ටියුෂන් යුද්ධයේ කටවුට් පෝස්ටර් වසංගතයෙන් බරපතල පරිසර විනාශයක් බලධාරීන් මර නින්දේ

ඉස්සර පොස්ටේර් ඇලවුවේ තප්පවලය මේවා වැඩිවශයෙන්ම ඇලවුණේ ලංකාවේ ඇති විශාලම ගොන්පොර ක්‍රීඩාව පවත්වන මනාප සෙල්ලම පවත්වන කාලයේදීය.

දැන් පෝස්ටර් ඇලවීමට අමතරව එල්ලිමක්ද පටන්ගෙන ඇත.අලවන පෝස්ටරයෙන්ද පරිසරය අවලක්ෂණ වී පරිසරය අපවිත්‍ර වන නමුත් එළුවන් හරකුන් කා දැමීම නිසා හෝ දිරායාම නිසා එමගින් පරිසරයට වන හානිය කණුවල එල්ලන කටවුට් වලින් වන පරිසර හානියට සාපේක්ෂව අඩුය.

වැඩිපුරම කටවුට් නිර්මාණය කරන්නේ පෙලෙක්ස් මගින් වන අතර මේවා පොලිතින් ව්ශේෂයකි.එමන්ම කඩදාසියේ මුද්‍රිත පෝස්ටර් වලින් සකස් කරණ කටවුට් එල්ලන්නේද පොලිතින් ආවරණයක් යොදාගෙනය.වඩාත්ම කණගාටුදායක කරුණනම් මේ අපරාධයට හවුල් වන්නේ පුද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරු සහ එම පකාරක පන්ති අයිති ව්‍යාපාරිකයන්ය

.මෙසමහර පෝස්ටර්වල සදහන් කරඇති උදාන වාක්‍ය වල තේරුමවත් මෙම ටියුෂන් මුදලාලිලා දන්නවාදැයි ඇත්තේ බලවත් සැකයකි සමහරු ගම්පහ අනාගත බලාපොරොත්තුවයි සමහරු Aසමාර්ථ ඉඩෝරයක් පවතින  කිසියම් විෂයකට A වැස්සක් ව්ස්සවන්නට පැමිණි දෙවිවරුය සමහරු ගම්පහ අභිමානයයි.මෙම වාක්‍ය පෝස්ටරය ලස්සන කිරීමට දැන්වීම නිර්මාණ කරු  යෙදු වචනයක් මිස පෝස්ටරයේ නමසදහන් ටියුෂන් මාස්ටර්ගේ සැබෑ ගති ලක්ෂණ වල පිලිබුවක් නොවේ.

එවැනි අදහසක් අපට ඇති වන්නේ පරිසරය විනාශ කරණ පොලිතින් යොදාගෙන කටවුට් එක වැඩිකලක් තබා ගැනීමට ගන්නා උත්සාහය තුල සැගව ඇතේ රටට අනාගත පරපුරට හෙන ගැහුවත් අද මගේ මුදල් පසුම්බිය පුරවාගත යුතුය යන ආත්මාර්ථකාමය පමණක්ම වන නිසාය.

මෙම ලියුම් කරු මෙවැනි කටවුට් එල්ලා ඇති ඇගලුම් කම්හල් වලට එම කටවුට් වල ඇති දුරකථන අංකවලට කතා කර මෙම පොලිතින් වලින් කටවුට් ආවරණය කිරීම සිදුකරන්නේ මන්දැයි විමසීමක් කළා.එහිදී ඔහු ප්‍රකාශ කලේ කටවුට් එක වැඩිකලක් පවත්වාගෙන යාමට පොලිතින් ආවරණයක් යොදන බවයි.එමක්‍රියාව මගින්  පරිසර හානියක් සිදුකිරීම ඔබේ කම්හල තුල ප්‍රදර්ශනය කර ඇති පරිසර හිතකාමී දැන්වීම් පුවරු වල සදහන් කරුණු අනුව එකග වන්නේ දැයි මා ඔහුගෙන්  විමසා සිටි අතර ඔහු නිරුත්තර විය.

මේ පරිසර විනාශය නතර කිරීම සදහා පළාත් පාලන ආයතන වලට ක්‍රියා මාර්ග කිහිපයක් ගත හැකිය  මෙකටවුට් බොහොමයක් අනවසරයෙන් එල්ලන බැවින් දිගින් දිගටම ඒවා ඉවත් කිරීමට කපා දැමීමට ක්‍රියා කිරීම අනුමත එල්ලිම් වලදී පොලිතින් බැනර් කටවුට් සදහා අවසර නොදීම පරිසර පනත් යටතේ ඇති ප්‍රතිපාදන යටතේ පොලිසිය සමග එකතු වී නඩු පැවරීම.

පරිසර අමාත්‍ය තුමාද වන මෛත්ත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ ,බස්නාහිර පළාත් සභාවේ මහාමාත්‍ය වරයා ගේ සහ මිගමුව මහා නගර සභාවේ සහ කටාන ප්‍රාදේශීය සභාවේ නිසිබලධාරින්ගේ අවධානය පිණිසයි.

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img