කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ විදිලාම්පු 25000 හකට ආසන්න ප්‍රමාණයක් සවිකර ඇතිබවත් ඒවායින් 3500 ක් පමණ පැය විසිහතරම දැල්වෙන අතර තවත් 10000 ක් පමණ උදෑසන නමය දහය වනතුරු දැල්වෙමින් පවතින බව ඔක්තෝම්බර් මස කටාන ප්‍රාදේශීය සභාවේ මාසික මහා සභා රැස්විමේදී අනාවරණය විය.
සභාපතිනි අයි. ඩි.නිශානි ඉරේෂා ජයකොඩිමහත්මිය (ජාතික ජනබලවේගය)ප්‍රධානත්වයෙන් කටාන ප්‍රදේශීය සභාවේ ඔක්තෝම්බර් මස මාසික මහාසභා රැස්වීම 17 දින සභාවේ රැස්වීම ශාලාවේදී රැස්විය.
සභාබල ප්‍රදේශයේ විශාල විදුලි බලයක් අපතේ යාමට ප්‍රධාන හේතුවක්ව ඇත්තේ පසුගිය පාලන සමයන්හි පුද්ගලික හිතවත්කම් මත මනාප ලබාගැනීම සදහා අනවශ්‍ය ස්ථාන වල කිසිදුපිළිගත් ක්‍රම වේදයකින් තොරව විදිලාම්පු සවිකිරීමබව. යෝජනාව ඉදිරිපත් කරමින් ජාතික ජනබලවේගයේ ප්‍රදේශීය සභාමන්ත්‍රී ලෙස්ලි ප්‍රනාන්දු පුල්ලේ මහතා පැවසිය.
මෙහිදී තව දුරටත් කරුණු පැහැදිලිකල ප්‍රනාන්දුපුල්ලේ මහතා අපිට ජනතාව මැතිවරණ තුනකදී විශිෂ්ඨ ජනවරමක් ලබාදුන්නේ පැවති ක්‍රමය වෙනස් කිරීමට මිස එම මජර ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාමට හෝ පැලැස්තර දැමීමට නොවන බව මම විශ්වාශ කරමි
මට ලැබී ඇති තොරතුරු අනුව අපගේ බලප්‍රදේශය තුල 25000 හකට වැඩි වීදි ලාම්පු ප්‍රමාණය ක් සවිකර ඇති අතර මේවායින් 15 ක් පමණ පැය 24 ම දැල්වෙන අතර 40 % ක් පමණ උදෑසන 9 ය දහය දක්වා දැල්වේ මේ අනුව සවිකර ඇති විදිම්පු වලින් 50 % කට වැඩි ප්‍රමාණයකින් විදුලිබලය අපතේ යාමක් සිදුවන අතර මෙය ජාතික අපරාධයකි. එමෙන් ම විදුලි බල්බයේ ආයු කාලය අඩකින් අඩුවෙනවා අවුරුද්දක් දැල්වෙන විදුලි බුබුල මසා හයෙන් පිළිස්සෙනවා එවිට එය මාරුකරන්න වැය වෙන්නේ සභාවේ මුදල් ජනතාවගේ බදුමුදල්
දිවාකාලයේ දැල්වෙන් විදුලිපහන් සෑම කොට්ඨාශයකම තිබෙනබව මෙහිසිටින සියලුම දෙනාම හදවතට එකගව පිළිගන්නා බව මම විශ්වාස කරනවා
මෙලෙස දැල්වෙන් විදිපහන් වලින් වැඩි කොටසක් පුද්ගලික ඕනෑ එපාකම් මත සවිකළ ඒවා සමහර විදි පහන් වල සුවිච් එක තියෙන්නේ තාප්පයෙන් වටවූ නිවෙස්වල ව්‍යාපාරික ස්ථානවල ඇතුල් පැත්තේ මේ අය විනෝද ගමනක් වන්දනා ගමනක් යනවනම් විදිපහන් දල්වලා යනවා ඒවා නිවන්නේ කවද හරි ආපු දවසක .පාරේ යන කෙනෙකුට වත් නිවන්න ක්‍රමයක් නෑ
සමහර විදිලාම්පු සවිකරලා තියෙන්නේ පාරට ආලෝකය වැටෙන්න නොවෙයි පුද්ගලික ව්‍යාපාරික ස්ථානවලට නිවෙස් වල මිදුලට ආලෝකය ලැබෙන්න ඒ පැත්තට හරවල
දැනට තිබෙන්නේ ක්‍රම වේදයක් නැතුවකැමති කෙනෙකුට ඕනෑම තැනක විදි පහන් සවිකරගත හැකි ක්‍රමයක් විදි පහන් දෙකක් අතර සම්මත දුරක් නෑ එක කණුවේ විදිලාම්පු දෙක තුන සවිකරලා තියෙනවා
විදි පහන් සවිකිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් සකස් කලයුතුයි .විදිලාම්පු තනි පුද්ගලයෙකුගේ තීරණයක් මත සවිකර ගැනීමට තිබෙන ක්‍රමවේදය ඉවත්කර අලුතින් විදිලාම්පු සවිකරනවනම් විස්තර සහිත ලැයිස්තුවක් ඉදිරිපත් කරලාමහා සභාවේ අනුමැතිය ගැනීමට අවශ්‍ය නීති රීති සකස්කළ යුතුයි
ඒවගේම නියමිත වේලාවකදී දැල්වෙන්න නිවන්න නිශ්චිත ක්‍රමයක් අවශ්‍යයි එසේ ක්‍රමයක් නොමැති අත්‍යාවශය ස්ථාන වලසවිකරන විදිලාම්පු සදහා සභාවේ වියදමින් ආලෝක සංවේදී සුවිච් (photo sell) සවිකරමු ඒ වියදම අපතේ යන්නේ නෑ බල්බ් එකේ ජිවිත කාලය දෙගුණයකින් වැඩිවෙනවා
විදිලාම්පු සවි කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් සකස්කර අනවශ්‍ය විදිලාම්පු ඉවත්කර අවශ්‍ය ස්ථානවලට විදිලාම්පු සවිකළ යුතු කියල යෝජනා කරනවා.
