මන්ත්‍රීවරු 50 ක් එකතුවූ අලුත් දේශපාලන ව්‍යාපාරයක් …….

-

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා  සහ දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිසගේ සහභාගීත්වයෙන් ආරම්භ කිරීමට නියමිත නව දේශපාලන ව්‍යාපාරයේ නිල කාර්යාලය ඉදිරි සතියේ රාජගිරිය ප්‍රදේශයේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කරමින් පවතින බව වර්තාවේ
විවිධ දේශපාලන පක්ෂ මෙම නව වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට දැඩි උනන්දුවක් දක්වමින් ඇති බව දක්නට ඇත
ලන්සා සහ අනුර යාපාට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සහයෝගය දෙන පිරිස අතරින් මේ පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නේ අමරවීර,ලසන්ත සහ දුමින්ද මන්ත්‍රීවරුන්ය
දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් 69කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර නව වැඩපිළිවෙළ සඳහා මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් එකතු වී තිබේ
මෙම කණ්ඩායමේ බලාපොරොත්තුව එම සංඛ්‍යාව 50ක් දක්වා වැඩිකර ඉදිරි දේශපාලන කටයුතු ආරම්භ කිරීමටය.
මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයේ දී විමල්,උදය,ලන්සා,මධුර ඇතුළු මන්ත්‍රී පිරිසක් සහ ඇමති නලින් සුහද කතාබහක නිරත වෙමින් සිටියේ කෝපි කෝප්පයක රස බලමිනි..
මේ අතරවාරයේදී ද නව දේශපාලන ව්‍යාපාරය පිළිබඳව මන්ත්‍රීවරුන් ලංසා ගෙන් විමසූහ
“ඔයා අලුත් වැඩේ ගැන මේ දවස්වල මන්ත්‍රීවරුන්ට කතා කර කර යනවා කියලා මටත් කීප දෙනෙක්ම කිව්වා” විමල් ලන්සා දෙස බලමින් කීවේය
“ඔව් ඔව් මම කතා කරනවා හැබැයි ඔබතුමා පක්ෂ නායකයෙක් නේ මම ඉතින් ජනාධිපති අගමැති සිහින වල ඉන්න අයට නං කතා කරන්නේ නැහැ ” ලංසා සිනාසෙමින් කීවේය
“කවුද කියන්නේ මම ජනාධිපති අගමැති සිහින වල ඉන්නවා කියලා, අනේ මට නං එහෙම නෑ.ඔයා කියන විදියට දැන් කවුද ඒ සිහිනවල ඉන්නේ”විමල් කුතුහලයක් දෙමින් ලංසා ගෙන් විමසීය
ලන්සා කියන එම මන්ත්‍රී ලැයිස්තුව දැනගැනීමට ඒ සමග සිටි සෙසු මන්ත්‍රීවරුන් ද විමසිල්ලෙන් බලා සිටියහ
“ඉතිං දන්නේ නැද්ද ඒ අය කවුද කියලා විජයදාස රාජපක්ෂ,රොෂාන් රණසිංහ,දයාසිරි ජයසේකර “වගේ කට්ටිය තමයි ඉතින් ඔය වගේ සිහින වල ඉන්නේ යැයි ලංසා කීවේ මන්ත්‍රී පිරිස දෙසට එන රොෂාන් රණසිංහ ඇමතිවරයා දෙසද බලමිනි
“කට්ටිය ලන්සගේ අලුත් වැඩේ ගැන කතා කරනවා වගේ”රොෂාන් කීවේය
“නෑ නෑ අපි මේ කතා කර කර හිටියේ ඔබතුමා වගේ ජනපති-අගමැති සිහිනවල ඉන්න අය ගැන”ලංසා කිව්වේ රොෂාන් ඇමතිවරයා දෙස බලා සිනා සෙමිනි
“ඔව් ඉතින් ඒකෙ වරදක් නෑ නේ අපිත් 2040 හරි ඒ සිහින වලට යන්න ඕනෑනෙ”නේද ඇමතිතුමා යැයි රොෂාන් කීවේ නලින් ඇමතිවරයාගේ පිටට තට්ටුවක් ද දමමිනි
මේ අතර පසුගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයකම ආසන බල මණ්ඩල පිහිටුවීම පැවැතුණි
මේ සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද සහභාගි වී සිටියේය
මේ අතරවාරයේදී ද ලංසාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරෙන නව දේශපාලන ව්‍යාපාරය පිළිබඳව ඇතැම් මන්ත්‍රීවරුන් කසු කුසු ගාන්නට වූහ.
එම අවස්ථාවේ දී ඉන්දික සහ සරණ ගුණවර්ධන මේ ගැන කියමින් ලන්සාගේ පලු අරින්නට වූහ
එහෙත් සෙසු මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මේ පිළිබඳව කිසිවක් කතා නොකර සිටීම ද විශේෂත්වයකි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here