නවසීලන්තයට බෝට්ටුවෙන් යන්න ආ මඩකලපුවේ 16 ක් මීගමුවේදී අත්අඩංගුවට

නිතිවිරෝධිලෙස මුහුදු මාර්ගයෙන් නවසීලන්තය බලා යාමට සුදානමින් නැගෙනහිර පලාතෙන් පැමිණ රැදී  සිටියදි අද (5 )අලුයම අත්අඩංගුවට ගත්   16  දෙන්නෙකු පිලිබදව මීගමුව පොලිසියේ අපරාධවිමර්ශන අංශය විසින් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

නාවික හමුදාවේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මිගමුව වැල්ලවීදිය අශ්වයා සුරුවම අසල නවතා තිබු වෑන් රථයක රැදීසිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 22 සිට 40 දක්වා වයස් කාණ්ඩයේ පසුවන මෙම පිරිස කල්කුඩා වාලච්චියන එරාවුර් ප්‍රදේශ වල පදිංචි දමිළ තරුණයන් බව පොලිසිය විසින් සිදුකරන ලද මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩබලන  ස්ථානාධිපති චාමර ප්‍රදීප් පොලිස් සැරයන් 21862 නිශාන්ත පොලිස් කොස්තාපල් 45148 පෙරේරා සහ 11215 කාන්තා පොලිස් කොස්තාපල් කුමාරි යන නිලධාරීන් මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මිගමුව ජ්‍යෙෂ්ඨපොලිස් අධිකාරී කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් මත මිගමුව මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර වුල්ටර් මහතාගේ අදීක්ෂණය යටතේ සිදුකරන විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

Hot this week

මදුරුවන් බෝකළ කටානේ 25 කට නඩු

ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාරයාලය ...

මීගමුවේ මාලිමා පාලනයට වසරයි – නගරසභා දේපොළ තවමත් කොල්ලකරුවන් අතේ

ජාතික ජනබලවේගය මිගමුව මහානගර සභාවේ බලය ලබාගෙන වසරක් ගතවී...

ඉබ්‍රාහිම් නානගේ සම්බන්ධයක් තියෙනවා බ්‍රිටෝ – අනවශ්‍ය බලපෑම් එපා වින්දිතයන්

කටුවාපිටිය දෙවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු...

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

Topics

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img