කටානේ අනවශ්‍ය වීදි ලාම්පු ඉවත්කිරීම කයිවාරුවක් වෙලා………

කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ සවිකර ඇති අනවශ්‍ය වීදිලාම්පු ඉවත්කිරීම සදහා  ජාතික ජනබලවේගයේ ලෙස්ලි ප්‍රනාන්දු පුල්ලේ මන්ත්‍රීවරයා යෝජනා කලේ 2025 ඔක්තෝම්බර් මස 17 වනදින පැවති මහා සභාවේදීය.

යෝජනාව ඉදිරිපත්ව මේවන විට මාස හයකට ආසන්න කාලයක් ගතව ඇතත් අනවශ්‍ය වීදිලාම්පු ඉවත්කර විදුලිබලය සුරැකීමට අවශ්‍ය පියවර  ගැනීමට  කටාන ප්‍රදේශීය සභාව මෙතෙක්  කටයුතු කර නැත

බල ශක්තිය පිළිබද බරපතල  ගැටලුවකට මුහුණ දෙමින් සිටින මෙම මොහොතේ එක විදුලි බල්බයක් හෝ නිවා සහයෝගය ලබාදිය යුතු අවස්ථාවක  ලෙස්ලි ප්‍රනාන්දු පුල්ලේ මන්ත්‍රීවරයා 2025 ඔක්තෝම්බර් මස 17 වනදින පැවති මහා සභාවේදීපෙන්වා දුන් අන්දමට කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ වීදිලාම්පු 25000 ක් පමණ සවිකර ඇත.

සාමන්‍යයෙන් කණුවක් හැර කණුවක් විදිලාම්පු සවිකිරීම ප්‍රමාණවත් වන අතර කිලෝ මීටරයක් වීදිලාම්පු 30 කින් ආවරණය කරගත හැකිය.දැනට කිලෝමීටරයක් ඇතුලත   විදිලාම්පු 60 සිට 65 දක්වා සවිකල අවස්ථා නිරීක්ෂණය වී තිබේ.

සමහර ස්ථානවල එක කණුවේ වීදිලාම්පු  දෙක බැගින් සවිකර දී ඇත්තේ එකක් පාරට සහ අනෙක අසල ඇති ගෙමිදුල හෝ  ව්‍යාපාරික ස්ථානයේ ඉදිරි පසට ආලෝකය ලැබෙන අන්දමටය.

මෙලෙස අක්‍රමවත්ව හුදු පුද්ගලික බැදීම හිතවත්කම් පදනම් කරගනිමින් සවිකර ඇත වීදි ලාම්පු ඉවත්කිරීමට කටයුතු කරන්නේද අවිදිමත් ක්‍රමයකටය එම ක්‍රමය නොකෙරෙන වෙදකමට කොදුරුතෙල් හෙවුවා වැනි ක්‍රමයකි

ප්‍රාදේශීය සභාවේ සභාපති තුමිය පසුගිය මහා සභාවේදීද ඉවත් කලයුතු වීදි ලාම්පු තිබෙන තැන දැනුම් දෙන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි අතර එය නොකෙරෙන වෙදකමකි.

කොට්ඨාශයේ ලබන වතාවෙත් ජන්දය දිනා ගැනීමට බලා පොරොත්තුවෙන් සිටින මන්ත්‍රීවරයා තවත් වීදි ලාම්පුවක් සවිකරන්නට උත්සාහ ගන්නවා මිස තියෙන වීදි ලාම්පුවක් ගැළවීමට කිසිවිටක කටයුතු කරන්නේ නැත.

එම නිසා කලයුතු වන්නේ වීදි ලාම්පු සවිකිරීම සදහා ප්‍රමිතියකින් යුතු ක්‍රමවේදයක් හදුන්වා දී එයට පටහැනිව සවිකර ඇති සියලු වීදි ලාම්පු ඉවත්කරන ලෙස විදුලි අංශයට උපදෙස් දීමයි.

අපවිසින් ජායාරූප සහිතව පෙන්වා දුන් වීදි ලාම්පු (ඩබල්) අදටත්  එලෙසම තිබෙන අතර  මෙම අකටයුතු පිලිබදව තොරතුරු ලබාදෙන මාලිමාවේ ජයග්‍රහණය සදහා  වෙනසක් වෙනුවෙන් පෙනීසිටි කටානේ  ජනතාව   දැඩිලෙස කලකිරීමට පත්වෙමින් සිටින බව පෙනෙන්නට ඇත.

ජාතික ජනබලවේගයේ  අවධානය  පිණිසයි

හඩපටය

සබැදි පුවත්

විදේශ විනිමය ගිලින කටානේ වීදිලාම්පු

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img