ජල බඳුනක ආරවුලක් නිසා මරණ දඬුවම නියම වූ පාකිස්තාන කාන්තාවකට නිදහස

BBC

දේව අපහාසය යන චෝදනාවකට පාකිස්තානය තුළ දැඩි ආන්දෝලනයකට ලක්වූ නඩු තීන්දුවකින් මරණ දඬුවම නියම වී සිටි ක්‍රිස්තියානි ආගමික කාන්තාවක එරට අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබ තිබේ.

ආසියා බීබී (Asia Bibi) නමැති එම කාන්තාව 2010 වසරේදී මරණ දඬුවමට ලක්වූයේ, මුහම්මද් නබිතුමන්ට අවමන් කළ බවට වැරදිකාරිය වීම හේතුවෙනි.

තමන් ඊට නිර්දෝෂී බව දිගින් දිගටම ප්‍රකාශ කළ ඇය පසුගිය වසර 8 න් වැඩි කොටසක් හුදකලාව රඳවා සිටියාය.

මෙම ඓතිහාසික නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව දේව අපහාසයට විරුද්ධ නීතියට සහාය පළ කරන දැඩි මතධාරීන්ගේ ප්‍රචණ්ඩ විරෝධතා ආරම්භ වී තිබේ.

ARSHAD ARBABImage copyrightARSHAD ARBAB
Image captionනඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දැඩි මතධාරීන්ගේ ප්‍රචණ්ඩ විරෝධතා

තීන්දුවට එරෙහිව මේ වන විට කරාචි, ලාහෝර්, පේෂාවර් සහ මුල්ටාන් යන ප්‍රදේශවල විරෝධතා පැවැත්වේ. විරෝධතාකරුවන් පොලිසිය සමග ගැටුම් ඇති කරගෙන ඇතැයි ද වාර්තා වේ.

පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි ඉස්ලාමාබාද්හි The Red Zone ප්‍රදේශය පොලිසිය සම්පුර්ණයෙන් අවහිර කර ඇති අතර, විරෝධතාකරුවන් අධිකරණයෙන් ඈත්ව තැබීම සඳහා ආරක්ෂක හමුදා ද යොදවා තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පාකිස්තාන අගවිනිසුරු සාකිබ් නිසාම් (Saqib Nisarm) පැවසුවේ, වෙනත් නඩුවලට සම්බන්ධ නොමැති නම් ආසියා බීබීට බන්ධනාගාරයෙන් නිදහස් වී යා හැකි බවය.

මේ ගැනත් කියවන්න:

තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ අධිකරණය තුළ නොසිටි ඇය, බන්ධනාගාරයේදී ඒ පිළිබඳව දැනගත් අවස්ථාවේ මවිතයට පත්වී ඇත.

“මට අදහගන්නත් බෑ. මට දැන් එළියට යන්න පුළුවන් ද? මට ඔවුන් යන්න දෙයි ද?,” AFP පුවත් සේවයට දුරකතනය ඔස්සේ ඇය පවසා තිබේ.

AFPImage copyrightAFP
Image captionආසියා බීබීගේ සැමියා සහ දියණිය පවසන්නේ, සිය පවුලට පාකිස්තානය තුළ ආරක්ෂාවක් නොමැති බවය.

2009 වසරේ ජූනි මාසයේදී කාන්තාවන් පිරිසක් සමග ඇති කර ගත් කතාබහක් මුල් කර ගනිමින් ඇයට අධිකරණයේ නඩු පැවරිණි.

ඔවුන් ගොවිතැන්වල නියැළෙමින් සිටි අවස්ථාවකදී ජල බඳුනක් සම්බන්ධයෙන් ඇති වූ විරසකයක් ඊට හේතු වී තිබේ.

ඇයගේ ආගමික ඇදහිලි හේතුවෙන් ඇය කිළිටි නිසා වතුර භාජනයක් ඇල්ලීමට තහනම් කිරීමක් මුල් කරගෙන මෙම සිදුවීම ඇති වී තිබේ.

නීතිඥයින් පැවසුවේ, එහිදී ඇයට ඉස්ලාම් ආගමට සම්බන්ධ වන ලෙසට අනෙක් කාන්තාවන් යෝජනා කර ඇති බවය.

සබැඳි පුවත්:

එහිදී ඇය මුහම්මද් නබිතුමන් සම්බන්ධයෙන් වැරදි මත තුනක් පවසා තිබුණු බවට චෝදනා එල්ල වී තිබිණි.

පසුව ඇයට නිවසේදී පහර දී ඇති අතර පැමිණිලිකරුවන් චෝදනා කළේ, ඇය තම ආගමට අපහාස කළ බවටය. පසුව ඒ සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනයකින් පසු ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පාකිස්තාන නීතිය අනුව ආගමික විශ්වාසයන්ට අපහාස කිරීම බරපතළ වරදකි.

BBCSIHALA

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img