කටාන සමුපකාර සංගමයේ නිලධාරීන්ට බරපතල චෝදනා

26 වන ඉරිදා පැවති කටාන විවිධසේවා සමුපකාර සමිති සංගමයේ මහාසභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්බව වාර්තාවේ.

කෝටිගණනින් මුදල් ඇති පදනමකින් කරනලද උත්සවයකට සමුපකාර සංගමයේ මුදල් ලක්ෂ දෙකක් වැයකර පාපැදි 10 ක් ලබාදීම  මෙහිදී දැඩිලෙස විවේචනයට ලක්වී ඇති අතර මෙය මියැදෙන්නට වැටිසිටින රෝගියෙකුගෙන් වෛද්‍යවරයා ලේ ලබාගත්තා වැනි කටයුත්තක් බව මහාසභාව ඇමතු සභිකයන් ප්‍රකාශ කර ඇත.

මෙම පාපැදි බෙදාදුන්  උත්සවයේ   පුද්ගලික දේශපාලන අරමුණක්   ඇති බවද එවැනි කටයුතු සදහා සමුපකාරයක මුදල් යොදා ගැනීම අනුමත කළනොහැකි බව අදහස් දැක්වූ සභිකයන් පෙන්වාදී ඇත.

සමිතියේ ගනුදෙනු කරුවන්ගේ පාසල් යන  දරුවන්ට  නවවසරට පාසල් උපකරණ ලබාදීමට රුපියල් 5000 ක නය මුදලක්  අනුමත කර මුදල් ලබා නොදී පාසැල් බෑග් සපත්තු ආදී උපකරණ ලබාදීමට ගෙන තිබු තීරණය ද මහා සභාවේ විරෝධය හමුවේ අකුලාගෙන ඇත.

උපකරණ සැපයුම් කරුවන් ගෙන් නිලධාරීන් තිදෙනෙකුට  ලැබීමට තිබුණු චීන සංචාර තුනක් නොලැබීයාම නිසා චීන ගමන ගැන උනන්දුවෙන් සිටි අය අප්සට් වී ඇතිබවත් අපගේ ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබී ඇත.

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img