32 C
Negombo
32 C
Negombo

කටාන ප්‍රාදේශීය සභාව ඉඩම් වෙන්දේසි කරුවන්ගේ රූකඩයක් ද ?

-

කටාන ප්‍රාදේශීයසභා බලප්‍රදේශයේ ඉඩම් කොටස් මිලදීගෙන අමාරුවේ වැටුණු විශාල පිරිසක් සිටිනබව අපගේ ප්‍රාදේශීය සභා ආරංචි මාර්ග පවසයි.

වෙන්දේසි කරුවන්  විකුණා  ඇති සමහර ඉඩම්වලින් ප්‍රාදේශීය සභාවට ලැබියයුතු  1% ක බදුමුදල ගෙවා නැති අතර ඒවා අයකරගැනීමට කටයුතු කරනබවක්ද පෙනෙන්නට නැත.මේ නිසා ඉඩම මිලටගත් අයට  බැංකු ණයක් ලබාගැනීමට විදුලිය ලබාගැනීමට නොහැකි වී ඇතිබවද දැනගන්නට ඇත.

ප්‍රාදේශීය සභාවේ බලධාරීන් ඉඩම් වෙන්දේසිකරුවන්ට සිත්සේ ඉඩම් කොටස්කර විකුණා ගැනීමට ඉඩ ලබාදී බලා සිටින්නේ  වෙන්දේසිකරුවන් විසින් ලබාදෙන දොලපිදේනි වල රසබලන නිසා යයි  සංවාදයක් මේ දිනවල සමාජ ගතවී ඇත.

කණ්ඩායම් වශයෙන් එකතුවී පවත්වන සාකච්ඡා වලදී පිදෙනියේ ගොටුක්  තමන්ගේ පිගානටත් අවශ්‍ය යයි ඉල්ලා සිටින්නේත් ජනතාවට සේවය කිරීමට මිස ලිසිං ඇරියස් ගෙවීමට නම් නොවේයයි අලුත් ප්‍රස්තාප පිරුලක් නිර්මාණය වී තිබේ .

කනින් කොනින් ඇසෙන කථාවලට  අනුව ප්‍රගිතිශීලි ප්‍රතිගාමී සියළු දෙනාම එකමුතුව පිදෙනියේ ගොටු කනබවද ප්‍රසිද්ධ රහසකි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.