Home Blog Page 134

විෂාදය (Depression) ගැන මේ කරුණු දැන සිටියාද?

0

විෂාදය (Depression) ගැන මේ කරුණු දැන සිටියාද?

විෂාදය හෙවත් ‘ඩිප්රෙෂන්’ (Depression) යනුවෙන් හැඳින්වෙන්නේ කිසිවකු දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්පවලින් පීඩා විඳීමේ රෝගී තත්වයකි.

එය වරින් වර හටගන්නා ශෝකයක් හෝ මානසික වේදනාවකට වඩා බරපතළ මානසික පීඩාවකි.

විෂාදයෙන් පෙළෙන්නෙකු බොහෝ අවස්ථාවල ‘ඇන්සයටි'(Anxiety) නැතහොත් යමක් කෙරෙහි අධික ඇල්මක් දැක්වීමේ හෝ සාංකාවෙන් පෙළීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

ඇතැම් අවස්ථාවල දී සිතට වේදනාවක් දැනීම සාමාන්‍ය පුද්ගලයෙකුට ඇතිවන හැඟීමක් වුවත් විෂාදය යනු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු රෝගී තත්වයකි.

පසුගිය දා සෙලීනා ගෝමස් සහ ලේඩි ගාගා වැනි සුප්‍රසිද්ධ බටහිර ගායිකාවෝ තමන් විෂාදයෙන් පෙළුණු බවත් එයින් මිදීම පිණිස ප්‍රබල අරගලයක යෙදුණු බවත් ප්‍රසිද්ධියේ හෙළි කළහ.

“මට සිද්ධ උනා ඒකෙන් මිදෙන්න. මට අවශ්‍ය හැම දේම මට තිබුණත් මම ඇතුළතින් සම්පූර්ණයෙන්ම කඩාවැටිලයි හිටියේ. මම කිසි දෙයක් නොවුණු විදිහට හැම දේම කරන්න උත්සාහ කළත් ඒක දීර්ඝ කාලයක් තිස්සේ සඟවන්න උත්සාහ කරනකොට තේරුණා මම මටම හානියක් කරගන්නේ කියලා,” ඇමරිකානු සංගීත සම්මාන උළෙළේ දී ජනප්‍රිය ගායිකා සෙලීනා ගෝමස් සිය අත්දැකීම් මාධ්‍ය හමුවේ විස්තර කළාය.

වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි

‘ඇන්සයටි’ නැතහොත් කාංසාව හෙවත් වියහැකි අනතුරක්, අපහසුවක් ගැන දිගින් දිගටම කනස්සල්ලට හා බියට පත්වීම සහ විෂාදය යන මානසික රෝගී තත්ත්ව පිළිබඳව බීබීසී ‘නිව්ස් රවුන්ඩ්’ වැඩසටහන මානසික වෛද්‍ය විශේෂඥවරියකගෙන් කරුණු විමසීය.

“විෂාදය ‘ඇන්සයටි’ කියන තත්වයෙන් වෙනස්. විෂාදයෙන් පෙළෙන්නෙක් සෑම විටම දැඩි වේදනාවකින් දුකකින් පසු වෙනවා,” මානසික වෛද්‍ය විශේෂඥ ස්ටීවන් බක්ලි විෂාදය ගැන පැහැදිලි කිරීමක් කරමින් කියා සිටියාය.

“අපි හැමෝම ජීවිතයේ ඇතැම් අවස්ථාවල දුක් වෙනවා ඒක සාමාන්‍යයයි. නමුත් විෂාදය නිසා යමෙක් මුළු දවසක් පුරා සති කීපයක්, මාසයක් වැනි දීර්ඝ කාලයක් දුකෙන් පසු වෙනවා. ඒ හේතුවෙන් ඔවුන්ගේ එදිදෙනා ජීවිතයට දැඩි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. තනිකම කාන්සිය ඇතිවෙන්නේ ඒ එක්කමයි.”

විෂාදය හටගන්නේ ඇයි?

ඒ ප්‍රශ්නයට නිසැක පිළිතුරක් සොයාගැනීමට තවමත් විද්‍යාඥයන් සමත් වී නැත.

යමකුට විෂාදය වැළඳීමට හේතුවන කරුණු නිසැක වශයෙන්ම හඳුනා ගැනීම අපහසුය.

යම් පුද්ගලයෙකු අධික ලෙස දුකට පත්වන අවස්ථාවක ඔහු හෝ ඇය මුහුණ දුන් ඒ හැඟීම් පහව නොයා දීර්ඝ කාලීනව පැවතීම විෂාදයට හේතු විය හැකිය.

