දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ ව්‍යාපාරිකයකුට වසර 30 ක සිරදඬුවමක්

බාලවයස්කාර පිරිමි දරුවකු වසරක කාලයක් පුරා බරපතල අන්දමින් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ ව්‍යාපාරිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා වසර 30 ක බරපලත වැඩ  සහිත සිරදඬුවමක්  (13) දින නියම කර ඇත

සිරදඬුවමට අමතරව ලිංගික අපයෝජනයට ලක් වූ බාලවයස්කාර පිරිමි දරුවාට රුපියල් ලක්‍ෂ 06 ක වන්දි මුදලක් ගෙවීමට විත්තිකරුට නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 30,000  ක දඩයකටද ඔහු යටත් කළේය.

බාලවයස්කාර දරුවන් දිගින් දිගටම බරපතල අන්දමින් ලිංගික අපයෝජනයට ලක්වීමේ ප‍්‍රවනතාවයක් පෙනෙන්නට ඇති බව අධිකරණයේ අවධානයට ලක් කළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ප‍්‍රියානි අබේගුණවර්ධන මහත්මිය අනෙක් විත්තිකරුවන්ටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා අදාළ දඬුවම් නියම කළේය.

චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කිරුලපන ප‍්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයකුටය.

2013 නොවැම්බර් මාසයේ සිට 2014 වසරේ නොවැම්බර් මාසය දක්වා වසරක කාලයක් තුළදී අවුරුදු 16ට අඩු බාලවයස්කාර පිරිමි දරුවකු වසරක කාලයක් පුරා බරපතල අන්දමින් ලිංගික අපයෝජනයට ලක් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනාවන්ට ඔහු වරදකරු කළේය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ප‍්‍රියානි අබේගුණවර්ධන මහත්මිය අප රටේ අනාගතය වන බාලවයස්කාර දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ ප‍්‍රවනතාවයක් දිගින් දිගටම පෙනෙන්නට ඇති බවත් මෙය අතිශය භයානක තත්වයක් බවත් අධිකරණයේ අවධානයට ලක් කළාය.

මේ තත්වයෙන් දරුවන් බේරා ගැනීම සඳහා මෙවැනි වැරදි කිරීමේ අදහසින් පසුවන අනෙක් විත්තිකරුවන්ටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට දැඩි දඬුවම් නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ප‍්‍රියානි අබේගුණවර්ධන මහත්මිය ඉල්ලීමක් කළාය.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විත්තිකරුට අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ දඩ හා වන්දි මුදල් නොගෙවුවහොත් අමතර අවුරුදු 7 1/2ක බරපතල වැඩ සහිත සිරදඬුමකටද ඔහු යටත් කළේය

LANKADEEPA

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img