32 C
Negombo
32 C
Negombo

පාර්ලිමේන්තු මැතිවරණයේදී UNP -TNA ගිවිසුමට එරෙහි එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සහය ඝෝඨාභයගේ සන්ධානයට

-

ජනාධිපති මැතිවරණයේ ප්‍රතිපලය සිතියම් ගතකල පසු  කොලපාට වී ඇත්තේ ඊළමක් බවත් එය එක්සත් ජාතික පක්ෂයේ සහ ද්‍රවිඩ සන්ධානයේ ගිවිසුම බව  තේරුම් ගෙන ඇති ඊලාම් විරෝධී එක්සත් ජාතික පාක්ෂිකයන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඝෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඉදිරිපත්වන පෙරමුණ සමග එකතුවීමට තීරණයකර ඇතිබව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේබව ප්‍රකාශකලේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සදහා කටයුතුකල  මීගමුවේ  දේශපාලන ක්‍රියාකාරීන්ට ස්තුතිය පුදකිරීම සදහා 7 දින මිගමුව නගරශාලාවේ පැවති රැස්වීමක් අමතමිනි.රාජ්‍යා අමාත්‍ය නිමල් ලාන්සා මහතා විසින් මෙම රැස්වීම  සංවිධානය  කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල අමත්‍ය වරයා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ගොඩනැගීම සදහා මෙන්ම  ජනාධිපතිවරණ ජයග්‍රහණය සදහා විශාල වැඩකොටසක් බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඉටුකළ බවත් එය අගයකලයුතු බවද සදහන් කළේය.

ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ රටදිනවන වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සදහා එතුමාගේ වැඩපිළිවෙල අනුමත කරන බහුතර මන්ත්‍රීවරු  පිරසක් නියෝජනය පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවද පෞද්ගලික න්‍යායපත්‍ර වලින් තොරව සියළු ජනකොටස් එකතුකරගෙන ඉදිරි මැතිවරණය සදහා මුහණ දී තුනෙන් දෙකක පාර්ලි මේන්තු බලයක් ලබා ගැනීමට කැපවීමෙන් ක්‍රියා කලයුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉතාම කෙටි කලකින් පළාත් පාලන මැතිවරණය සහ ජනාධිපතිවරණය ජයගත් ජනතාව ආදරයකරන ශ්‍රීලංකා  පොදුජන එකසත් පෙරමුණෙන් පොහොට්ටුව ලකුණින්ම මීලග පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දිය යුතු බව ද  ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම රැස්වීම ඇමතු  රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා  මිගමුව මැතිවරණ බලප්‍රදේශය ජයග්‍රහණයකිරීම  අභියෝගාත්මක බවත් 2015 මැතිවරණයේ සිට පැවතිසියලු මැතිවරණ වලදී පක්ෂයේ ජන්ද ප්‍රතිශතය වැඩිකර ගැනීමට හැකිවුබව පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරණයේදී   බලාපොරොත්තුවූ ජන්ද ප්‍රතිශතයට ලගාවීමට නොහැකි වුවත් මීලග පාර්ලි‌‌මේන්තු මැතිවරණයේදී එජාප විරෝධී සියලු බලවේග සමග එකතුවී  මිගමුව ආසනය ජයග්‍රහණය කිරීමට කටයුතු කරනබවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.