විෂාදය වැළඳීමට එවැනි එක් සිද්ධියක් හෝ හේතු කිහිපයක් වුවත් බලපැවැත්වෙන අවස්ථා තිබෙන බව විශේෂඥ වෛද්‍ය ස්ටීවන් බක්ලි පැහැදිළි කළාය.

“විවිධ හේතු මත පුද්ගලයෙකුට විෂාදයට වැළඳීමේ අවස්ථාව තියනවා. උදාහරණයක් ලෙස එදිනෙදා ඔහු හෝ ඇය මුහුණ දෙන ගෙදරදොර ප්‍රශ්න එහෙමත් නැත්නම් පාසලේ දී මුහුණ දෙන ප්‍රශ්න. හිරිහැරවලට ලක්වීම වැනි හේතු නිසා තමන් ගැනම නිශේධනීය ආකල්ප ඇතිවෙන්න පුළුවන්.”

එදිනෙදා ජීවිතයට විෂාදය බලපාන්නේ කොහොමද?

විෂාදය එක් එක් පුද්ගලයන්ට බලපාන්නේ විවිධ මට්ටම්වලිනි.

කිසිවකු කොතෙක් දුරට විෂාදය හේතුවෙන් පීඩා විඳිනවාද යන්න හරිහැටි විනිශ්චය කළ හැක්කේ ඔවුන්ට දැනෙන හැඟීම්වල ස්වභාවය නිරීක්ෂණය කිරීමෙනි.

කිසිවෙකු දිගු කලක් ශෝකයෙන් කල් ගෙවීමටත්, තවත් රෝගියෙකුට තමන් ගැනම ඉතා දැඩි නිශේධනීය ආකල්ප ඇතිවීමටත් තමන් වටිනාකමක් නොමැති පුද්ගලයෙක්ය යන හැඟීමෙන් පීඩා විඳීමටත් විෂාදය හේතු විය හැකිය.

නිතර දැඩි මහන්සියක් දැනීම, නින්ද යාමේ අපහසුතා ඇති වීම සහ ඇතැම් විට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදා ගැනීම වැනි රෝග ලක්ෂණ විෂාදයෙන් පෙළෙන්නකුගේ රෝග ලක්ෂණ විය හැකිය.

එමෙන්ම ආහාර ගැනීමේ රටාව අක්‍රමවත් වීම හේතුවෙන් ඇතැම් විට ආහාර රුචිය අඩුවීම, අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ආහාර ගැනීම සහ සෞඛ්‍යයට අහිතකර ආහාර පුරුදු ඇතිකර ගැනීමත් එහි රෝග ලක්ෂණ වියහැකිය.

අවධානය යොමු කිරීමේ අපහසුතා

යමක් කෙරෙහි අවධානය යොමු කිරීමේ අපහසුතා මෙන්ම දිගින් දිගටම නො සන්සුන් ස්වභාවයක් ඇතිවීමත් විෂාදයේ රෝග ලක්ෂණ වියහැකි බව වෛද්‍යවරු පෙන්වාදෙති.

දීර්ඝ කාලීනව විෂාදයෙන් පීඩා විඳින්නෙකුට සතුටින් කල්ගෙවීමේ අවස්ථාව අහිමිවීම මෙන්ම රෝගාතුර වීමට පෙර තමන් ආශා කළ විනෝදාංශ පවා අප්‍රිය වීමේ ස්වභාවයක් සහ ශරීර ශක්තිය හීන වී ඇතැයි හැඟීමක්ද පහළවිය හැකිය.

ආත්ම විශ්වාසය හීන වීම, යම් කටයුත්තක නිරත වීමට උනන්දුවක් නොමැති වීම එහි තවත් රෝග ලක්ෂණ වේ.

නිසි ප්‍රතිකාර

Image copyright Reuters
Image caption පසුගිය දා සෙලීනා ගෝමස් සහ ලේඩි ගාගා වැනි සුප්‍රසිද්ධ ගායිකාවන් තමන් විෂාදයෙන් පෙළුණු බවත් ඒ හේතුවෙන් විශාල ජීවිත අරගලයක යෙදුණු බවත් ප්‍රසිද්ධ මාධ්‍යයට හෙළි කළහ.

“කවුරු හරි ‘ඇන්සයටි’ තත්වයෙන් හෝ විෂාදයෙන් පෙළෙනවා නම් තමන්ගේ හැසිරීමේ යම් වෙනසක් තියෙනවා, දුකක් දැනෙනවා කියලා දැනගත්ත ගමන්ම තමන්ට විශ්වාස කෙනෙක් එක්ක ඒ ගැන කතා කිරීම වැදගත්,” මානසික වෛද්‍ය විශේෂඥ ස්ටීවන් බක්ලි විස්තර කළාය.

