මිගමුව සහ කටානේ ඩෙංගු මරණ තුනක් මෝසම් වැසි සමග ඩෙංගු වසංගතයක් වීමේ අවධානමක්.

පසුගිය මාසය තුල මිගමුව දිස්ත්‍රික් මහරෝහල තුලදී ඩෙංගු රෝගය වැළදී ප්‍රතිකාර ලබමින් සිටි තිදෙනෙක් මියගොස් ඇත.මෙසේ මියගොස් තිබුණේ පිටිපන කටුවැල්ලේ ගම සහ වැලිහේනේ පදිංචිකරුවන් තිදෙනෙකි.මේ අනුව අපට පෙනෙන කරුණ වන්නේ මේ තිදෙනා මිගමුව සහ කටාන  මැතිවරණ බලප්‍රදේශ දෙකෙහි පදිංචි කරුවන්ය.

මිගමුව මහා රෝහලට ඇතුළු වන ඩෙංගු රෝගීන්ගෙන් විශාල පිරිසක් මෙම ප්‍රදේශ වල වන අතර ජාඇල කදාන ආදී ප්‍රදේශ වලින්ද රෝගීන් පිරිසක් ඇතුලත් වෙති.මිගමුව රෝහල ඩෙංගු  රෝගින්ගෙන් පිරියාමට හේතුව දිවයිනේ විවිධ පළාත් වලින් රෝගීන් පැමිණ ඇතුලත් වීම නිසා යයි මතයක් සමාජ ගතවී ඇත. මේ නිසා මිගමුව කටාන  ප්‍රදේශ ඩෙංගු වසංගත තත්වයකට පැමිනීමේ අවධානමක් නැතැයි යමෙකුට තර්කයක් ගොඩනැගිය හැකිය.

දීර්ඝ කාලයක් ඉඩෝරයක් පවිතිද්දී වාර්තාවන ඩෙංගු රෝගීන් ප්‍රමාණය මෝසම් වැසිසමග සීග්‍රයෙන් ඉහළයාම වැළැක්විය නොහැකිවනු ඇත. ප්‍රදේශ වාසීන් විසින්  තැන තැන දමායන කසල සමග ඇති පොල්කටු බෝතල් ටින් ආදිය නිසා මදුරු ගහනය වැඩිවීම සිදුවීම නොවැලැක්විය හැකි කරුණකි.

ඩෙංගු වැනි මිනිස් ක්‍රියා කාරකම් නිසා ඇතිවන පීඩාවන් සදහා පුරවැසියන්ද  තමතමන් ද සිදුකල පරිසර හානියට සාපේක්ෂකව වගකිවයුතුය.

ඩෙංගු මර්ධනය සදහා පරිසරය පවිත්‍රව තබාගත යුතුය ඒසදහා ප්‍රජාව දැනුවත් කලයුතුය නිවසින් එලියට එන කසල ප්‍රමාණය අවම කලයුතු අතර කසල කළමනාකරණය නිවසින් ආරම්බ කලයුතුය.නිවසින් එලියට එන කසල සුදුසු පරිදි බැහැර කිරීමට වැඩපිළිවෙලක් සකස්කිරීම රජයේ වකිමකි.

.පළාත් පාලන ආයතන වල ඇති අර්ධ අක්‍රියබව  නිසා කසල එකතු කිරීම අක්‍රමවත් වීමද මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමට හේතුවක්ව ඇත.පොලිස් ස්ථානවල පිහිටුවා ඇති පරිසර එකක වලට අවශ්‍ය නිලධාරීන් හා අනෙකුත් පසුකම් නොමැති නිසා තැන්වල තොග වශයෙන් කුණු ගෙනවිත් දමා පරිසරය අපවිත්‍ර කරන අයට නිතිය ක්‍රියාත්මක කිරීම ගැටලුවක් වී ඇත.

පන්සල් පල්ලි කෝවිල් වැනි පුජනිය ස්ථානවල සිටින පුජ්‍ය පක්ෂය නිරන්තරයෙන් තම දායකයන් දැනුවත් කරන්නේ නම් පරිසර පවිත්‍රතා කටයුතු සංවිධානය කරන්නේ නම්  මෙම තත්වය යම්තරමකට හෝ පාලනය කර ගැනිම සදහා උපකාර වනු ඇත.

ඩෙංගු වලින් ආරක්ෂාවීම සදහා හොදම සහ නිවැරදිම ක්‍රමය වන්නේ පරිසරය පිරිසිදුව තබාගනිමින් මදුරුවන් බෝවන ස්ථාන අවම කිරීමයි.ඒසේ නොමැතිව ඩෙංගු රෝගීන් සදහා රෝහල්වල ඉඩපහසුකම් වැඩිකිරීම රෝගය පාලනයේදී වැදගත් සාධකයක් නොවේ.

එමනිසා මෙම ඩෙංගු වසංගත තත්වය පාලනය කරගැනීම සදහා ආගම ජාති සහ දේශපාලන වැනි පටු සීමාවන් වලින් තොරවූ කතිකාවතක් වහාම ආරම්භකලයුතුය පුජ්‍ය පක්‍ෂය දේශපාලකයන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඒකාබද්ධව මහජනතාව සමග මේ සදහා සක්‍රීයව කටයුතු කලයුතුය .කසල කළමනාකරණය නිවසින් ආරම්භ කිරීම සදහා වැඩපිළිවෙලක් සකස් කලයුතුය.

මීගමුවේ පමණක් නොව රටේ බොහෝ ප්‍රදේශවල ඩෙංගු රෝගීන් ව්ශාල වශයෙන් වාර්තා වන අතර එම පළාත් වල ඇති රෝහල්වල කායික වාට්ටු වලද රෝගීන්ගෙන් පිරි ඇතිබව මාධ්‍ය වාර්තා පලවිය. ඩෙංගු වැළදෙන රෝගීන් රැකගැනීමේ වැඩපිළිවෙලක් මෙන්ම ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම සදහා සක්‍රිය වැඩ පිළිවෙලක්ද වහාම ක්‍රියාත්මක කලයුතුය.

සබැදි පුවත්

මිගමුව මහරෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරෙයි කායික වාට්ටුවල එක ඇදේ රෝගීන් දෙදෙනා බැගින් රෝගීන් ගෙනයන ට්‍රොලි වලත් නේවාසික රෝගීන්මිගමුව-මහරෝහල-ඩෙංගු-රෝගී/

ඩෙංගු මර්ධනයට දිව්‍යපුජාවෙන් පසු ශ්‍රමදාන සංවිධානය කරන්න අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගෙන් ඉල්ලීමක්

මිගමුව රෝහලේ රෝහල් සංවරධන කමිටුව කටයුතු කරන්නේ වගකීමෙන් ද ?

මිගමුව දිස්ත්‍රික් මහා රෝහලේ කාර්ය මණ්ඩලයේ ඩෙංගු රෝගීන් රෝහල ඇතුලෙත් ඩෙංගු මදුරුවන් මදුරු කීටයන් සිටිනවාද

 

 

 

 

 

 

 

 

 

 

 

.

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img