ලෝන්ලි ප්ලැනට්: ලොව සංචාරය කළ යුතු රටවල් අතර පළමු තැන ශ්‍රී ලංකාවට

ඇල්ල ප්‍රදේශයImage copyrightGETTY IMAGES
Image captionඇල්ල ප්‍රදේශය

‘ලෝන්ලි ප්ලැනට්’ (Lonely Planet) විසින් 2019 වසරේ සංචාරය කිරීමට හොඳ ම රට ලෙස ශ්‍රී ලංකාව නම් කරනු ලැබ තිබේ.

‘ලෝන්ලි ප්ලැනට්’ යනු සංචාරක මාර්ගෝපදේශ පොත් ප්‍රකාශන ආයතනයකි. එය ලොව ජනප්‍රියතම සංචාරක මග පෙන්වීම් (Tourist Guide) ප්‍රකාශකයා ලෙස සැලකේ.

සංචාරය කිරීමට හොඳම රටවල් සහ කලාප ‘ලෝන්ලි ප්ලැනට්’ විසින් වාර්ෂිකව නම් කරනු ලබයි.

Getty ImagesImage copyrightGETTY IMAGES

‘ලෝන්ලි ප්ලැනට්’ වාර්තාවේ සඳහන් පරිදි 2019 වසරේ සංචාරය කිරීමට ලොව හොඳම රටවල්

  1. ශ්‍රී ලංකාව
  2. ජර්මනිය
  3. සිම්බාබ්වේ
  4. පැනමා
  5. කිර්ගිස්තානය
  6. ජෝර්දානය
  7. ඉන්දුනීසියාව
  8. බෙලරුසියාව
  9. සාඔ ටොමේ සහ ප්‍රින්සිපේ දූපත්
  10. බේලිස්
විනෝදජනක දුම්රිය ගමන්Image copyrightGETTY IMAGES
Image captionවිනෝදජනක දුම්රිය ගමන්

අලුත් සංචාරක නිකේතන, වඩාත් හොඳ ප්‍රවාහන සබඳතා සහ ඉහළ යමින් පවතින සංචාරක ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව සංචාරය කිරීමට හොඳම රට ලෙස තෝරා ගැනීම සඳහා ‘ලෝන්ලි ප්ලැනට්’ විසින් හේතු වශයෙන් දක්වනු ලැබ ඇත.

“නිමක් නොමැති වෙරළ, විශාල ඉතිහාසයක් පුරා දිවෙන නටඹුන්, උණුසුම් පිළිගැනීම, විශාල අලි රංචු, දියමත ලිස්සා යන සර්ෆින් ක්‍රීඩාව, අඩු මිල ගණන්, විනෝදජනක දුම්රිය, ප්‍රසිද්ධ තේ සහ රසයෙන් අනූන කෑම වර්ග,” නිසා ශ්‍රී ලංකාව නොවැලක්විය හැකි සංචාරක ආකර්ශනයක් බව ‘ලෝන්ලි ප්ලැනට්’ සඳහන් කරයි.

“ශ්‍රී ලංකාවේ මිශ්‍ර ආගම් සහ සංස්කෘති, පැරණි වෙහෙර විහාර, පහසුවෙන් ළඟා විය හැකි වනජීවී කලාප, වැඩි වෙමින් පවතින සර්ෆින් දර්ශන සහ දශක ගණනාවක සිවිල් ගැටුම්වලින් පසු ඒ කිසිත් නොතකා මිත්‍රත්වයෙන් සහ උණුසුම් අයුරින් පිළිගන්නා එහි වැසියන් මේ වනවිටත් නිර්භීත සංචාරකයන්ගේ සැලකිල්ලට භාජනය වී තිබෙනවා. මෙය නැවත ප්‍රාණය ලැබූ රටක්,” යනුවෙන් ‘ලෝන්ලි ප්ලැනට්’ කර්තෘ ඊතන් ගෙල්බර් (Ethan Gelber) 2019 වසර සඳහා වන ප්‍රකාශනයේ දක්වා තිබේ.

