පාර්ලිමේන්තු මැතිවරණයේදී UNP -TNA ගිවිසුමට එරෙහි එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සහය ඝෝඨාභයගේ සන්ධානයට

ජනාධිපති මැතිවරණයේ ප්‍රතිපලය සිතියම් ගතකල පසු  කොලපාට වී ඇත්තේ ඊළමක් බවත් එය එක්සත් ජාතික පක්ෂයේ සහ ද්‍රවිඩ සන්ධානයේ ගිවිසුම බව  තේරුම් ගෙන ඇති ඊලාම් විරෝධී එක්සත් ජාතික පාක්ෂිකයන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඝෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඉදිරිපත්වන පෙරමුණ සමග එකතුවීමට තීරණයකර ඇතිබව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේබව ප්‍රකාශකලේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සදහා කටයුතුකල  මීගමුවේ  දේශපාලන ක්‍රියාකාරීන්ට ස්තුතිය පුදකිරීම සදහා 7 දින මිගමුව නගරශාලාවේ පැවති රැස්වීමක් අමතමිනි.රාජ්‍යා අමාත්‍ය නිමල් ලාන්සා මහතා විසින් මෙම රැස්වීම  සංවිධානය  කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල අමත්‍ය වරයා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ගොඩනැගීම සදහා මෙන්ම  ජනාධිපතිවරණ ජයග්‍රහණය සදහා විශාල වැඩකොටසක් බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඉටුකළ බවත් එය අගයකලයුතු බවද සදහන් කළේය.

ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ රටදිනවන වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සදහා එතුමාගේ වැඩපිළිවෙල අනුමත කරන බහුතර මන්ත්‍රීවරු  පිරසක් නියෝජනය පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවද පෞද්ගලික න්‍යායපත්‍ර වලින් තොරව සියළු ජනකොටස් එකතුකරගෙන ඉදිරි මැතිවරණය සදහා මුහණ දී තුනෙන් දෙකක පාර්ලි මේන්තු බලයක් ලබා ගැනීමට කැපවීමෙන් ක්‍රියා කලයුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉතාම කෙටි කලකින් පළාත් පාලන මැතිවරණය සහ ජනාධිපතිවරණය ජයගත් ජනතාව ආදරයකරන ශ්‍රීලංකා  පොදුජන එකසත් පෙරමුණෙන් පොහොට්ටුව ලකුණින්ම මීලග පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දිය යුතු බව ද  ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම රැස්වීම ඇමතු  රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා  මිගමුව මැතිවරණ බලප්‍රදේශය ජයග්‍රහණයකිරීම  අභියෝගාත්මක බවත් 2015 මැතිවරණයේ සිට පැවතිසියලු මැතිවරණ වලදී පක්ෂයේ ජන්ද ප්‍රතිශතය වැඩිකර ගැනීමට හැකිවුබව පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරණයේදී   බලාපොරොත්තුවූ ජන්ද ප්‍රතිශතයට ලගාවීමට නොහැකි වුවත් මීලග පාර්ලි‌‌මේන්තු මැතිවරණයේදී එජාප විරෝධී සියලු බලවේග සමග එකතුවී  මිගමුව ආසනය ජයග්‍රහණය කිරීමට කටයුතු කරනබවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

Hot this week

මදුරුවන් බෝකළ කටානේ 25 කට නඩු

ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාරයාලය ...

මීගමුවේ මාලිමා පාලනයට වසරයි – නගරසභා දේපොළ තවමත් කොල්ලකරුවන් අතේ

ජාතික ජනබලවේගය මිගමුව මහානගර සභාවේ බලය ලබාගෙන වසරක් ගතවී...

ඉබ්‍රාහිම් නානගේ සම්බන්ධයක් තියෙනවා බ්‍රිටෝ – අනවශ්‍ය බලපෑම් එපා වින්දිතයන්

කටුවාපිටිය දෙවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු...

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

Topics

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img