මීගමුවේ නව මාළු වෙළද සංකීරණය කාගේද …..?

මිලියන 42 ක් වැයකළ මිගමුව නව මාළු වෙළද සංකීර්ණය  පිලිබදව පුරවැසියෙකු විසින් මිගමුව මහානගර සභාවේ නාගරික කොමසාරිස් වෙත 2026.02.23 දින යොමුකල ලිපියක පිටපතක් අපවෙත ලැබී ඇති අතර පහත පලවන්නේ එම ලිපියයි.

උපුටාගැනීම

“මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි පාරේ සහ ඒ අවට   නිත්‍යානුකූල අවසරයකින් තොරව    මුදල් එකතු කිරීම.

මෙම කරුණ පිලිබදව  ජාතික පුවත්පත්වල පලවූ  ප්‍රවෘත්ති කිහිපයක්ද මේසමග යාකර ඇත.

මෙම මුදල් එකතු කිරීම පිලිබදව වත්මන් නගරාධිපති ජ්‍යෙෂ්ඨ නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා සමග 2025. 07.29 දින යුටියුබ් නාලිකාවක් සමග සිදුකල  සම්මුඛ සාකච්චාවක් අන්තර් ජාලය ඔස්සේ  ප්‍රචාරණය වන අතර

සම්මුඛ සාකච්චාවේදී මාධ්‍ය වේදියා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙන නගරාධිපති තුමා  “ එවැනි සිද්ධියක් පිලිබදව එම මොහොත වනවිටත් තමන් දැන නොසිටි බවත් නිශ්චිත ස්ථානයක් සහිතව කරුණු ඉදිරිපත්කල බැවින් වහාම මෙම වාචික පැමිණිල්ල පිලිබදව අවශ්‍ය නිත්‍යානු කුල පියවර ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත.

අද වනවිට එම ප්‍රකාශය සිදුකර මාස හතකට වැඩිකාලයක් ඉක්ම ගොස් ඇතත් නගරසභාවට අයත් සෙල්බි පාරේ සහ ජයිකා ආයතනය විසින් මිලියන 42 ක වියදම්න් මීගමුවේ සංචාරක සම්පත වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉදිකර නගර සභාව වෙත බාරදෙනලද මිගමුව නව මාළු වෙළද සංකීර්ණය තුල කිසිදු නිත්‍යානුකූල හිමිකමක් නොමැති පුද්ගලයන් විසින් මුදල් එකතුකරගැනීම (කප්පම් )සිදුකරනු  ලැබේ.

එමෙන්ම පිලිබදව ස්වාධින නාගරික මන්ත්‍රීවරයෙකු වන සජිත් මොහාන් මහතා 2025 09.09 දින පැවති මිගමුව මහානගර සභාවේ මාසික මහා සභා රැස්වීමේදී මෙම මුදල් එකතුකර ගැනීම පිලිබදව කරුණු ඉදිරිපත් කර ඇත.(පිටු අංක 13 )

මේ අනුව මේවනවිට නගර සභාවට  ලැබියයුතු නගර සභාවට  අයිති දේපලකින් කෝටි ගණනක මුදලක් හදුනා නොගත් කණඩායමක් හෝ පුද්ගලයෙකු  විසින් වසර 17 ක් තිස්සේ  එකතු කරගෙන ඇති අතර දැන දැනම එලෙස  අනීතිකව   මුදල් එකතුකරගැනීමට ඉඩදීම අල්ලස් හෝ දුෂණ විමර්ශන පනතට අනුව දුෂණය නමැති වරදට  ආධාර අනුබල දීමක් වනබව මගේ විශ්වාශයයි.

මේ අනුව මෙම මුදල් එකතු කිරීම නාගරික කොමසාරිස්වරයා වශයෙන්  ඔබද නගර සභාවේ ප්‍රධාන ගණකාධිකාරීවරයා  ඇතුළු සියලු වගකිවයුතු නිලධාරීන්ද  පැහැදිලිව දන්නා කරුණකි.

