දෙමව්පියන් මිය ගොස් වසර හතරකට පසු මෙලොව එළිය දුටු දරුවෙක්

සැබෑ දෙමව්පියන් මියගොස් වසර හතරකට පසු වෙනත් මවකගේ කුසින් මෙලොව එළිය දුටු බිළිඳකු පිළිබඳව චීන මාධ්‍ය වාර්තා කරයි.

එම බිළිඳාගේ සැබෑ දෙමව්පියන් මෝටර් රථ අනතුරකින් 2013 වර්ෂයේදී මිය ගොස් ඇත.

මරණයට පත් වීමට වසර කීපයකට පෙර ඔවුන්ගෙන් ලබා ගත් බීජ මගින් නිමැවුණ කලල අයිවීඑෆ් තාක්ෂණය (නල දරු උපත්) ඔස්සේ දරුවෙකු ලබා ගැනීමේ අරමුණින් අධිශීතකරණයක තැන්පත් කර තබනු ලැබ ඇත.

එසේ තැන්පත් කර තිබුණ කලල වෙනත් කාන්තාවකගේ ගර්භාෂයේ තැන්පත් කරමින් දරුවකු ලබා ගැනීම රිය අනතුරෙන් මරණයට පත් යුවළගේ දෙමව්පියන්ගේ උවමාව විය.

එහෙත් ඒ සඳහා දීර්ඝ අධිකරණ ක්‍රියාවලියක් අනුව කටයුතු කිරීමට ඔවුන්ට සිදු වී ඇත.

කෙසේ වෙතත්, එම කලල ‘ ලාඕස්’ කාන්තාවකගේ ගර්භාෂයේ තැන්පත් කරමින් පසුගිය දෙසැම්බර් මස පුතකු බිහිකර ගැනීමට හැකි වූ බව ‘බීජිං නිව්ස්’ වාර්තා කරයි.

මෙවැනි කාර්යයක් තීරණය කිරීමට අදාළ නීති සැකසී නොමැති නිසා අධිකරණ ක්‍රියාවලිය සඳහා ඉතා දීර්ඝ කාලයක් ගතවන බව ‘බීජිං නිව්ස්’ තව දුරටත් සඳහන් කරයි.

‘නීතියේ හිඩැසක්’

උෂ්ණත්වය ඍණ 196 ක මට්ටමින් ශීත කළ මෙම කලල නයිට්‍රජන් දියරය පිරවූ ටැංකියක බහා තබා චීනයේ නන්ජින් රෝහල තුළ සංරක්ෂණය කර තිබුණි.

අනතුරෙන් මියගිය දෙදෙනාගේ දෙමව්පියන්ට මෙම කලල පිළිබද තීරණ ගැනීමේ අයිතියක් ඇති බව අධිකරණය තීන්දු කළේය.

නමුත් සිය දරුවන්ගෙන් ලබාගත් ශීත කළ කලල පරම්පරා උරුමයෙන් ඔවුන්ගේ දෙමව්පියන්ට හිමිවිය යුතුයයි පැවසෙන නඩු තීන්දුවක් මින් පෙර ප්‍රකාශයට පත් කර නොතිබුණ බව වාර්තාවන්හි දැක්වෙයි.

චීනය

කෙසේ වෙතත්, මෙම කලල පිළිබද අයිතිය මියගිය දෙදෙනාගේ දෙමව්පියන්ට ලැබුණි. නමුත් වැඩි කලක් ගත වීමට පෙර තවත් ප්‍රශ්න රාශියකට මුහුණ දීමට ඔවුන්ට සිදු විය. ශීත කළ කලල නන්ජින් රෝහලෙන් ඉවතට ගෙන යාමට අවසර ඇත්තේ ඒවා වෙනත් රෝහලක තැන්පත් කිරීමට හැකිනම් පමණය. මේ සදහා සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

නමුත් ශීත කළ කලල සම්බන්ධයෙන් නීති සැකසී නොමැති නිසා මෙම කලල තැන්පත් කිරීමට චීනය තුළ වෙනත් රෝහලක් සොයා ගැනීම ඉතා අපහසු කාර්යයක් විය.

වෙනත් පුද්ගලයන්ගේ කලල තම ගර්භාෂයේ තැන්පත් කරමින් දරුවන් බිහි කිරීම චීන නීතියට අනුව තහනම් ක්‍රියාවකි. මේ හේතුවෙන් කලල තැන්පත් කිරීම සදහා චීනයෙන් පිට මවක් සොයා ගැනීම මීළඟ දුෂ්කර කාර්යයක් විය.

 

දරුවාගේ දෙමව්පියන් කව්ද? ඔහු කුමන රටේ පුරවැසියෙක්ද?

පුද්ගලයන්ගෙන් කලල ලබා ගැනීම සහ තැන්පත් කිරීම සිදු කරන ආයතනයක සහාය ලබා ගැනීමට අනාගත සීයා සහ මිත්තණියන් දෙපළ තීරණය කළහ. ඒ අනුව එම ක්‍රියාව නීත්‍යනුකූල රටක් වන ලාඕසයෙන් මවක් සොයා ගැනීමට ඔවුන් වෙහෙසුනහ.

නමුත් නයිට්‍රජන් පිරවූ සාමාන්‍යය ප්‍රමාණයේ බෝතලයක් ගුවන් මඟින් රැගෙන යාමට කිසිදු ගුවන් සමාගමක් එකඟ වූයේ නැති නිසා මෙම ‘වටිනා භාණ්ඩය’ ලාඕස් වෙත රැගෙන යාමට සිදු වූයේ මෝටර් රථයකිනි.

අවසානයේ දී ලාඕස්හි ජීවත් වන මවකගේ ගර්භාෂයේ මෙම කලල තැන්පත් කිරීමෙන් පසු 2017 දෙසැම්බර් මස පිරිමි දරුවෙකු බිහි විය. ඔහුට ‘ටියෑන්ටියෑන්’ ලෙස නම් තබන ලදී.

බිළිඳාගේ පුරවැසිභාවය, දෙමව්පියන් මුහුණ දුන් මීළඟ ප්‍රශ්නය බවට පත් වුණි. කලල ලබා ගත්තේ චීනයේදී නිසා ඔහුගේ සැබෑ උපත සිදු වී ඇත්තේ චීනයේය. කලල ‘ලාඕස්’ කරා රැගෙන ගොස් ඇත්තේ සාමාන්‍ය සංචාරක වීසා බලපත්‍රයක් මඟින්ය.

බිළිඳාගේ සැබෑ දෙමාපියන් තහවුරු කර ගැනීමට නොහැකි නිසා, සීයා සහ මිත්තණියන්ගේ රුධිර සාම්පල සහ DNA පරීක්ෂා කිරීමට සිදු විය. බිළිඳාගේ සැබෑ දෙමාපියන් චීන ජාතිකයන් බව තහවුරු කර ගැනීමක් ද මෙහිදී සිදු විය.

BBC SINHALA

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img