලේ දී සම්මාන පහක් හිමිකර ගැනුමට සමත්විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය 19 වැනි දා මෙම සම්මාන උළෙල පැවැත්විණි.

එහිදී රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රිදී සම්මාන තුනක් දිනා ගැනුමට කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය සමත් වූ අතර ලෝකඩ සම්මාන දෙකක් ද එම සමාගමට හිමිවිය.

කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනයේ කොටුගොඩ ටයර් අංගණය, කොටුගොඩ මිශ්‍රණ අංගණය, මිදිගම ටයර් අංගණය, ඒකල ප්‍රතිචක්‍රීකරණ අංගණය, ඒකල ටයර් අංගණය මෙම සම්මාන දිනාගැනුමට සමත්විය.

පරිසරය සුරැකීම සුවිශේෂී වගකීමක් ලෙස සලකන කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනයේ කැපකිරීම් අගයමින් ලැබුණු මෙම සම්මානය සිය ඉදිරි ගමනට මනා රුකුලක් බව කැම්සෝ ලෝඩ් ස්ටාර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කොන්ඩ්‍රාඩ් ප්‍රින්ජස් මහතා ප්‍රකාශ කළේය.

පසුගිය වසර කිහිපය පුරා මෙවැනි සම්මානවලින් පිදුම් ලැබීමට කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය සමත් වූ බව පැවසූ ප්‍රින්ජස් මහතා පරිසරය සුරැකීම සහ කර්මාන්තශාලා අවට ජනතාවගේ සුරක්ෂිත බව සිය ආයතනයේ සුවිශේෂී සැලකිල්ලට නිරන්තරයෙන් භාජනය වන බවත් පැවසීය.

පරිසරය සුරැකීම වෙනුවෙන් ලැබුණු මෙම ජනාධිපති සම්මාන ආයතනයේ සියලු නිලධාරීන්ගේ ඉමහත් සතුටට හේතුවක් බව කී හෙතෙම සිය ආයතනයේ නිලධාරීන් එකම කණ්ඩායමක් වශයෙන් කටයුතු කරමින් මෙම ජයග්‍රහණය දිනාගැනුමට සමත් වූ බවත් කීවේය.

කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනයේ මානව සම්පත් හා පරිපාලන විධායක අධ්‍යක්ෂ සරත් කුමාර මහතා ප්‍රකාශ කළේ පරිසරය සුරැකීමේ මෙහෙවර වෙනුවෙන් ලැබුණු මෙම ජනාධිපති සම්මාන තම සමාගම වැඩි වශයෙන් දිරිමත් කරන්නක් බවය.

නිෂ්පාදන ක්‍රියාවලියේ දී පරිසරය මෙන්ම එහි වෙසෙන ජනතාවගේ සුරක්ෂිතතාව කෙරෙහි ද සැලකිල්ලකින් කටයුතු කිරීම මෙම ජයග්‍රහණයේ රහස බව පැවසූ සරත් කුමාර මහතා කැම්සෝ ලෝඩ්ස්ටාර ආයතනය පරිසර හිතකාමී ආයතනයක් වශයෙන් හදුන්වනු ලැබීම ඉමහත් සතුටට කරුණක් බවත් පැවසීය.

එසේම අනාගතයේ දී පරිසරය සුරැකීම සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වමින් ඉදිරි ජයග්‍රහණය ලබාගනිමින් නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට සිය ආයතනය කැපවී සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රබර් ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලියෙහි නියුතු කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය පසුගිය දා පැවැති ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී මෙරට අංක එකේ අපනයනකරු ඇතුළු ජනාධිපති සම්මාන හතරකින් ද පිදුම් ලැබුවේය.

කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනයේ කර්මාන්තශාලා අධ්‍යක්ෂ අජිත් සේනානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

ජනාධිපති හරිත සම්මාන උළෙලේ දී සම්මාන පහකින් පිදුම් ලැබූ කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනයේ නිලධාරීන් එහි ප්‍රධාන විධායක නිලධාරී කොන්ඩ්‍රාඩ් ප්‍රින්ජස් මහතා සමග සමූහ ඡායාරූපයකට පෙනි සිටි   කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනයේ මානව සම්පත් හා පරිපාලන විධායක අධ්‍යක්ෂ සරත් කුමාර, කර්මාන්තශාලා අධ්‍යක්ෂ අජිත් සේනානයක මහත්වරු ඡායාරූපයේවෙති.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img