30 C
Negombo
30 C
Negombo

ඇඳිරි නීතිය කඩකලොත් අත්අඩංගුවට

-

දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබියදීත් එම නීතිය කඩකරමින් හැසිරෙන හා මාර්ගවල වාහනවලින් ගමන් ගන්නා පුද්ගලයන්ට පොලීසිය කිසිදු අනුකම්පාවක් නොදක්වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නීතිය කඩන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා 45,000 කට ආසන්න පොලිස් පිරිසක් දිවයින පුරා යොදවා ඇති බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

සියලු පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද අජිත් රෝහණ මහතා පැවසීය.

වාහනවල ගමන් ගන්නා පුද්ගලයන්ගේ වාහන පොලිසිය බාරයට ගන්නා බවත් එම වාහන වල හිමිකරුවන්ට එරෙහිව ද නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා කියා සිටියේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.