සභාවට අයත්  සෙල්බි පාර සහ ඒ අවට මාර්ග වල නතර කරන වාහන වලින් මුදල් අයකර ගැනීම සදහා කිසිවෙකුට අවසර ලබාදී නැති අතර නව මාළු වෙළද පොළ සදහාද කිසිදු පාර්ශවයකට අවසර ලබාදී හෝ නගර සභාව  සමග ගිවිසුම් ගතව නැතිබවද දැනගන්නට තිබේ

එම නිසා  නගර සභාවට අයත් දේපොලක් වන සෙල්බි පාර ඇතුළු අවට මාර්ගවල  මහජනතාවට හොදින් ප්‍රදර්ශනයවන ලෙස මෙම ස්ථානයේ  නතර කරන වාහනවලින් මුදල් අයකිරීමට අවසර ලබාදී නැතිබව සදහන් කරමින්  දැන්වීම් පුවරු සවිකිරීමට සහ මුදල් අයකරගැනීම සදහා අවසර දී ඇති ස්ථානවල ගාස්තු පිළිබද විස්තර සහ අයකිරීම් සිදුකල හැකි වේලාවන් සහ ගාස්තු ඇතුලත් දැන්වීම් පුවරු සවිකිරීමට කටයුතු කර  නගරයට පැමිණෙන ජනතාව සහ බදු එකතු කරන පුද්ගයන් අතර ඇතිවන ගැටුම් වැළැක්වීමට කටයුතු කරන මෙන්ද ඉල්ලා සිටිමි.

එමෙන්ම නව මාළු වෙළද පොලේ නිත්‍යානුකුල හිමිකම නගර සභාව වෙත පවරා ගැනීමට සහ එම දේපොලෙන් ලැබෙන ආදායම නගර සභාව වෙත ලබාගැනීමට පියවර ගතයුතුව ඇත එමෙන්ම මෙතෙක් කලක් මුදල් එකතුකරගත් පුද්ගලයන් හෝ  ආයතන වලින් එම මුදල් අයකරගැනීමට නිත්‍යානුකූල කටයුතු කිරීමද  නගර සභාවේ පරිපාලනයේ වගකීමකි

එමෙන්ම මෙම වේලද පොලෙහි තිබු ගොඩනැගිලි  කඩා එහි තිබු යකඩ කණු සෙවිලි තහඩු රැගෙන ගොස් ඇති අතර එම දේපල සොයාගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගැනීමද ඒ වායේ වටිනාකම නගර සභාවට ලබාගැනීමට පොලිසීයට  ඇතුළු නිතිය ක්‍රියාත්මක කරන ආයතනවෙත පැමිණිලි කිරීම සභාවේ වගකීමකි

මෙම ලිපිය සදහා කඩිනම් පිළිතුරක් ලබා දීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිමි.

එමෙන්ම මෙම ලිපියේ පිටපතක් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනබවද ඔබගේ කාරුණික දැනගැනීම සදහා සටහන් කරනු කැමැත්තෙමි”

උපුටාගැනීම අවසන්

සබැදි පුවත්

මිගමුව නව මත්ෂ්‍ය වෙළද පොලේ මිලියන 190 ක මගඩියක්

Hot this week

කෝවින්න ආදාහනාගාරයට මුවාවී දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමක්

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

නගර සභාව RDA පාරේ කප්පම ගනී ……..?

මිගමුව මහානගර සභාව තමන්ගේ දේපොළ විවධ පුද්ගලයන්ට සහ කණඩායම්...

මිගමුව නගර සභාවේ සිතල යුද්ධය අද ජුලි හතක් වෙයි

මිගමුව මහානගර සභාවේ ඉහල පුටු දෙකක තිබුණු ශීතල යුද්ධය...

මිගමුව ලංගම ඩිපෝවේ මදුරු රජදහනක් – අල්හිලාල් පාසලේ දරුවන් 10 ක් රෝහලේ

මිගමුව ඩිපෝවේ අබිලි ද්‍රව්‍ය සහ අබලන් බස් ගාල් කර...

නාගරික කොමසාරිස් නීති විරෝධී ගිවිසුමක් අත්සන් කලාද ?

මිගමුව  නගර සභා බල ප්‍රදේශය තුල මාර් ග  සංවර්ධන...

Topics

කෝවින්න ආදාහනාගාරයට මුවාවී දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමක්

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

නගර සභාව RDA පාරේ කප්පම ගනී ……..?

මිගමුව මහානගර සභාව තමන්ගේ දේපොළ විවධ පුද්ගලයන්ට සහ කණඩායම්...

මිගමුව නගර සභාවේ සිතල යුද්ධය අද ජුලි හතක් වෙයි

මිගමුව මහානගර සභාවේ ඉහල පුටු දෙකක තිබුණු ශීතල යුද්ධය...

නාගරික කොමසාරිස් නීති විරෝධී ගිවිසුමක් අත්සන් කලාද ?

මිගමුව  නගර සභා බල ප්‍රදේශය තුල මාර් ග  සංවර්ධන...

මිගමුව බන්ධනාගාරය ඩෙංගු රතු කලාපයේ

  800 ක් පමණ රදවා තැබිය හැකි මිගමුව බන්ධනාගාරයේ මේ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img