කැම්සෝ ලෝඩ්ස්ටාර් ජනාධිපති හරිත සම්මාන පහකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ අංක එකේ අපනයනකරු ලෙසින් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලත් කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය ජනාධිපති හරිත සම්මාන උළෙලේ දී සම්මාන පහක් හිමිකර ගැනුමට සමත්විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය 19 වැනි දා මෙම සම්මාන උළෙල පැවැත්විණි.

එහිදී රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රිදී සම්මාන තුනක් දිනා ගැනුමට කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය සමත් වූ අතර ලෝකඩ සම්මාන දෙකක් ද එම සමාගමට හිමිවිය.

කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනයේ කොටුගොඩ ටයර් අංගණය, කොටුගොඩ මිශ්‍රණ අංගණය, මිදිගම ටයර් අංගණය, ඒකල ප්‍රතිචක්‍රීකරණ අංගණය, ඒකල ටයර් අංගණය මෙම සම්මාන දිනාගැනුමට සමත්විය.

පරිසරය සුරැකීම සුවිශේෂී වගකීමක් ලෙස සලකන කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනයේ කැපකිරීම් අගයමින් ලැබුණු මෙම සම්මානය සිය ඉදිරි ගමනට මනා රුකුලක් බව කැම්සෝ ලෝඩ් ස්ටාර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කොන්ඩ්‍රාඩ් ප්‍රින්ජස් මහතා ප්‍රකාශ කළේය.

පසුගිය වසර කිහිපය පුරා මෙවැනි සම්මානවලින් පිදුම් ලැබීමට කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය සමත් වූ බව පැවසූ ප්‍රින්ජස් මහතා පරිසරය සුරැකීම සහ කර්මාන්තශාලා අවට ජනතාවගේ සුරක්ෂිත බව සිය ආයතනයේ සුවිශේෂී සැලකිල්ලට නිරන්තරයෙන් භාජනය වන බවත් පැවසීය.

පරිසරය සුරැකීම වෙනුවෙන් ලැබුණු මෙම ජනාධිපති සම්මාන ආයතනයේ සියලු නිලධාරීන්ගේ ඉමහත් සතුටට හේතුවක් බව කී හෙතෙම සිය ආයතනයේ නිලධාරීන් එකම කණ්ඩායමක් වශයෙන් කටයුතු කරමින් මෙම ජයග්‍රහණය දිනාගැනුමට සමත් වූ බවත් කීවේය.

කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනයේ මානව සම්පත් හා පරිපාලන විධායක අධ්‍යක්ෂ සරත් කුමාර මහතා ප්‍රකාශ කළේ පරිසරය සුරැකීමේ මෙහෙවර වෙනුවෙන් ලැබුණු මෙම ජනාධිපති සම්මාන තම සමාගම වැඩි වශයෙන් දිරිමත් කරන්නක් බවය.

නිෂ්පාදන ක්‍රියාවලියේ දී පරිසරය මෙන්ම එහි වෙසෙන ජනතාවගේ සුරක්ෂිතතාව කෙරෙහි ද සැලකිල්ලකින් කටයුතු කිරීම මෙම ජයග්‍රහණයේ රහස බව පැවසූ සරත් කුමාර මහතා කැම්සෝ ලෝඩ්ස්ටාර ආයතනය පරිසර හිතකාමී ආයතනයක් වශයෙන් හදුන්වනු ලැබීම ඉමහත් සතුටට කරුණක් බවත් පැවසීය.

එසේම අනාගතයේ දී පරිසරය සුරැකීම සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වමින් ඉදිරි ජයග්‍රහණය ලබාගනිමින් නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට සිය ආයතනය කැපවී සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රබර් ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලියෙහි නියුතු කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනය පසුගිය දා පැවැති ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී මෙරට අංක එකේ අපනයනකරු ඇතුළු ජනාධිපති සම්මාන හතරකින් ද පිදුම් ලැබුවේය.

කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනයේ කර්මාන්තශාලා අධ්‍යක්ෂ අජිත් සේනානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

ජනාධිපති හරිත සම්මාන උළෙලේ දී සම්මාන පහකින් පිදුම් ලැබූ කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනයේ නිලධාරීන් එහි ප්‍රධාන විධායක නිලධාරී කොන්ඩ්‍රාඩ් ප්‍රින්ජස් මහතා සමග සමූහ ඡායාරූපයකට පෙනි සිටි   කැම්සෝ ලෝඩ්ස්ටාර් ආයතනයේ මානව සම්පත් හා පරිපාලන විධායක අධ්‍යක්ෂ සරත් කුමාර, කර්මාන්තශාලා අධ්‍යක්ෂ අජිත් සේනානයක මහත්වරු ඡායාරූපයේවෙති.

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img