Getty ImagesImage copyrightGETTY IMAGES

‘ලෝන්ලි ප්ලැනට්’ පවසන පරිදි ශ්‍රී ලංකාවේදී විඳගත යුතු අත්දැකීම්,

  1. තංගල්ල අවට ඉස්තරම් වෙරළ තීරය
  2. දුම්රිය ගමන් – ඇල්ල
  3. උඩවලව ජාතික උද්‍යානය
  4. පෞරාණික අනුරාධපුරය
  5. සීගිරි පර්වතයේ ඉහළට
  6. බුන්දල ජාතික උද්‍යානය
  7. ශ්‍රී පාද වන්දනාව
  8. මහනුවර සංස්කෘතික නගරය
  9. මගහැරිය නොහැකි ගාලු කොටුව
  10. අරුගම්බේ Surfing ක්‍රීඩාව
  11. සනීප ගෙනදෙන ආයුර්වේදය විඳින්න
  12. මිරිස්සේ තල්මසුන් නරඹන්න
  13. නිලාවේලිහිදී නැගෙනහිර නැවුම් වෙරළ තීරය
  14. ශ්‍රී ලාංකික ආහාර
  15. හෝර්ටන් තැන්න සහ ලෝකාන්තය
  16. හපුතලේ තේ වගාව
  17. යාපනය සහ දූපත්
  18. කොළඹ කෞතුකාගාරයේ යටත් විජිත යුගය
  19. පොළොන්නරුවේ ආශ්චර්ය සම්පන්න ප්‍රතිමා
  20. කොළඹ වෙළෙඳ සංකීර්ණ
Getty ImagesImage copyrightGETTY IMAGES

‘ලෝන්ලි ප්ලැනට්’ පවසන පරිදි ශ්‍රී ලංකාවේදී නැරඹිය යුතු ස්ථාන

  1. ගල්විහාරය – පොලොන්නරුව
  2. අභයගිරි දාගැබ – අනුරාධපුරය
  3. වටදාගෙය – පොලොන්නරුව
  4. ලෝකාන්තය – හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය
  5. බුදුරුවගල – වැල්ලවාය
  6. මුල්කිරිගල ගල් විහාර – තංගල්ල සහ ඒ අවට
  7. කන්දසාමි කෝවිල – ත්‍රිකුණාමලය
  8. උඩවලවේ ජාතික උද්‍යානය – උඩවලව

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය

වසර තිහකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය අවසන් වීමත් සමග ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

කියවන්න:

2009 වසරේදී සංචාරකයන් 447,890 ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර 2017 වසර වන විට එම සංඛ්‍යාව 2.116,407 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වර්තාවක දැක්වේ.

BBC

ඉහත කී වාර්තාවට අනුව සංචාරකයෙකු දිනකට වැය කරන මුදල ද ඉහළ ගොස් තිබේ. (ඇමරිකානු ඩොලර්)

BBC

යුද්ධය අවසන් වීමත් සමග යාපනය ඇතුළු උතුරු නැගෙනහිර පළාත් ඔස්සේ වැටී ඇති දුම්රිය සේවා යළි බල ගැන්වීම මෙන්ම අලුතින් ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ග පද්ධතිය ද සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා බලපා ඇත.

නිල් තල්මසුන් නිරීක්ෂණය සහ මධ්‍යම කඳුකරය හරහා වැටී ඇති දුම්රිය ගමන් ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව ඇත.

කෙසේ නමුත් සංචාරක කර්මාන්තයට අයහපත් අයුරින් බලපෑ හැකි සිදුවීම් ද පසුගිය කාලය තුළ වාර්තා විය.

Pidurangala

සංචාරකයන්ට සහ හෝටල් හිමියන්ට අඩන්තේට්ටම් කරමින් ප්‍රාදේශීය දේශපාලකයන්ගේ අනුග්‍රහය ඇතිව දකුණු මුහුදු තීරයේ ක්‍රියාත්මක වන මාෆියා කල්ලිවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන මෙන් ශ්‍රී ලංකා හෝටල්හිමියන්ගේ සංගමය පසුගිය අප්‍රේල් මාසයේදී බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළහ.

එමෙන්ම සංචාරකයන්ගේ නිදහසට බලපෑම් එල්ල විය හැකි ආකාරයේ ඇඳුම් හා සම්බන්ධ නීති පැනවීම පිළිබඳ පොලීසය පසුගියදා විවේචනයට ලක්ව තිබිණි

BBCSINHALA

Hot this week

කෝටි 22 ක් වියදම්කල මිගමුව බස් නැවතුම්පොළ කඩාවැටේ ……….

අපවෙත ඇති  තොරතුරුවලට  අනුව මිගමුව බස්නැවතුම්පොළ ඉදිකිරිම සදහා මිලියන...

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

Topics

කෝටි 22 ක් වියදම්කල මිගමුව බස් නැවතුම්පොළ කඩාවැටේ ……….

අපවෙත ඇති  තොරතුරුවලට  අනුව මිගමුව බස්නැවතුම්පොළ ඉදිකිරිම සදහා මිලියන...

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img