මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන්ට සිදුවූ බලපෑම් ගැන පරීක්ෂණවලට මුල්තැන දෙනවා

මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට සිදුවූ බලපෑම් පිළිබඳ පරීක්ෂණ සඳහාත් මූලිකත්වය ලබා දී කටයුතු කරන්නැයි ඒ පිළිබඳ පරීක්ෂණ කරන ආයතනවලට නියෝග කර ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ ප්‍රකශ කළේ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දින සැමරුම් උත්සවයට එක්වෙමිනි.

එසේම අමාත්‍යවරයා එහි දී කියා සිටියේ මාධ්‍යවේදීන්ට සිදු වූ බලපෑම් සම්බන්ධ ඇතැම් සිද්ධිවල සාක්ෂි පවා විනාශ කිරීමට අපරාධකරුවන් කටයුතු කර ඇති බවයි.

එසේම ඇතැම් අපාරාධවලට සම්බන්ධ තොරතුරු ඇතුළත් වාර්තා පවා විනාශ කර ඇති බවයි. තත්ත්වය එසේ වුවත් අදාළ සිද්ධි පිළිබඳ පරීක්ෂණ මේවන විට විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. එසේම මේ පිළිබඳ සොයා බැලීමට නව නීති රීති හඳුන්වාදෙන බවයි. විශේෂයෙන්ම අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි සිද්ධිවලදී සිරුර හමු නොවී ඝාතන චෝදනා ගොනු කිරිම සඳහා අවශ්‍ය නව නීති රීති හඳුන්වාදිය යුතු නම් ඒ සඳහා ද පසුබට නොවන බවයි. අදාළ පරීක්ෂණ පැවැත්වීමට කොතරම් දුෂ්කරතා ඇතිවුවවද ඒ සියලු සිද්ධි පිළිබඳ පරීක්ෂණ පැවත්වා වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

කොළඹදී (04) පැවැත්වූ එම සැමරුම් උත්සවයේ දී උදයන් පුවත්පතේ කර්තෘ දේවනායගම් ප්‍රේමානන්ද මහතා ප්‍රකාශ කළේ තම පුවත්පත් ආයතනයට පසුගිය චෝගම් උත්සවයෙන් පසු කාලය තුළදී ඇතිවූ බලපෑම් පිළිබඳ පරීක්ෂණ සිදුවනවාද යන්න පිළිබඳවවත් නොදන්නා බවයි. එසේම අවස්ථා 37 කදී තම ආයතනයට බලපෑම් සිදුව තිබෙන බවත් උදයන් පුවත්පතේ කතුවරයා පැවසීය.

උදයන් කතුවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය සාගල රත්නායක මහතා අදාළ සිද්ධි පිළිබඳ තමාට තොරතුරු ලබා දෙන ලෙස පැවසූ අතර එම තොරතුරු ඇතුළත් ලිපි ගොණුවක් උදයන් කතුවරයා විසින් එහිදී අමාත්‍යවරයාට ලබා දෙන ලදී.

උදයන් පුවත්පතේ කර්තෘවරයා ලබා දුන් තොරතුරු ඇතුළත් ලිපිගොනුව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා මඟින් පොලිස්පතිවරයාට ලබා දීමට අමාත්‍ය සාගල රත්නායක මහතා කටයුතු කළේය. එසේම මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට සිදුවූ බලපෑම් සම්බන්ධ පැමිණිලි විමර්ශන කටයුතුවල ප්‍රගතිය පිළිබඳ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ද අමාත්‍යවරයා විමසීමක් කළේය.

දිනමිණ වෙබ්අඩවිය

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img