චමින්ද රත්නායක මහතා (පොදුජන එක්සත් පෙරමුණ)
අපේ ප්‍රදේශයේ නම් එකම කණුවේ විදිලාම්පු දෙක සවිකරපු තැන් නැහැ අපි සවිකරේ ජනතාවගේ ඉල්ලීමට
කීර්තිසේන මුණසිංහ මහතා (ජාතික ජනබලවේගය)
අපි ජනතාවට ලැබෙන කිසිම දෙයක් කප්පාදු කරන්නේ පාරවල් අදුරු කරන්නේ නෑ පවතින ක්‍රමය විදිමත් කරන්නයි මේ යෝජනාව ගෙනාවේ මේවගේම ඇල වල් අවහිර කර සිදුකර ඇති ඉදිකිරිම ඉවත්කරන අවශ්‍යයි.
ප්‍රවින් චමෝද් සර්ව ජනබලයඔබතුමලත් පුද්ගලික හිතවත් කම්මත විදිලාම්පු සවිකලා කියල චෝදනා තියෙනවා බලය හුවමාරු වෙනකොට ඔහොම දේවල් වෙනවා හිටපු කට්ටියත් කළා ඔබතුමලත් කරනවා අපිට තවම බලය ලැබුනේ නෑ අපිට ලැබුනොත් අපිත් කරනවා නිවන්න ක්‍රමයක් නැත්නම් සෙන්සර් එකක් සවිකරන්න
ටී ආර් කුමාර සිරි මහතා (ජාතික ජනබලවේගය)
මේ යෝජනාව කිසිලෙස කින්වත් අනවශ්‍ය විදියට අසාධාරණ ලෙස විදිලාම්පු ගලවන්න නොවෙයි මේ යෝජනාව දාල තියෙන්නේ තමන්ගේ හිතවාදියාගේ ගේ ඉදිරිපිට විදුලි පහනක් සවිකරන ගමන් තමන්ට හිතවත් නොවෙන කෙනාගේ ගෙදර ලග තියෙන විදුලි පහන ගැලවීමට නොවෙයි ඒවා අතීතයේ සිදුවුණු දේවල් කලින් මන්ත්‍රී තුමා කියපු දේ සම්පුර්ණ බොරුවක් අපි කිසිම තැනක පුද්ගලික හිතවත්කමට විදිලාම්පු සවිකර නෑ .
ලසන්ත දීපාල් මහතා ( සමගි ජනබලවේගය)
කටානේ බදු ගෙවන ජනතාවට ඍජුව ලැබෙන ප්‍රතිපලයක් තමයි මාර්ග වලට විදි ආලෝකය ලැබීම දැන් මන්ත්‍රීවරුත් නොවන සභාවේ නිලධාරින් හෝ සේවකයන් නොවන කණ්ඩායමක් ගම්වල විදිලාම්පු පිළිබද කටයුතුවලට මැදිහත්වෙලා සිටිනවා කරුණාකර ඒ අය මේ කටයුතුවලින් ඉවත්කරන්න නැත්නම් අනවශ්‍ය ගැටුම් ඇතිවෙන්න පුළුවන් .අර පාරවල්වල ගස් අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න ගෙනා යෝජනාව වගේ මේක ආපස්සට ගන්න එපා.
මැස්සන්ට යටවුනු කොම්පෝස්ට් සේවකයෝ
නලින් සමරදිවාකර මහතා (ජාතික ජනබලවේගය)
රද්දොළුව කොම්පෝස්ට් අංගනයේ සේවකයන්ට අහාර ගැනීමට සෞඛ්‍ය ආරක්‍ෂිත ස්ථානයක් නෑ ඔවුන් අහාර ගන්නේ කෑම පිගානට එන මැස්සන් අතින් එලවමින් එම නිසා ඔවුන්ට අහාර ගැනිම සදහා සෞඛ්‍ය ආරක්‍ෂිත කාමරයක් සකස්කර දීමට යෝජනා කරනවා
අසේල නිරෝෂන් ජයවර්ධන මහතා (පොදුජන එක්සත් පෙරමුණ)
මේක හොද යෝජනාවක් සේවකයන් ගේ කෑම කන විදිය බලනවා වගේම ඔවුන්ට ලැබෙන වැටුපින් බත්පත හදාගන්න පුලුවන්ද කියල බලන්නත් ඕන දැන් මාස ගණනක සිට සේවකයන්ට අතිකාල ගමන් වියදම් ලැබෙන්නේ නැහැ ඒගැනත් සොයල බලන්න.
සභාපතිනි අයි. ඩි.නිශානි ඉරේෂා ජයකොඩිමහත්මිය (ජාතික ජනබලවේගය)
විදිලාම්පු ස්වයංක්‍රියව දැල්වීමට සහ නිවීමට අවශ්‍ය උපකරණයක් පිලිබදව අප මේ දිනවල අධ්‍යනය කරමින් සිටිනවා අඩුම තරමින් වසර දෙක තුනක වගකීමක් ඇති නිෂ්පාදනයක් ලබාගන්න අවශ්‍යයි.පාරවල්වල ගස් ඉවත්කිරීමේ යෝජනාව ඉවත්කරගෙන නැහැ සභා සම්මත වන යෝජනා ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරනවා .
සබැදි පුවත්






