මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන්ට සිදුවූ බලපෑම් ගැන පරීක්ෂණවලට මුල්තැන දෙනවා

මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට සිදුවූ බලපෑම් පිළිබඳ පරීක්ෂණ සඳහාත් මූලිකත්වය ලබා දී කටයුතු කරන්නැයි ඒ පිළිබඳ පරීක්ෂණ කරන ආයතනවලට නියෝග කර ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ ප්‍රකශ කළේ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දින සැමරුම් උත්සවයට එක්වෙමිනි.

එසේම අමාත්‍යවරයා එහි දී කියා සිටියේ මාධ්‍යවේදීන්ට සිදු වූ බලපෑම් සම්බන්ධ ඇතැම් සිද්ධිවල සාක්ෂි පවා විනාශ කිරීමට අපරාධකරුවන් කටයුතු කර ඇති බවයි.

එසේම ඇතැම් අපාරාධවලට සම්බන්ධ තොරතුරු ඇතුළත් වාර්තා පවා විනාශ කර ඇති බවයි. තත්ත්වය එසේ වුවත් අදාළ සිද්ධි පිළිබඳ පරීක්ෂණ මේවන විට විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. එසේම මේ පිළිබඳ සොයා බැලීමට නව නීති රීති හඳුන්වාදෙන බවයි. විශේෂයෙන්ම අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි සිද්ධිවලදී සිරුර හමු නොවී ඝාතන චෝදනා ගොනු කිරිම සඳහා අවශ්‍ය නව නීති රීති හඳුන්වාදිය යුතු නම් ඒ සඳහා ද පසුබට නොවන බවයි. අදාළ පරීක්ෂණ පැවැත්වීමට කොතරම් දුෂ්කරතා ඇතිවුවවද ඒ සියලු සිද්ධි පිළිබඳ පරීක්ෂණ පැවත්වා වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

කොළඹදී (04) පැවැත්වූ එම සැමරුම් උත්සවයේ දී උදයන් පුවත්පතේ කර්තෘ දේවනායගම් ප්‍රේමානන්ද මහතා ප්‍රකාශ කළේ තම පුවත්පත් ආයතනයට පසුගිය චෝගම් උත්සවයෙන් පසු කාලය තුළදී ඇතිවූ බලපෑම් පිළිබඳ පරීක්ෂණ සිදුවනවාද යන්න පිළිබඳවවත් නොදන්නා බවයි. එසේම අවස්ථා 37 කදී තම ආයතනයට බලපෑම් සිදුව තිබෙන බවත් උදයන් පුවත්පතේ කතුවරයා පැවසීය.

උදයන් කතුවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය සාගල රත්නායක මහතා අදාළ සිද්ධි පිළිබඳ තමාට තොරතුරු ලබා දෙන ලෙස පැවසූ අතර එම තොරතුරු ඇතුළත් ලිපි ගොණුවක් උදයන් කතුවරයා විසින් එහිදී අමාත්‍යවරයාට ලබා දෙන ලදී.

උදයන් පුවත්පතේ කර්තෘවරයා ලබා දුන් තොරතුරු ඇතුළත් ලිපිගොනුව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා මඟින් පොලිස්පතිවරයාට ලබා දීමට අමාත්‍ය සාගල රත්නායක මහතා කටයුතු කළේය. එසේම මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට සිදුවූ බලපෑම් සම්බන්ධ පැමිණිලි විමර්ශන කටයුතුවල ප්‍රගතිය පිළිබඳ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ද අමාත්‍යවරයා විමසීමක් කළේය.

දිනමිණ වෙබ්අඩවිය

Hot this week

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

Topics

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img