අනවසර ඉදිකිරීම් වැඩිවීමෙන් මිගමුව නගරය ස්වභාවික ආපදාවන්ට ලක්වීමේ අවදානමක්

මිගමුව මනා නගර සභා බල ප්‍රදේශයේ මේදිනවල අනවසර ඉදිකිරීම් ව්ශාල වශයෙන් කඩිමුඩියේ සිදුකරගෙන යනබව පෙනෙන්ට ඇත.

ගොඩනැගිලක් ඉදිකිරීමට කොටසක් එකතු කිරමට. මහා නගර සභාවෙන් අනුමැතියක් ලබාගතයුතුය එම අනුමැතිය ලබාදීමේදී ගොඩනැගිල්ලේ සැලැස්ම අනුව මාර්ගයේ සිට ගොඩනැගිල්ල අතර තැබිය යුතු දුර ප්‍රමාණයක් ඇත.

වාහන ගාල්කිරීමේ පහසුකම්  සැලසුමට ඇතුලත් කලයුතුය. අධිබල විදුලි රැහැන් ඇති තැන්වල ඇළමාර්ග අසල ඉදිකිරීම් වලදී ගොඩනැගිල්ලේ සිට තැබිය යුතු දුරප්‍රමනයන් පිලිබදව සීමාවන් පනවා ඇත.එකතුවන අප ජලය පරිසරයට මුදාහැරිමේ ක්‍රමය ඇතුළු පරිසර නීති රීති පිළිබදවද නාගරික සංවර්ධන අධිකාරියේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිර්දේශ  ගොඩනැගිලි සැලසුම් සදහා මහා නගර සභාවේ අවසන් අනුමැතිය ලබාදීමට පෙර ලබාගැනීම අවශ්‍යය.

මෙයට අමතරව කලපුව සහ මුහුදු වෙරළ අශ්‍රිතව කරනු ලබන ඉදිකිරීම්  වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියමයන්ට අනුව කටයුතු කල යුතුය.මෙම නීති රීති වලට  අනුකුල නොවන ඉදිකිරීම් අනවසර ඉදිකිරීම් වන අතර ඒ පිලිබදව නිතිය ක්‍රියාත්මක කිරීමේ වත්මන් බලධාරියා වන්නේ නාගරික කොමසාරිස් වරයාය

මහා  නගරසභාවේ අනුමැතියකින් තොරව  නගරය තුල අලුතින් ගොඩනැගිලි ඉදිවෙමින් පවතින බව දක්නට ඇතත් කොමසාරිස්වරයා නිතිය ක්‍රියාත්මක කිරීමට මැලිකමක් දක්වන බව පෙනෙන්නට තිබේ

පැරණි ගොඩනැගිලි අලුත් වැඩිය කිරීමේ මුවාවෙන් සිදුකරන නව ඉදිකිරීම ද ප්‍රධාන ඇළමාර්ගඅසල මෙන්ම ඇළමාර්ග මත කලපුවට යාබදව කරන ඉදිකිරීම් ද විශාල වශයෙන් වර්ධනය වී ඇත. මෙම අක්‍රමවත් ඉදිකිරීම් නිසා නගරයේ අලංකාරයට බදා පැමිණෙන අතර සෞඛ්‍ය ගැටළු මාර්ග අවහිරතා මෙන්ම  ජලගැලීම් වැනි ස්වභාවික ආපදාවන්ට මුහුණදීමට නගරයට මෙන්ම නගරයේ ජිවත්වන ජනතාවට ද සිදුවනු ඇත.

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img