පොදු ස්ථාන අපවිත්‍ර කිරීමේ තරගයේ ප්‍රථම ස්ථානයන් ටියුෂන් මුදලාලිලා සහ ටියුෂන් ගුරුවරන් දිනා ගනී

තාප්පවල පෝස්ටර් අලවා තාප්ප අවලස්සන කිරීමෙන් විදුලි සහ දුරකථන කාණුවල ගස් ගල්වල කටවුට් බැනර් ඩිජිටල් බෝර්ඩ් එල්ලමින්  පරිසර අපවිත්‍ර කරමින්  දේශපාලකයන් තබාතිබු වාර්තාව බිදහෙලමින් නව වාර්තාවක් පිහිටු වීමට උපකාරක පංති මුදලාලිලා සහ  ටියුෂන් ගුරුවරු සමත්ව ඇත.

කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සහ මිගමුව නගර සීමාව තුල පෝස්ටර් ගසා බැනර් එල්ලා අපවිත්‍ර නොකළ මාර්ගයක් සොයාගැනීම කළුනික සොයනවාටත්  වැඩිය දුෂ්කර කාර්යකි

බැනර් කටවුට් එල්ලනවාට අමතරව පාසල් අසල අත්පත්‍රික දින දර්ශන ලිපිගොනුකවර ආදී විවිධදේ බෙදා දෙනුලබන අතර මේවා බලෙන්ම දෙන නිසා වැඩිදෙනෙක් එම මුද්‍රිත පත්‍රිකා  ඒ ආසන්නයේම විසිකර දමා යන අතර එමනිසා මහාමාර්ගයද අපවිත්‍ර වේ.

පරිසරයට හානිනොවන ව්ද්‍යුත් සන්නිවේදන ක්‍රම ඕනෑතරම් තිබියදී තමන්ගේ උගත්කමටද නොගැලපෙන ක්‍රම හරහා බාල ප්‍රචාරණ ක්‍රමඋපයෝගිකර ගැනීම මගින් ඔප්පුකරන්නේ  තමන් උගතුන් උවත් බුද්ධිමතුන් නොවනබවයි.

කණුවල ගස් වල එල්ලී ටියුසන් වලට එන්නයි සිසුන්ට ආයාචනය කරණ සමහර කටවුට් බැනර්   හින්දි සිනමාවේ කාඩ්බෝඩ් වීරයන් පරදන  ජායරුප යොදා සකස් කර ඇත ගුරුදෙවියා ගුරුතුමා මේවනවිට  හින්දි මෙගා නාට්‍යවල  නළුවන්ගේතත්වයට ඇද වැටී ඇත.

මෙම පාරිසරික හානියේ දෙවන ස්ථානය හිමිකර ගෙන ඇත්තේ දේපල වෙළද සමාගම් විසිනි  ඔවුන් සතයක්වත් මුදල් නොගෙවා ගම නගරය පුරා අතිවිශාල ප්‍රමාණයේ බැනර් එල්ලන්නේ  පළාත් පාලන ආයතන වල  අනවසර ප්‍රචාරක පුවරු ඉවත්කිරීමට සිටින නිලධාරී එම දේපලවෙලද සමාගම්වල මුදලට යටවීම නිසා යයි මහජනයා තුල සංවාදයක් ඇත.

මේවා එල්ලීමට පළාත් පාලන ආයතන වලින් බදුගෙවා   අවසර ගත යුතු අතර ඒවා ප්‍රදර්ශනයට අවසර දී ඇති ස්ථානවල අදාල  කාලය තුල පමණක් ප්‍රදර්ශනය කල හැකි අතර එසේ නොවන ප්‍රදර්ශනය කිරීම් නීතිවිරෝධී වේඑමෙන්ම පරිසර නීතිරීති යටතේ මේවා එල්ලන අයට විරුද්ධව නඩු පවරා දඩුවම් කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇත.

මේ කිසිවක් කල නොහැකිනම් පළාත් පාලන ආයතන මගින් පුද්ගලයන් දෙදෙනෙකු යොදවා මේවා කපා ඉවත් කිරීම දෛයිනිකව සිදුකලයුතුය පලාතේ පොලිස් ස්ථානය සමග මාස කිහිපයක් කටවුට් බැනර් ඉවත් කිරීමෙන් මෙම උවදුර මැඩපැවැත්වීමට හැකිවනු ඇත.

මිගමුව මහනගර සභාවේ සහ කටාන ප්‍රදේශිය සභාවේ නිසිබලධාරින් ගේ සහ මිගමුව ජ්‍යෙෂ්ඨපොලිස් අධිකාරී  මිගමුව මුලස්ථාන පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක  සහ කටාන පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වරයා ඇතුළු රාජ්‍ය නිලධාරිනි මේ ඔබේ අවධානය පිණිසයි. .

Hot this week

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

Topics

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img