ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා නොවූ මිනිසුන්ට වැළඳිය හැකි” සුනඛ රෝගයක්

BBC

(සංවේදී ඡායාරුප ඇතුළත්ය)

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් වාර්තා වී නොමැති, ට්‍රිපනසොමා (Trypanasoma) නම් සුනඛ රෝගයක් මේ වන විට බලන්ගොඩ සහ මුලතිව් ප්‍රදේශයේ සුනඛයන් දෙදෙනෙක්ගෙන් හඳුනාගෙන ඇති අතර, අදාළ රෝගය හේතුවෙන් මිනිසුන්ට චර්ම රෝග වැළඳිය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසෝක දංගොල්ල පවසයි.

සුනඛයන්ට වැළඳෙන මෙම රෝගය හේතුවෙන් අප්‍රිකානු රටවල මිනිසුන්ට චර්ම රෝග වැළඳී ඇති බවට සාක්ෂි තිබෙන බව මහාචාර්ය දංගොල්ල බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

ඇස්වල රෝග තත්ත්වයක් පැවති ඇල්ශේෂන් වර්ගයේ සුනඛයෙකු මීට මාසයකට පමණ ප්‍රථම බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම ප්‍රදේශයේ පශු වෛද්‍යවරයෙක් වැඩිදුර පරීක්ෂණ සඳහා එම සුනඛයා පේරාදෙණිය පශු ශික්ෂණ රෝහලට යොමු කොට තිබේ.

එහිදී සුනඛයාගේ රුධිර සාම්පල පරික්ෂා කළ අවස්ථාවේ ට්‍රිපනසොමා (Trypanasoma) රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

එසේම, ඊට පසු අවස්ථාවක මුලතිව් ප්‍රදේශයෙන් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය පශු ශික්ෂණ රෝහල වෙත රැගෙන ආ සුනඛයෙක්ට ද මෙම ට්‍රිපනසොමාරෝගය වැළඳී ඇති බවට රුධිර සාම්පල පරික්ෂාවේදී තහවුරු කර ගැනීමට හැකි වු බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවැසීය.

වෙනත් රටවල මෙම රෝගය පැතිරීමට දායක වන වාහකයා වූ ටෙට්සෙ (Testse Fly) නම් මැසි වර්ගය මෙතෙක් මෙරටින් වාර්තා වී නොමැති බැවින් වාහකයා වෙනත් සතෙකු විය හැකි බවට වෛද්‍යවරු විශ්වාස කරති.

මේ ගැනත් කියවන්න:

BBC
Image caption“මෙම රෝගය හේතුවෙන් අප්‍රිකානු රටවල මිනිසුන්ට චර්ම රෝග වැළඳී ඇති බවට සාක්ෂි තියෙනවා”

කෙසේ වෙතත්, කියුලෙක්ස් (Culex) නම් මදුරුවා හෝ රාත්‍රියට පමණක් එළියට පැමිනෙන කිසින් බග් (Kissing Bug) නැමැති සතුන් මෙම රෝගය පතුරවන බවට දැනට සැක කරන බව මහාචාර්යවරයා ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධව මේ වන විට පරීක්‍ෂණ අරඹා ඇති බව ද මහාචාර්ය දංගොල්ල බීබීසී සිංහල සේවයට පැවැසීය.

මෙම රෝගය ඇති සුනඛයන්ගේ ලක්ෂණ මොනවාද?

  • අලස බව
  • ඇස් පෙනීම දුර්වල වීම හෝ අන්ධ වීම
  • ඇස් සුදු පැහැ වීම
BBC

තවදුරටත් කියවන්න:

මෙම රෝගය තත්ත්වය ඇති අප්‍රිකානු රටවල එම හේතුව නිසා, මිනිසුන්ට චර්ම රෝග ඇතිවී තිබෙන බව වාර්තා වී අතර එබැවින්, සුනඛයන් මගින් මිනිසුන්ට බෝවන රෝග අතරට මෙම රෝගය ද ඇතුළත් කර ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාල පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසෝක දංගොල්ල සඳහන් කරයි.

කෙසේ නමුත්, මේ වන විටත් මෙරට මිනිසුන්ට මෙම රෝගය වැළඳී ඇති බවට වාර්තා වී නොමැත.

BBCSINHALA

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img