ඕනෑවට වඩා පරිගණක සහ රූපවාහිනී තිර දෙස බලා සිටීමෙන් ‘මරණය ඉක්මන් වේවි’

ඕනෑවට වඩා පරිගණක හෝ රූපවාහිනී තිර දෙස බලා සිටීමෙන් පිළිකා රෝග සහ හෘද රෝග ඇතිවීමට ඉඩ ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

බ්‍රිතාන්‍යයේ වෙසෙන 390,089 දෙනෙකු යොදා ගෙන ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද එම අධ්‍යයනයේදී එම පිරිස විවේක කාලයේ දී කෙතරම් වේලාවක් රූපවාහිනී හෝ පරිගණක තිර දෙස බලා සිටින්නේ ද යන්න නිරීක්ෂණය කරන ලදි.

රූපවාහිනී හෝ පරිගණක තිර දෙස බලා සිටීමෙන් රෝගී තත්වයට පත් වීම, අඩු ශරීර ශක්තියක් ඇති පුද්ගලයන් රෝගී බවට පත්වීමේ අවදානම මෙන් දෙගුණයක් පමණ යයි එහිදී හෙළි වූ බව පර්යේෂකයෝ පවසති.

විවේක කාලය තුළ එක ස්ථානයක සිට ඩිජිටල් තිරයක් දෙස බලා සිටීමෙන් ශරීරයට අවශ්‍ය ව්‍යායාම ලැබෙන්නේ නැත. මේ හේතුවෙන් හෘද රෝග වැළඳීමේ දැඩි අවදානමක් ඇති අතර, එය පුද්ගලයෙකුගේ මරණය ඉක්මන් කිරීමට ද හේතු විය හැකිය.

“අපේ අධ්‍යයනය අනුව ශාරීරික අභ්‍යාසවල ඉතා අඩුවෙන් නියැලෙන පුද්ගලයන් සහ අඩු ශරීර ශක්තියක් ඇති පුද්ගලයන් රූපවාහිනී හෝ පරිගණක තිර දෙස බලා සිටීමෙන් රෝගී තත්වයට පත් වීමේ දැඩි අවදානමක් තිබෙනවා. නමුත් මෙම අවදානම හැමෝටම එක වගේ බලපාන්නේ නැහැ,” යනුවෙන් අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයෙකු වන මහාචාර්ය ජේසන් ගිල් පැවසීය.

‘සෞඛ්‍ය ගැන සිතන්න’

වැඩි කාලයක් තිර දෙස බලා සිටීම “මරණය ඉක්මන් වීමට” හේතුවක් වන අතර හදවත් රෝග සහ පිළිකා ඇති වීමේ දැඩි අවදානමක් ඇති කරයි.

ශාරීරික අභ්‍යාස, ශක්තිය, දුම්පානය, ආහාර රටාව, සමාජීය සහ ආර්ථික තත්වය ඇතුළු වෙනත් සමාන කරුණුවලින් ස්වාධීනව මෙම අධ්‍යයනය පවත්වා තිබේ.

සිය අධ්‍යයනය පිළිබඳ තොරතුරු පර්යේෂකයන් විසින් ‘බීඑම්සී මෙඩිසින්’ (BMC Medicine) සඟරාවේ පළ කර තිබේ

bbcsinhala

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img