31 C
Negombo
31 C
Negombo

ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබද ස්වාධින මණ්ඩලයක් අවශ්‍යද ?

-

ප්‍රවෘති මාධ්‍ය තත්ත්ව පිළිබද ස්වාධින මණ්ඩල පනත්  කෙටුම්පත පිලිබදව ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද  ජාතික  ලේකම් කාර්යාලය විසින් සංවිධානය කල සම්මන්ත්‍රණයක් පසුගිය සෙනසුරාදා (24 )දින මිගමුව තම්මිට කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ලොව පිළිගත් විද්වතෙක් වන විජයානන්ද ජයවීර මහතා විසින් කෙටුම් පත්කර ඇති පනත් කෙටුම පත පිලිබදව මහජන  අදහස් විමසීමට මෙම කතිකාවත පැවැත්විණි . මෙම සම්මන්ත්‍රනයේ සම්පත් දායකයන් ලෙස ආචාර්්‍ය මධුභාෂිණී ගලගෙදරගේ ,සත්හඩ පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ  දීප්ති ගුණරත්න ,ආචාර්්‍ය ප්‍රදීප් එන් වීරසිංහ සහභාගී විය.

විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරමින් සමාජ ක්‍රියාකාරීන්   පිරිසක්  මෙම අවස්ථාවට සහබාගිවීසිටි අතර   ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගත කරණය පිළිබද  ජාතික  ලේකම් කාර්යාලය විසින් මෙම සංවාදය මිපුර කතිකාවත ලෙස නම් කර තිබුණි.

මෙම පනත් කෙටුම්පත පිලිබදව ඔබගේ සංශෝධන හෝ නව යෝජනා  ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද  ජාතික  ලේකම් කාර්යාලය වෙත ලිඛිතව දැනුම් දීමට හැකියාව ඇත.

වැඩිදුර තොරතුරු පහත දිගුව බලන්න.

ජනමාධ්‍ය සහ ග්‍රාහක අයිතීන් පිළිබද මිපුර කතිකාව

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.