මිගමුව මහරෝහලේ පානීය ජල පරීක්ෂණ කටයුතු විධිමත් කරමු .

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ පානීය  ජලයයේ  ඊකෝලයි බැක්ටීරියාව ඇතිබව රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු වී ඇතිබව අපමාර්තු මස 3 දින වාර්තා කලේමු එමන්ම තවත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කිහිපයකද මේ පිළිබද  වාර්තා කළේය.රෝහලක පානීය ජලයට බැක්ටීරියා කවලම්විම බරපතල ගැටලුවකි එවැනිකරුනු වාර්තා වූ පසු සුදුසු ක්‍රියාමාර්ග ගැනීමත් පසුවිපරම් කිරීමත් සත්‍ය තොරතුරු හෙළිදරවු කිරීමත් බලධාරීන්ගේ වගකීමක් මෙන්ම යුතුකමකි.

මෙම කරුණ පිලිබදව අපවිසින් ජලපිරිපහදු කටයුතුවල දීර්ඝ කාලයක පළපුරුද්දක් ඇති ජලසම්පාදන මණ්ඩලයේ විශ්‍රාමික රසායනා ගාර ප්‍රධානියෙකුවන සුනිල් පොන්සේකා මහතා ගෙන් කරුණු විමසීමක් සිදුකලා .

රෝහල් වැනි ආයතන වල ජලයේ තත්වය නිරන්තර  පරීක්‍ෂාවට ලක්කිරීම  කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ඒ සදහා  ඉතාමත් සරලව ක්‍රියා මාර්ග කිහිපයක් අනුගමනය කලහැකිබවත්  ඔහුපෙන්වාදුන්නා ඒ අනුව රෝහලට ජලසම්පාදන මණ්ඩලයෙන් ජලසපැයුම සම්බන්ද කර ඇති නල මාර්ගයෙන්  භූගත ජල  ටැංකි වලට ජලය එකතු වීමට පෙර ජල සාම්පලයක් ලබාගෙන සම්මත ප්‍රමිතීන්ට අනුව තිබිය යුතු ක්ලෝරීන් ප්‍රතිශතය තිබේ දැයි  දිනකට එක්වරක් වත් පරික්ෂ කිරීම් මේසදහා ක්ලෝරීන් පරීක්‍ෂා කිරීමේ ටෙස්ට් කිට් එකක් රුපියල් පන්දහසක් වැනි මුදලකට මිලදී ගත හැකි අතර ඒසදහා බාවිතා කරණ රසායනික පෙත්තක් රුපියල් දහයක් වැනි සුළු මුදලකට ලබාගත හැකිය. (DPD) එම අවස්ථාවේදී ජලයේ අඩංගු වියයයුතු ක්ලෝරීන් ප්‍රතිශතය නොමැතිනම් වහාම ජලසම්පාදන මණ්ඩලයට එබව වාර්තා කර විසදුමක් ලබාගතයුතු අතර අවම වශයෙන් දිනකට අවස්ථා තුනක් වත්  රෝහලේ ජලය ප්‍රයෝජනයට ගන්නා කරාම නියැදි වශයෙන් ගෙන ක්ලෝරීන් පරීක්ෂාවක් කිරීමත් මසකට එක්වරක් හෝ බෙදා හරින ජල ටැංකියේ ජල සාම්පලයක් බැක්ටීරියා සහ රසායනික පරීක්ෂාවක් සිදුකයුතු බවද විශ්‍රාමික රසායනා ගාර ප්‍රධානියා ප්‍රකාශ කළේය

එමෙන්ම භූගත ජල ටැංකිවල සහ බෙදාහැරීම් ටැංකිවල තැම්පත් වීඇති රොන් මඩ ආදිය ඉවත් කර ටැංකි සේදීමද අත්‍යවශ්‍ය කරුණක් බවද සුනිල් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා.අවසන් වරට යැවු ජලපරික්ෂණ වාර්තාව මේවනවිට ද ලැබී නැති බව දැනගන්නට ඇති අතර එම වාර්තාව ප්‍රසිද්ධියටපත්වූ පසු ජලයේ තත්වය පිළිබද නිගමනය කල හැකිවනු ඇත.

ඕනෑම ආයතනයකට පුද්ගලයෙකුට හෝ සංවිධානයකට තමන් පාවිචියට ගන්නා ජල මුලශ්‍රයේ ජලයේ තත්වය පිලිබදව විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකර ගැනීමට අවශ්‍යනම් මිගමුව තෙල්වත්ත හන්දිය අසල ශාන්ත ජෝශප් විදියේ අංක 265/6 හි පිහිටි ශ්‍රී ලක් ලැබෝරටරි ආයතනයෙන් සිදුකර ගත හැකිය එම ස්ථානයේදී සුනිල් පොන්සේකාමහතා හමුවී ජලයේ ගුණාත්මකභාවය වර්ධනය කරගැනීම සදහා අවශ්‍ය උපදෙස් නොමිලයේ ලබාගත හැකිය.කලින් වෙලාවක් වෙන්කරවගනිමට 0312220777සහ 0771385282 දුරකථනවලින් සුනිල් පොන්සේකා මහතා අමතන්න

Hot this week

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

Topics

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...

2030 සංචාරකයන් මිලියන පහක් – අමාත්‍ය විජිත හේරත්

අකිලා නදීෂානි බණ්ඩාර 2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img