විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප‍්‍රදානය ජනපති ප‍්‍රධානත්වයෙන් 

යුද, නාවික හා ගුවන් හමුදාවන්ට අයත් නිත්‍ය බලසේනාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටුකරන ලද සුවිශේෂී වූ විශිෂ්ට සේවයට උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප‍්‍රදානය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂි ප‍්‍රදානයක් වන අතර එය හුදෙක් යුද හමුදාවේ ලූතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරින් වෙත සහ නාවික හා ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන වසර 25 ක අඛණ්ඩ සේවා කාලයක් සහ විශිෂ්ට සේවා ඉතිහාසයක් ඇති නිලධාරින් වෙත පමණක් ප‍්‍රදානය කරනු ලබන පදක්කමකි.

ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව දිවිපිඳු රණවිිරුවන්ට ගෞරව පිණිස විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකින් පසු පදක්කම් ප‍්‍රදානය ආරම්භ කරන ලදී.

ත‍්‍රිවිධ හමුදාවන්වල සේවයේ යෙදී සිටින සහ විශ‍්‍රාමික නිලධාරීන් පනස් දෙනෙකු මෙහිදී ජනාධිපතිතුමා අතින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ලැබූහ.

ප‍්‍රථමයෙන් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන්ට ජනාධිපතිතුමා අතින් පදක්කම් ප‍්‍රදානය කෙරිණි.

ඉන් අනතුරුව සෙසු නිලධාරින් වෙත පදක්කම් ප‍්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

පදක්කම් ප‍්‍රදානයෙන් අනතුරුව පදක්කම් සමග පිරිස සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

NEWSLK https://sinhala.news.lk/news/world-2/item/29004-2018-05-19-11-49-25

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img