ඕස්ට්‍රේලියාවෙන් ඩෙංගු උණ පැතිරීම වළකන මදුරුවන් විශේෂයක්

පළමු වතාවට සමස්ත නගරයක්ම ඩෙංගු වසංගතයෙන් ආරක්ෂා කරගත් බව ඕස්ට්‍රේලියානු පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

ඩෙංගු බෝ කිරීමට අවහිර කරන වොල්බැකියා (Wolbachia) බැක්ටීරියාව සහිතව විශේෂයෙන් බෝකරවන ලද මදුරුවන් ටවුන්ස්විල් (Townsville) නගරයේ මුදාහරින ලද අතර ඔවුන් එහි සිටින මදුරුවන් වෙත එම බැක්ටීරියාව පතුරුවයි

මේ නිසා 2014 වසරේ සිට ටවුන්ස්විල් ‘ඩෙංගු රහිත’ නගරයක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය මර්දනය කිරීම පිණිස ඕස්ට්‍රේලියාවේ සොයාගෙන තිබෙන ‘නව බැක්ටීරියාව’ යොදා ගැනීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත් සේනාරත්න ද මේ වසර මුලදී පවසා තිබුණි.

තමන්ගේ මෙම ක්‍රමවේදය තුළින් මදුරුවන් මගින් බෝවන සීකා සහ මැලේරියාව ද වළක්වා ගත හැකි බව මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ විශ්වාස කරති.

“මේ වසංගත අඩු කරන්න අපිට කිසිවක් නැහැ. ඒවා එන්න එන්නම නරක අතට යනවා,” ලෝක මදුරු වැඩසටහනේ අධ්‍යක්ෂ ස්කොට් ඔනිල් (Scott O’Neill) පැවසූ බව ගාර්ඩියන් පුවත්පත ගෙනහැර දක්වයි.

“මම හිතනවා සැළකිය යුතු බලපෑමක් කළ හැකි යමක් මෙහි තියනවා කියල. ඒ වගේම, මෙය ඉතා ඉහළ බලාපොරොත්තු දල්වන මුල්ම ඇඟවීම කළ අධ්‍යනයයි.”

දැනට මෙම වැඩසටහන රටවල් 11 ක ක්‍රියාත්මක අතර වොල්බැකියා මදුරුවන් ලොව පුරා විශාල සහ දුප්පත් කලාපවල මුදාහැරීමට අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමේ දීර්ඝකාලීන ක්‍රමවේදයක් ලෙස, ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ නියමු ව්‍යාපෘතියක් වශයෙන්, වොල්බැකියා බැක්ටීරියාව සහිත මදුරුවන් යොදාගැනීමේ ව්‍යාපෘතියක් කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය 2018 ජනවාරි 11 වෙනිදා අනුමැතිය ලබාදී තිබේ.

සංඛ්‍යා ලේඛනවලට අනුව, 2017 වසරේ ඩෙංගු රෝගීන් 1,85,000 ක්‌ පමණ ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති අතර එයින් පුද්ගලයන් 400 කට අධික පිරිසක්‌ මිය ගොස් තිබේ.

මේ අතර ඩෙංගු මදුරු කීටයින් ආහාරයට ගන්නා ශාක භක්ෂක මදුරුවෙකු පරිසරයට මුදාහැරීමෙන් ඩෙංගු මදුරුවන් පාලනය කිරීම අත්හදා බැලීමේ ශ්‍රී ලාංකික පරීක්ෂණයක් සම්බන්ධයෙන් ද පසුගිය වසරේ වාර්තා විය.

අත්හදා බැලීමක් වශයෙන් සිදු කෙරෙන මෙම පරීක්ෂණය පිළිබඳ අදහස් දක්වමින් “මේක වසංගත තත්වයකට ගත හැකි විසඳුමක් නෙවෙයි, මේක දීර්ඝ කාලීන විසඳුමක් ලෙස මදුරු කීටයන් විනාශ කරන්න යොදාගන්න පුළුවන් දෙයක්, මොකද මදුරු මර්දනයේදී මේ මදුරුවත් විනාශ වෙනවා” යනුවෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙනුවෙන් මෙම පරීක්ෂණයට මූලිකවී කටයුතු කරන පරපෝෂිතවේදී සහ කීට විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ 2017 වසරේදී බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළාය.

BBCSINHALA

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img