ට්‍රම්ප් සදාචාරමය ලෙස ජනපති පදවියට සුදුසු නැහැ-FBI හිටපු ප්‍රධානියා

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියක් දැරීම සඳහා “සදාචාරමය වශයෙන් සුදුස්සකු නොවන” බව ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) හිටපු ප්‍රධානියා පවසයි.

ජනාධිපති ට්‍රම්ප් කාන්තාවන් සලකන්නේ “මස් කැබැල්ලක” මට්ටමින් බවත් ජේම්ස් කොමී (James Comey) සඳහන් කර ඇත.

ජේම්ස් කොමී, ඉහත කී ප්‍රකාශය කර තිබෙන්නේ ජනාධිපති ට්‍රම්ප් විසින් ඔහු පසුගිය වසරේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) නායකත්වයෙන් ඉවත් කරනු ලැබීමෙන් අනතුරුව සහභාගී වූ පළමු ප්‍රධාන පෙළේ රූපවාහිනී සාකච්ඡාවකදීය.

ABC News මාධ්‍ය ජාලයට අදහස් දැක්වූ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) හිටපු ප්‍රධානියා ” ජනාධිපති ට්‍රම්ප් දිගින් දිගටම බොරු කියන අතර, යුක්තියට අවහිර කර තිබෙනු විය හැකි” බවත් කියා සිටියේය.

ඔහුගේ රූපවාහිනී සාකච්ඡාව විකාශනය කරනු ලැබීමට පැය කීපයකට පෙර ප්‍රකාශයක් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “බොහෝ බොරු කියන” බවට ජේම්ස් කොමීට චෝදනා කළේය.

ජේම්ස් කොමී FBI ප්‍රධානියා ලෙස ජනාධිපති ඔබාමා ඉදිරියේ දිව්රුම් දුන් අවස්ථාවේImage copyrightREUTERS
Image captionජේම්ස් කොමී FBI ප්‍රධානියා ලෙස ජනාධිපති ඔබාමා ඉදිරියේ දිව්රුම් දුන් අවස්ථාවේ

ඇමෙරිකාවේ වේලාවෙන් ඉරිදා රාත්‍රියේ (අප්‍රියෙල් 15) ABC මාධ්‍ය ජාලයේ 20/20 වැඩසටහනට සහභාගී වෙමින් අදහස් දැක්වූ ජේම්ස් කොමී, ජනාධිපති ට්‍රම්ප් පිළිබඳව සඳහන් කරමින් “ඔහු භින්නෝන්මාදයේ (dementia) පළමු අවස්ථාවේ හෝ එසේ නැත්නම් මානසික අශක්නුතාවයෙන් පෙළෙන්නේ යයි තමා නොසලකන” බව සඳහන් කළේය.

“ජනාධිපති පදවිය දැරීම සඳහා මානසික මට්ටමින් නුසුදුසු තත්වයක ඔහු සිටිනවා කියල මම හිතන්නේ නැහැ. ඒත් ඔහු ජනාධිපති පදවිය දැරීමට සදාචාරමය මට්ටමින් නුසුදුසුය කියල මම හිතනවා” ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ හිටපු ප්‍රධානියා වන ජේම්ස් කොමී කියා සිටී.

“අපේ ජනාධිපතිවරයා ගෞරවාන්විත එසේම අපේ රටේ සාරධර්ම සමඟ බැඳුන පුද්ගලයෙක් විය යුතුයි. ඉතාම වැදගත් දේ තමයි ඇත්ත කීම. මේ ජනාධිපතිතුමා ඒකට අසමත්” ජේම්ස් කොමී පවසයි.

ඔහුගේ අදහස් ඇතුළත් රූපවාහිනී සාකච්ඡාව විකාශනය කරනු ලැබීමෙන් පසුව ජනාධිපති ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ ජාතික කමිටුව ප්‍රකාශයක් නිකුත් කරමින් “ජේම්ස් කොමී ඔහුගේ අලුත්ම පොත අලෙවි කර ගැනීමේ ප්‍රචාරක චාරිකාවක නිරත වෙමින් සිටින” බවට චෝදනා කළේය.

“වැරදි මෙහෙයුම පිළිබඳ ඔහුගේ ඉතිහාසයටත් වඩා නරකම දෙය පොත් විකුණා ගැනීමේ චේතනාවෙන් ඕනෑම දෙයක් කීමට ඔහු තුළ ඇති අභිලාෂයයි” යනුවෙන් රිපබ්ලිකන් පක්ෂයේ ජාතික කමිටුව ජේම්ස් කොමීට ප්‍රතිචාරය දක්වමින් නිකුත් කරන ලද එම ප්‍රකාශනයේ දැක්වේ.

ජේම්ස් කොමී ඔහුගේ අළුත්ම පොත අලෙවි කර ගැනීමේ ප්‍රචාරක චාරිකාවක නිරත වෙමින් සිටින බවට රිපබ්ලිකන් පක්ෂය චෝදනා කරයිImage copyrightREUTERS
Image captionජේම්ස් කොමී ඔහුගේ අලුත්ම පොත අලෙවි කර ගැනීමේ ප්‍රචාරක චාරිකාවක නිරත වෙමින් සිටින බවට රිපබ්ලිකන් පක්ෂය චෝදනා කරයි

සිය මතක සටහන් පදනම් කරමින් ජේම්ස් කොමී විසින් අලුතින්ම ප්‍රකාශයට පත් කරන ලද කෘතිය නම් කරනු ලැබ තිබෙන්නේ “උසස් අවනතභාවය; සත්‍යය,බොරු සහ නායකත්වය” (A Higher Loyalty: Truth, Lies and Leadership” යනුවෙනි.

ජනාධිපති ට්‍රම්ප් සහ ජේම්ස් කොමී අතර පවතින දිගුකාලීන අරෝවේ අලුත්ම ප්‍රකාශනය එම කෘතිය ය.

නරක අදහස් ඇතුළත් එම කෘතිය මගින් “විශාල ප්‍රශ්න”මතු කරන බව පවසන ඩොනල්ඩ් ට්‍රම්ප්, ජේම්ස් කොමී සිරගත කළ යුතුව ඇතැයි යෝජනා කර ඇත.

ජනාධිපති ට්‍රම්ප් විසින් ජේම්ස් කොමී ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කරන ලද්දේ පසුගිය වසරේ මැයි මාසයේය.

ජේම්ස් කොමී නගන සියලු චෝදනා ජනාධිපති ට්‍රම්ප් විසින් බැහැර කරනු ලැබ ඇත.

ජේම්ස් කොමී අධම පිළිකුල් සහගත තැනැත්තකු ලෙස ජනාධිපති ට්‍රම්ප් විසින් විග්‍රහ කරනු ලැබ ඇත.

BBC SINHALA

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img