මිගමුව නවමාලු වෙළද පොළ ඉදරිපිට සෙල්බි පාරේ නතරකර තබන වාහනවලින් මුදල් අයකිරීම (කප්පම් ගැනීම) ජූලිමස 2 සිට නතරකල යුතුබව මිගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිවරයා විසින් එම මුදල් එකතු කිරිම සිදුකරන පුද්ගලයාට අද 01 මිගමුව පොලිසියේ රථවාහන අංශයට කැදවා දැනුම්දෙනු ලැබීය.
එලෙස දැනුම් දෙනු ලැබුවේ පුරවැසියෙකු විසින් මෙම අනීතික මුදල් එකතුකිරිම පිළබදව මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති වරයාට සිදුකර තිබු ලිඛිත පැමිණිල්ලක් පිලිබදව සිදුකල විමරෂණයකින් අනතුරුවය.
ජුනිමස 23 දින සිදුකල පැමිණිල්ල පිලිබදව පොලිස් ස්ථානාධිපති වරයාගේ උපදෙස් 24 දිනම විමරෂණ ආරම්භ කල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මුදල් එකතුකරන්නා සහ පැමිණිලී කරුවන් රථවාහන අංශයට කැදවා කරුණු විමසීමක් සිදුකරනු ලැබූ අතර එහිදී වැල්ලවීදිය දේවස්ථානයේ පියතුමා සමග පැමිණීමට අවශ්‍ය බව මුදල් එකතු කරන්නා කරන ලද ඉල්ලීමට අනුව වැඩිදුර කරුණු විමසීම අද ජුලි මස 01 දින 9.00 ට සිදුකිරීමට තීරණය විය.
ඒ අනුව අද උදෑසන දේවස්ථානයේ පියතුමා නොපැමිණි අතර මුදල් එකතුකරන්නා පමණක් පැමිණ සිටියේය.
මෙහිදී පැමිණිල්ලේ ප්‍රධාන තරකය වුයේ නගරසභාවට අයත් පාරක නතර කරතබන වාහනවලින් යම් ගාස්තුවක් අයකරන්නේ නම් එසේ අයකරන පුද්ගලයාට හෝ ආයතනයට නගර සභාවෙන් ලබාගත් නිත්‍යානුකුල අවසරයක් තිබියයුතු බවයි.
එවැනි අවසරයක් සහිත ලිපියක් ,ලේඛනයක්, ගිවිසුමක් ඉදිරිපත් කිරීමට මුදල් එකතුකරන්නා අසමත්විය. මේ අනුව පරීක්ෂණ නිලධාරියා ලෙස කටයුතුකළ රටවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මුදල් එකතු කිරීම හෙට දින එනම් ජුලි 02 දින සිට නතරකල යුතු බව දැනුම් දෙනලදී.
මෙම පරීක්ෂණය සදහා පැමිණ සහභාගිවන ලෙසත් එසේ නොහැකිනම් නාගරික කොමසාරිස් වරයා හෝ වගකිවයුතු නිලධාරියෙකු සහභාගී කරවන ලෙසත් අප මිගමුව මහා නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතාට ප්‍රසිද්ධ ආරාධනයක් කර තිබුනත් ඒ මහතා හෝ නගර සභාවේ නිලධාරියෙකු පැමිණ සිටියේ නැත.
මෙවැනි මුදල් එකතු කිරීම් මෙම ස්ථානයේ නතර කරතබන වාහන වලින් මුදල් එකතුකිරිම තහනම් බව සදහන් පුවරුවක් සවිකර නතරකිරීමට නගර සභාවට හැකියාවක් ඇතත් එසේ නොකරන්නේ නගර සභාවේ කාටහෝ අනිතිකව එකතු කරන මෙම මුදල්වලින් කොටසක් ලැබෙන නිසා දැයි අපට සාධාරණ සැකයක් ඇත.






