මිගමුව කඩොල් කැලේ සරත් ගුණරත්න ක්‍රීඩාංගනය මෙන්ම ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ගෘස්හස්ත ක්‍රීඩාංගනය සහ නව පාපන්දු පිටිය ඉදිවන භුමිය නගර සභාවට අයත් නැතිබව පවසමින් ගෙනයන ප්‍රචාරයන් පිටුපස මෙම ඉඩම්වලින් මුදල් උපයන සහ අනවසරයෙන් භුක්තිවිදින පිරිසක් සිටිනබවට තොරතුරු ලැබෙමින් පවතී
පාපන්දු ක්‍රීඩාංගනයේ ඉදිකිරිම කඩාකප්පල් කිරීම මෙන්ම දැනටමත් අනීතිකව නගර සභාවට මුදල් නොගෙවමින් එම ඉඩම් වල ගොඩනැගිලි තනාගෙන ව්‍යාපාර කරන සහ හොර ඔප්පු සකස් කරගෙන නිවාස ඉදිකරගෙන තිබෙන මෙම පිරිස ඉඩම්වල අනවසර බුක්තිය අයිතියක් බවට පත්කර ගැනීමේ අරමුණින් මෙලෙස කටයුතු කරනබවද දැනගන්නට ඇත.
මිගමුව ප්‍රාදේශීය ලේකම් විසින් යොමුකළ බප /මිග /සැල/පොදු / 2015 සහ 2015 04.01 දිනැති ලිපියකින් මෙම භුමියේ 2015 බස්නාහිර පළාත් සංවර්ධන ප්‍රධාන වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් විසින් ක්‍රියාත්මක කිරීමේ ව්‍යපෘති දෙකක් සදහා මිගමුව නාගරික කොමසාරිස්වරයාගෙන් අවසර ඉල්ලා ඇතිඅතර ඒ සදහා එවකට සිටි නාගරික කොමසාරිස් වරයා විසින් ඒ සදහා කැමැත්ත ලබාදී ඇත.
එමඅවසර ලබාදීමේ ලිපියට අනුව මෙම ඉඩම මිගමුව නගර සභාව සතු නොවුවද දිගුකලක සිට නගර සභාව විසින් භුක්ති විදින බවද නගර සභාවේ ප්‍රතිපාදන යොදවා ක්‍රීඩා පිටිය සංවර්ධනය කළබවද ඒ අනුව එම සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීම පිලිබදව විරෝධතාවයක් නොමැතිබව සදහන් කර ඇත.
විශාල වගුරු බිමක්ව පැවති මෙම භුමිය සංවර්ධනය සදහා අතිවිශාල මුදලක් මහානගර සභාව විසින් වැයකර ඇතිබවට කිසිදු සැකයක් නැත .
එම නිසා මීගමුවට ආදරය කරනවානම් නාගරිකමන්ත්‍රී වරුන් මේ අවස්ථාවේ සිදුකල කළයුතුව ඇත්තේ පාපන්දු ක්‍රීඩාංගනය ඉදිකිරීමේ කටයුතු වලට බදා කිරීම පසෙකලා නියමිත ක්‍රමවේදය යටතේ පාපන්දු පිටිය ඇතුළු යෝජිත ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරිම සදහා සහයෝගය දැක්වීමයි.
එමෙන්ම නගර සභාව සතුව ඇති විවිධ කණඩායම් සහ පුද්ගලයන් විසින් අනිතිකව අත්පත් කරගෙන බුක්තිවිදින නගර සභා දේපොළ නගර සභාවේ පාලනයට ගෙන ඒ වායේ අදායම් නගර සභාවට ලබාගැනීම සදහා යෝජනා ඉදිරිපත් කිරීමද සහයෝගය දැක්වීමද සියලුම නාගරික මන්ත්‍රී වරුන්ගේ සහ නිලධාරිගේ වගකීමකි
සබැදි පුවත්






