Thursday, October 29, 2026
30 C
Negombo

රන්බඩු කොල්ලකෑ පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණයක්

බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර රෙයිස් ප‍්‍රනාන්දු මහතාගේ ලඝුලේඛකයාට සහ ඔහුගේ මිතුරාට ගිනි අවියක් පෙන්වා බියගන්වා ඔවුන් සතු අකුණු සන්නායකයක් සහ රුපියල් පන්ලක්ෂ පනස් පන්දහසක් වටිනා රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියකට අදාළ ව පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළු 8 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව කුරුඳුවත්ත පොලීසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතාට අද(23) වාර්තා කළේය.තමන් පළාත් සභා මන්තී‍්‍රවරයා ළග සේවය කරන අවස්ථාවේදී ඩිලාන් නැමැති මිතුරකු හදුනා ගත් බවත්, ඒ අනුව තමන් සන්තකයේ තිබූ අකුණු සන්නාහකය අලෙවි කිරීම සදහා ගැනුම්කරුවකුට එය පෙන්වීමට ඉකුත් 20 වැනිදා කොළඹට යෑමට අවශ්‍ය බව ඔහු සදහන් කළ බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ඒ අනුව තම මිත‍්‍රයකු වූ රමේෂ් නැමැත්තා සමග මෝටර් රථයෙන් කොළඹ බලා පිටත් වූ අතර, අතරමගදී ඩිලාන් නැමැත්තාත් ඔහුගේ පෙම්වතිය බව කියන අයකුත් තමන් සමග වෑන් රථයකින් පැමිණී බවත් පෑලියගොඩ ප‍්‍රදේශයෙන් ධම්මික නැමැති අයකු තම කාර් රථයට ගොඩ වූ අතර සියලූ දෙනා බෞද්ධාලෝක මාවතේ පිහිටි ස්ථානයකට ගිය බවද පැමිණිල්ලේ දැක්වේ. පසුව එම බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවෙසක ඉහළ මාලයට ගොස් අකුණු සන්නායකය පිළිබඳ මිල ගණන් කතා කරමින් සිටියදී එම ස්ථානයට පැමිණී නිල ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් තිදෙනකු  සහ සිවිල් පුද්ගලයන් සිව් දෙනකු තමන් සන්තකයේ ආයුධ ඇති බැවින් පරීක්ෂා කිරීමට අවශ්‍ය බවට සදහන් කරමින් ගිනි අවියක් පෙන්වා තමා සහ තම මිතුරා සන්තකයේ තිබූ රුපියල් පන් ලක්ෂ පනස් පන් දහසක් වටිනා රත‍්‍රන් බඩු මංකොල්ල කෑ බව පැමිණිලිකරු සඳහන් කර ඇත.

අනතුරුව මෝටර් රථයේ යතුර ඉල්ලා ගෙන එම පිරිස පළා ගිය බවත්  පසුව ගොස් බැලීමේදී වාහනයේ ඩිකියේ තිබූ අකුණු සන්නායකය ද අතුරුදන්ව ඇති බවත් පැමිණිල්ලේ දැක්වේ

උපුටා ගැනීම  ලංකා දීප එසැන පුවත් වෙබ්අඩවිය25/5/2017.

Hot this week

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

Topics

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img