මීගමුවේ මජර පාලනය….. අඛන්ඩව ක්‍රියාත්මකයි……..

මේ සමග පලවන්නේ මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාරේ නතරකරන වාහනවලින් මුදල් අයකර ගන්නා පුද්ගලයන් විසින් නිකුත්කරන බිල්පතකි (මෙය ලබාදෙන්නේද බිලක් ඉල්ලා සිටින අයටපමනි)

මෙම බිල්පතේ සදහන්ව ඇති අන්දමට බිල්පත නිකුත්කරනු ලබන්නේ මිගමුව සාන්ත සෙබස්තියන්මාළු  වෙළද සලේ දේවස්ථානය විසින් අනුමත ස්ථානයන්හි වාහන ගාල් කිරීමේ ගාස්තු වශයෙනි එහි සදහන් කරුණු අනුව මෙම මුදල් වැල්ලවීදිය දේවස්ථානයේ සහ මෙම වෙළදසල් භුමියේ නඩත්තු කටයුතු සදහා බවද සදහන්වේ.

අප විසින්මේ සම්බන්ධයෙන් සිදුකල සොයාබැලීමේදී අනාවරණය වූ කරුණු අනුව මුදල් අයකර ලබාදෙන ටිකට් පතේ සදහන් වන අන්දමට සෙල්බි පාරේ මිගමුව සාන්ත සෙබස්තියන්මාළු  වෙළද සල නමින් මාළු වෙළද සැලක් නොමැත.

එමෙන්මසෙල්බි පාර ඉදිරිපිට ඇත්තේ මිලියන 42 ක  ජයිකා අරමුදල් වැයකර මිගමුව සංචාරක සම්පත වැඩිදියුණු කිරීම සදහා ඉදිකළ  මිගමුව නව මාළු වෙළද පොළයි.

ට්කට පතේ  සදහන්වන ආකාරයට එකතුකරන මුදල් වැල්ල විදිය දේවස්ථානයේ සහ මෙම වෙළද සල් භුමියේ නඩත්තු කටයුතු සදහා වැයකරන බව සදහන් උවත් දෛනික නඩත්තු කටයුතු සිදුකරනේ මිගමුව මහා නගර සභාවෙන් බව නගර සභාවේ තොරතුරුනිලධාරී  විසින් ලිඛිතව දන්වා ඇත..එමෙන්ම නගරසභාව සහ දේවස්ථානය අතර සෙල්බි පාරේ නතර කරන වාහනවලින් මුදල් අයකර ගැනීමට බලය ලබාදෙන කිසිම ගිවිසුමක් නොමැති බවද නගර සභාවේ තොරතුරු නිලධාරියා විසින් අපවෙත දැනුම්දී තිබේ.

එමෙන්ම අද වනවිට වෙළද පොලෙහි ගොඩනැගිලි වල තත්වය අනුව සිදුකර ඇති නඩත්තුවේ ප්‍රමණය පිලිබිබුවේ .

එමෙන්ම 2014 අංක 24 සහ 2017 අංක 20 දරණ පනත්වලින් සංශෝධිත   1987 අංක 19 දරණ මහා නගර සභා ආඥා පනතේ හෝ 1989 ජනවාරි 20 වන සිකුරාදා නිකුත්කර ඇති අංක 541 /17 අතිවිශේෂ ගැසට් පත්‍රයේ ඇතුලත් 1952 අංක 6 දරන පළාත් පාලන ආයතන (සම්මත අතුරු ව්‍යවස්ථා) පනතේ  සියලු වගන්ති අපවිසින් ගැබුරින් අධ්‍යනය කල අතර මහානගර සභාවට අයිති පාරක නතර කරන වාහනවලින් ගාස්තු අයකරගැනීමට නියමකිරීමේ බලයක් ටිකට් පතේ සදහන් ආයතනයට බලය  ලැබෙන   වගන්තියක් සොයාගත නොහැකිවිය.

ඒ අනුව මෙම මුදල් අයකිරීම  නීති විරෝධී  කටයුත්තකි.

මෙම අනීතික කටයුත්ත පිලිබදව පොලිසිය නගර සභාව ඇතුළු වගකිවයුතු ආයතන දිගින් දිගටම දැනුවත්කර ඇතත්  මෙම නීති විරෝධී ක්‍රියාව අඛන්ඩව ප්‍රසිද්ධියේ සිදුකරයි.

මෙවැනි කරුණු  මගින් පිලිබිබු වන්නේ මීගමුවේ පැවති මජර පාලනය වත්මන් ධුරධාරින්ද අඛණ්ඩව පවත්වාගෙන යාම යයි වෙනසක් වෙනුවෙන් පෙළ ගැසුණු මීගමුවේ ප්‍රගතිශීලි ජනතාව පවසති.

සබැදි පුවත්

මිගමුව මහා නගර සභාවේ බලය මාලිමාවේ පාලනය…………?

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img