29 C
Negombo
29 C
Negombo

පාසැල් නිවාඩුව හෙට සිට

-

රට තුළ ඇති වී පවතින කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස දිවයින පුරා සියලුම පාසල් අප්‍රේල් 20 වනදා තෙක් පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (12) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසීය.

ඒ අනුව හෙට (12) සිට ආරම්භ වනුයේ පළමු පාසල් වාර නිවාඩුව බවත් නියමිත දිනට (අප්‍රේල් 20) දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

එසේම මෙහිදී රට තුළ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිදු බරපතල තත්ත්වයක් නොමැති බවත් මෙහිදී පාසල් දරුවන් හා දෙමාපියන් තුළ මේ පිළිබඳ යම් අනියත බියක් පවතින බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා කීය.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා ගත් තීරණය සම්බන්ධයෙන් පෞද්ගලික පාසල් සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන ද විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙස ඉල්ලීමක් සිදු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.