ගලපිට මඩ කඩිගමුව ශ්රී රත්නාරාම පුරාණ විහාරයේ අයිතිය බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කල යටිහෙන සද්ධාලෝක හිමි නොහොත් හේරත් මුදියසේලගේ කරුණාරත්න නොහොත් යක්ගහ හේවගේ බණ්ඩාර යනනම්වලින් පෙනීසිටින චීවර ධාරියා අමු ගිහියෙක් බව නායක හිමිවරුන් විසින් තීරණය කර ඇතිබව වාර්තාවේ.
යටිහෙන සද්ධාලෝක හිමි නැමැත්තාගේ අකටයුතුකම පිලිබදව රත්නාරාම පුරාණ විහාරයේ වැඩවසන බස්නාගොඩ ධම්මාලෝක හිමියන් කල පැමිණිලක් සම්බන්ධයෙන් දෙසැම්බර් මස 6 වන දින මහනුවරදී පරීක්ෂණයක් පැවති අතර යටිහෙන සද්ධාලෝක හිමි යනඅය හලාවත කුඩාවැව ගල් අමුණ විහාරස්ථානයේ වාසය කරන කාලයේදී සිදුකල විනය විරෝධී ක්රියා සම්බන්ධයෙන් මහාවිහාරයේ නියමය පරිදි බිංගිරියේ දේවගිරි රජමහා විහාරාධිපති මලගනේ ශ්රී අත්ථදස්සී නායක හිමියන් විසින් පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාවද මේම තීරණයෙදී අවදානයට යොමුවී ඇතිබවද දැනගන්නට ඇත.
සබැදි පුවත් https://negombotoday.lk/නඩත්තු-ගෙවන-නිධන්-හාරන-සම/