මීගමුව නගරයේ නීතිවිරෝධී “ගබ්සා ” ගැටි

-

මිගමුව නාගරික සීමාව තුල පිහිටි මාර්ගවල අවසරයකින් තොරව මාර්ග හරහා  වේගසිමා බාදක ගැටී ඉදිකර  ඇත.

මෙවැනි බාදක මහාමාර්ග හරහා ඉදිකිරිම නිත්‍යානුකූල නොවන බවද ඒ සදහා මහ නගර සභාව විසින් අවසරයක් ලබාදී නැතිබව නාගරික කොමසාරිස් වරයා අපකළ විමසිමේදී ප්‍රකාශ කළේය.

මෙම සමහර ගැටී ඉදිකර ඇත්තේ අයගේ පුද්ගලිකඅවශ්‍යතාවයන් සදහා බව අප කල සොයාබැලීමකදී අනාවරණය විය.

මෙම ගැටි නිසා යතුරු පැදිකරුවන් අනතුරු වලට මුහුණ දී ඇති බවද දැනගන්නට ලැබිණි.

මෙම අනවසර ගැටී පිලිබදව අදස් පළකල නගර වැසියෙකු සදහන් කලේ“ මෙම ගැටී ඇතිබව කල්තියා හදුනාගැනීමට නොහැකි බවත් මේවා හරහා ගමන් කිරීමේදී යතුරු පැදි ඉහලට එසවී පහලට වැට්මේදී  ඇතිවන කම්පනය නිසා සමහර විට  කලලයක් ගබ්සා වීම උවත් ඉඩ ඇති බවයි”

එමනිසා මේවා නිකම්ම මාර්ග බාදක ගැටී නොව මාර්ග බාදක ගබ්සා ගැටිලෙස නම්කිරිම වඩාත්  සුදුසු බව ද ඔහු වැඩිදුරටත් පැවසිය.

නිත්‍යානුකූල නොවන මෙම මාර්ග බාදක  ඉවත් කිරීමට කඩිනම් ක්‍රියා මාර්ගයක් ගැනීම  නාගරික කොමසාරිස් වරයා ගේ මෙන්ම රථවාහනපොලිසියේ ද වගකීමකි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here