ඩෙංගු වලින් මනාප එකතුකරන හාල් පාරු දේසපාලුවෝ

මිගමුව මහරෝහලට  දවසේ පැය විසිහතර පුරාම ඩෙංගු රෝගීන් ඇතුලත් කර ගනු ලබන අතර  මේ වනවිට රෝහල් පරිපාලනයට කිසිසේත් පාලනය කරගත නොහැකි ප්‍රමාණයක් ඩෙංගු රෝගීන් ඇතුලත්ව ඇත

දිනකිහිපයක අවස්ථා ගණනාවකදී අප  විසින් ඩෙංගු රෝගීන් බහුලව ප්‍රතිකාර ලබන අංක කාන්තා වෛද්‍ය වාට්ටුව (3 )පිරිමි වෛද්‍යවාට්ටුව (4 ) සහ ළමා වාට්ටුව (8 ) සහ රෝගීන් ඇතුලත් කරගැනීමේ අංශය සහ බාහිර ප්‍රතිකාර අංශයේ කටයුතු පිලිබදව නිරීක්ෂණය කල අතර  වෛද්‍ය වැඩ වර්ජනය පැවති කාලය තුලදී පවා එම ඒකක වල විශේෂඥය වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරුද හෙද හෙදියන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩල ද අනෙකුත් සේවක මහත්ම මහත්මීන් ද  ඉතාමත් යුහුසුළුව තමන්ගේ රාජකාරි කැපවීමෙන් ඉටුකරනු දක්නට ලැබුණි.

ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් මෙන්ම ඔවුන්ගේ  නෑ හිතමිතුරන් සියලු දෙනාම විසින්රෝහල් කාර්ය මණ්ඩලයේ කැපවීම අගය කරනු ලැබිණි.

අද වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 600 කට ආසන්න බව දැනගන්නට ලැබුණි.වාට්ටුවල ඇදන් වල දෙදෙනෙකු හෝ වැඩි ගණනක් සිටින අතර ට්‍රොලි පුටු වල පමණක් නොව බිම ඇතිරූ පැදුරු කාර්ඩ් බෝර්ඩ් මතද රෝගීන් තබාගෙන ප්‍රතිකාර කිරීමට රෝහල් කාර්ය මණ්ඩලයට සිදුව ඇත.

රෝහලේ බිම පැදුරු කාර්ඩ් බෝර්ඩ් මත වැටී ප්‍රතිකාර ලබන වැඩිදෙනා කටාන මිගමුව ජාඇල වෙන්න්පුව මිනුවන්ගොඩ දිවුලපිටිය ආදී ප්‍රදේශ වල පදිංචිකරුවන්ය මෙයින් දෙන පණිවුඩය මෙම ප්‍රදේශවල ඩෙංගු මදුරු ගණත්වය වැඩි බවත් රෝග ව්‍යාප්තිය වැඩි බවත්ය.

මෙම ප්‍රදේශ වල ජනතාවගේ ජන්දයෙන් මනාපයෙන් ගොඩගිය   පාර්ලිමේන්තතුවට පළාත් සභාවට ගොස් මන්ත්‍රී වරප්‍රසාද  ඇමති රාජ්‍ය ඇමති නියෝජය  ඇමති  වරප්‍රසාද  බුක්ති විදින ජනතා නියෝජිතයන් යයි කියා ගන්නා කිසිවෙකු මේ ගැටලුවේ බරපතලකම තවමත් තේරුම් ගෙන ඇතිබවක් පෙනෙන්නට නැත ඩෙංගු රෝගය ලබන වර මනාපය වැඩිකර ගැනීමේ මෙවලමක් ලෙස ඔවුන් භාවිතා කරන බව පෙනෙන්ට ඇත.

මේ වසංගතයේ දී වත් එකට එකතුවී  ජනතාව වෙනුවෙන් කටයුතුකරනවා වෙනුවට මාධ්‍ය සංදර්ශන පැවැත්වීම සහ  මම මුදුනා වීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට ඇත.  සමහරු රෝහලේ අඩුපාඩු සකස්කිරිමට සතිපතා තීරණාත්මක මාධ්‍ය  සාකච්චා පවත්වමින්  සිටින අතර තවත් පිරිසක් සතියකට වරක් සති අන්තයේ කාගේහෝ ශ්‍රමදානයකට හේත්තුවී මාධ්‍ය වෙත නිවේදනයක් කරයි.එසේ නැත්නම් මාධ්‍ය වෙත කලින් දැනුමදී නිරීක්ෂණ චාරිකාවකට එක්වේ.

තවත් පිරිසක් ප්‍රාදේශීය දිස්ත්‍රික්  සංවර්ධන කමුටුවල තමන්ට බලය නැතැයි නාහෙන් අඩමින් සිටි. ජනතාවට මේ බයිලා වලින් සංදර්ශන වලින් වැඩක් නැත.ජනතාවට සිදුව ඇත්තේ මරුවා සමග වාසේය.

අපේ ගම්වලනම් මෙහෙමවැඩක් නොකර සෝ දමන  උන්ට කියන්නේ හාල් පාරුවෝ කියාය.තමන් හාල්පාරුවෙක්ද  ජනතා නියෝජිතයෙක්ද යන්න තීරණය කරගැනීමටවත් හැකියාවක්  ඥානයක් අයට මේ ඇත්දැයි දන්නේ දෙවියන් පමණි

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img