ඇමරිකාව අකර්මන්‍ය වෙයි

වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය කටයුතු සිකුරාදා (19) රාත්‍රීයේ සිට අකර්මන්‍ය වී තිබේ. රජයේ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතට සෙනට් සභාවේ අනුමැතිය හිමි නොවීම එලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ කටයුතු අකර්මන්‍ය වීමට හේතු වී තිබේ. 

පනත් කෙටුම්පත සම්මත නොවීම හේතුවෙන් රජය විසින් රාජ්‍ය කටයුතු පවත්වාගෙන යෑම සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම නවතා දමනු ලැබ තිබේ.

පෙබරවාරි 16 වැනිදා රජයේ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරන පනත් කෙටුම්පත සම්මත වීම සඳහා අවශ්‍ය ඡන්ද 60 නොලැබීම මෙලෙස රජයේ කටයුතු අකර්මන්‍ය වීමට හේතු විය. 

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිධුරයේ දිවුරුම් දී වසරක් පිරෙන අවස්ථාවේදී රජයේ කටයුතු මෙලෙස අකර්මන්‍ය වීම විදෙස් මාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට පත්විය.

රිපබ්ලිකන් පක්ෂය ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් සභාව සහ ධවල මන්දිරය යන දෙකේම පාලනය හොබවන අවස්ථාවකදී මෙලෙස රජයේ කටයුතු අකර්මන්‍ය වූ පළමු අවස්ථාව මෙයයි.

තමන්ගේ ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් ඩිමොක්‍රටික් පක්ෂය ජනතාව ඇපයට තබා ඇතැයි රිපබ්ලිකන් පක්ෂය ඩිමොක්‍රටික් පක්ෂයට චෝදනා කරයි. 

“ඩිමොක්‍රටික් පක්ෂය අපගේ ජාතික ආරක්ෂාව, හමුදා පවුල්, අවශ්‍යතා ඇති දරුවන් මෙන්ම ඇමෙරිකානු ජනතාවට සේවය කිරීමට තිබෙන හැකියාව අවදානමට ලක් කරලා. ඔවුන් ජනතාව ඇපයට තබාගෙන” යැයි  ධවල මන්දිර ප්‍රකාශික සාරා සැන්ඩර්ස් චෝදනා කළාය.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවේ ද්විපක්ෂ එකඟතාවලට අනුකූල නොවෙමින් ඊට පරස්පර ලෙස කටයුතු කළ බවට සෙනට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂ නායක චක් ෂූමර් චෝදනා කළේය. 

රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය අතර ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් බෙදීම් ඇති වීම හේතුවෙන් රජයේ කටයුතුවල මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරෙන නව අයවැය සම්මත නොවීය. පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව ඡන්ද කොතරම් ලැබුණේ ද යන්න වාර්තා නොවීය.

පනත් කෙටුම්පත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඡන්ද 230ට 197ක් ලෙසින් සම්මත වුවද සෙනට් සභාවේ දී අවමය වන 50ට 49 ලෙසින් හෝ සම්මත නොවීය.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img