උතුරු කොරියාව න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් අත්හිටුවයි

තමන් විසින් සියලුම මිසයිල අත්හදාබැලීම් අත්හිටුවනු ලද බව පවසන උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්, න්‍යෂ්ටික පර්යේෂණ ස්ථානයක් වසා දමනු ඇති බව කියා සිටියේය.

“අප්‍රේල් 21 වෙනිදා සිට උතුරු කොරියාව න්‍යෂ්ටික සහ අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල අත්හදාබැලීම් නතර කරනු ඇති” උතුරු කොරියාවේ රජයේ පුවත් ඒජන්සිය නිවේදනය කළේය.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික හැකියාව නිවැරදි ලෙස පරීක්ෂාවට ලක් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂා කර බැලීම අනවශ්‍ය බව කිම් ජෝන්ග් අන් වැඩි දුරටත් සඳහන් කරයි.

මිසයිල අත්හදාබැලීම් පිළිබඳ ඉහත කී නිවේදනය ප්‍රකාශයට පත් කෙරුනේ උතුරු කොරියාව සිය අසල්වැසි දකුණු කොරියාව සමග පැවැත්වීමට නියමිත ඓතිහාසික සාකච්ඡා සඳහා සුදානම් වෙමින් සිටින අතරතුරදීය.

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් සහ දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ-ඉන් ලබන සතියේ හමුවීමට නියමිතය.

උතුරු කොරියානු නායකයෙකු සහ දකුණු කොරියානු ජනාධිපතිවරයෙකු මෙසේ හමුවන්නේ දශකයකට අධික කාලයකට පසුවය.

එමෙන්ම නායක කිම් ජොන්ග් අන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ද ජුනි මස වනවිට හමුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

න්‍යෂ්ටික අවි අත්හැර දැමීම සඳහා ඇමරිකාව සහ දකුණු කොරියාව උතුරු කොරියාවට බල කරන අතර අලුතින් ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දෙරට සාධනීය ප්‍රතිචාරයක් දක්වා තිබේ.

“උතුරු කොරියාවට සහ ලෝකයට මෙය ඉතාමත් හොඳ පුවතක් – විශාල ප්‍රගතියක්” යනුවෙන් ඉහත කී නිවේදනයෙන් පසු ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක සඳහන් කළේය.

“න්‍යෂ්ටික අවි අත්හැරීමෙන් පසු උතුරු කොරියාවට පැහැබර මගක් පවතින බව” ජනාධිපති ට්‍රම්ප් බ්‍රහස්පතින්දා පැවසීය.

උතුරු කොරියාව ගත් නවතම පියවර දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු විසින් හඳුන්වනු ලැබ ඇත්තේ “අර්ථවත් ප්‍රගතියක්” ලෙසය.එම පියවර දෙරටේ නායකයන් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා සඳහා ද සාධනීය බලපෑමක් කරනු ඇති බව ඉහත කී ප්‍රකාශකයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

උතුරු කොරියාවේ ප්‍රධානතම මිත්‍ර පාර්ශ්වය වන චීනය විසින් ද ඉහත කී පියවර පිළිගනු ලැබ ඇත.

උතුරු කොරියාව න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් අත්හිටුවයිImage copyrightGETTY IMAGES

ජාත්‍යන්තර ප්‍රජාව පුදුමයට පත් කරමින් සෘජු සාකච්ඡාවක් සඳහා උතුරු කොරියාව පසුගිය මාසයේදී කළ ආරාධනය ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පිළිගත්තේය.

ජුනි මාසය ආරම්භයේ දී හෝ “ඊට ටික කලකට පෙර” සාකච්ඡා පැවැත්වෙනු ඇති බව ජනපති ට්‍රම්ප් පැවසීය.

සාකච්ඡා පැවැත්වීම සඳහා ස්ථාන කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.

උතුරු සහ දකුණු කොරියානු රටවල් දෙක අතර පිහිටි යුද මුක්ත කලාපයේ හෝ, වෙනත් ආසියානු රටක හෝ මධ්‍යස්ථ යුරෝපා රටකදී එම හමුව පැවැත්වෙනු ඇති බවට ප්‍රවීණයෝ මත පල කරති.

BBC SINHALA

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img