දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ ව්‍යාපාරිකයකුට වසර 30 ක සිරදඬුවමක්

බාලවයස්කාර පිරිමි දරුවකු වසරක කාලයක් පුරා බරපතල අන්දමින් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ ව්‍යාපාරිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා වසර 30 ක බරපලත වැඩ  සහිත සිරදඬුවමක්  (13) දින නියම කර ඇත

සිරදඬුවමට අමතරව ලිංගික අපයෝජනයට ලක් වූ බාලවයස්කාර පිරිමි දරුවාට රුපියල් ලක්‍ෂ 06 ක වන්දි මුදලක් ගෙවීමට විත්තිකරුට නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 30,000  ක දඩයකටද ඔහු යටත් කළේය.

බාලවයස්කාර දරුවන් දිගින් දිගටම බරපතල අන්දමින් ලිංගික අපයෝජනයට ලක්වීමේ ප‍්‍රවනතාවයක් පෙනෙන්නට ඇති බව අධිකරණයේ අවධානයට ලක් කළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ප‍්‍රියානි අබේගුණවර්ධන මහත්මිය අනෙක් විත්තිකරුවන්ටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා අදාළ දඬුවම් නියම කළේය.

චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කිරුලපන ප‍්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයකුටය.

2013 නොවැම්බර් මාසයේ සිට 2014 වසරේ නොවැම්බර් මාසය දක්වා වසරක කාලයක් තුළදී අවුරුදු 16ට අඩු බාලවයස්කාර පිරිමි දරුවකු වසරක කාලයක් පුරා බරපතල අන්දමින් ලිංගික අපයෝජනයට ලක් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනාවන්ට ඔහු වරදකරු කළේය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ප‍්‍රියානි අබේගුණවර්ධන මහත්මිය අප රටේ අනාගතය වන බාලවයස්කාර දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ ප‍්‍රවනතාවයක් දිගින් දිගටම පෙනෙන්නට ඇති බවත් මෙය අතිශය භයානක තත්වයක් බවත් අධිකරණයේ අවධානයට ලක් කළාය.

මේ තත්වයෙන් දරුවන් බේරා ගැනීම සඳහා මෙවැනි වැරදි කිරීමේ අදහසින් පසුවන අනෙක් විත්තිකරුවන්ටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට දැඩි දඬුවම් නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ප‍්‍රියානි අබේගුණවර්ධන මහත්මිය ඉල්ලීමක් කළාය.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විත්තිකරුට අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ දඩ හා වන්දි මුදල් නොගෙවුවහොත් අමතර අවුරුදු 7 1/2ක බරපතල වැඩ සහිත සිරදඬුමකටද ඔහු යටත් කළේය

LANKADEEPA

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img