31 C
Negombo
31 C
Negombo

කටානේ ඩෙංගු වසංගත තත්වයක් -සමුර්ධිගම කදසුරිදුගම රෝගීන් 100 ක්

-

මිගමුව රෝහලට වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහලයමින් පවතිනබව අපගේ රෝහල් ආරංචිමාර්ග පවසයි.

මිගමුව රෝහලේ ඩෙංගුඋණ සහ ඩෙංගු රක්තපාත කළමනාකරණ ඒකකයේ සියලු ඇදන් මේවන විට රෝගීන්ගෙන් පිරි ඇති අතර කායික සහ ළමා වාට්ටුවලද ඩෙංගු උණ වැළදුණු  රෝගීන්  ප්‍රතිකාර ලබමින් සිටි.

කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් අක්කරපනහ ග්‍රාමනිලධාරී වසමට අයත්   සමුර්ධිගම සහ කදසුරිදුගම  ඩෙංගු වසංගත තත්වයකට පැමිණ ඇති අතර වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් ගණන   අනුපහක් වන අතර නිර්මල මාවතෙන් දැනට රෝගීන් පස්දෙනෙකු වාර්තාවී ඇත.කුඩා බිම්කොටස්වල විශාල පවුල් ප්‍රමාණයක් ජිවත්වන මෙම ගම්මාන වල නිවෙස් වලින් බැහැරකරන කසල ප්‍රාදේශීය සභාව විසින් විදිමත් ක්‍රමවේදයකට අනුව එකතු නොකිරීම නිසා වැසිසමයත් සමග මදුරු ගණත්වය වැඩිවීමෙන්    මෙම තත්වය උද්ගතව ඇත.

මහජන සෞඛ්‍ය අදාල කරුණු විධිමත් ලෙස පලනය කිරීමේ  වගකීම පැවරී ඇති කටාන ප්‍රාදේශීය සභාව මේ තත්වයටවගකිවයුතු බව ප්‍රදේශවාසීන් පවසයි.

සබැදි පුවත්

https://www.negombotoday.lk/%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%af%e0%b7%93%e0%b6%b8%e0%b6%b1%e0%b7%8f%e0%b7%80-%e0%b6%9a%e0%b7%9d%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.