“එදිනෙදා කරන වැඩකටයුතු වලින් විවේකයක් අරගෙන අවශ්‍ය උපදෙස් උපකාර ලබාගන්න. ඔබ විෂාදයේ රෝග ලක්ෂණ හඳුනා ගත්තොත් පැකිළෙන්න එපා. ඉක්මනින්ම ඉන් ගැලවෙන්න අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්න.”

විෂාදය යනු සාමාන්‍ය රෝගී තත්වයක්වන අතර, නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් එම රෝගය සුව කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ අවධාරණය කරති.

“ඕනෑම සුළු ප්‍රශ්නයක් වුවත් ඔබට හිතවත් කෙනකු සමග බෙදා ගැනීමට පැකිළෙන්න එපා. විෂාදයෙන් ගැලවීමේ ප්‍රථම පියවර එය විය හැකියි.”

  මුලාශ්‍රය BBC ලෝකසේවය සිංහල

ගෙදර කුණු ගමපුරා දමා පෙරේතයන් කැදවා ඇති ගමකට අවුරුදු කුමරු වඩි ද ?

0

මේ දිනවල අප අලුත් අවුරුද්දට සුදානම් වෙමින් සිටිමු .  ඇදුම් පැළදුම් ඇතුළු විවිධ අලුත්දේ ගන්නට කටයුතු කරන අතරම නිවසේ ඇති සමහර දේ ඉවත දැමීමට ද කටයුතු කරයි.ගෙවල් දොරවල් පිරිසිදු කරමින් මේ සුදානම් වන්නේ අවුරුදු කුමරා සමග ශ්‍රියා කාන්තාවද සමග එළබෙන වසර තමන්ගේ නිවසට වාසනාවන්ත වසරක් කර ගැනීමටය.

කටානේ පාරවල් ගානේ හන්දි ගානේ ගෙනත් දමා ඇති කුණු ගොඩවල් හොදින් නිරීක්‍ෂණයකරන විට පැහැදිලි වන්නේ ගෙනවිත් දමා ඇති කුණු ඔනෑම නිවසක කළමනාකරණය කර ගතහැකි දේවල් වලින් සමන්විතව ඇති බවයි .

ඩෙංගු රෝගය වසංගත තත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර .මේ සතිය තුලදී මිගමුව සහ සිදුවෙන් ඩෙංගු මරණ දෙකක් වාර්තාවිය.

තමන්ගේ කුණු පාරට ගෙනවිත් දමා ගමේ පරිසරය විනාශ කර පෙරේතයන් කැදවා ඇති ගමක කිසිම නිවසකට  අවුරුදු කුමාරයා කැදවා ගැනීමට  නොහැකි වන අතර ඉදිරි වැසිසමයත් සමග විවිධ වසංගත පැමිණීමේ අවධා නමක් ඇතිවිය හැකිය.

(සංවාදයට වීවෘතයි)

වසාදමා තිබු සමුර්ධිගම සමුපේ අපේ කඩේ වෙයි

0

පාඩු ලැබීම නිසා වසා දමා තිබු සමුපකාර ප්‍රදේශික නව මුහුණුවරකින්  යලිත් විවුර්ත කිරිම සදහා කටාන විවිධ සේවා සමුපකාර සමිතිය  තීරණය කර  ඇත.කලක් තිස්සේ වසා දමා තිබු අක්කරපනහ සමුර්ධි ගම සමුපකාර ප්‍රදේශිකය අපේ කඩේ නමින්  ඊයේ යලි විවුර්තවිය. සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍ය වරිය අපේ කඩේන් මිලදීගත් භාණ්ඩ සදහා මුදල් ගෙවූ අවස්ථාව ජයාරුපයෙන් දැක්වේ.

 

පොදු ස්ථාන අපවිත්‍ර කිරීමේ තරගයේ ප්‍රථම ස්ථානයන් ටියුෂන් මුදලාලිලා සහ ටියුෂන් ගුරුවරන් දිනා ගනී

0

තාප්පවල පෝස්ටර් අලවා තාප්ප අවලස්සන කිරීමෙන් විදුලි සහ දුරකථන කාණුවල ගස් ගල්වල කටවුට් බැනර් ඩිජිටල් බෝර්ඩ් එල්ලමින්  පරිසර අපවිත්‍ර කරමින්  දේශපාලකයන් තබාතිබු වාර්තාව බිදහෙලමින් නව වාර්තාවක් පිහිටු වීමට උපකාරක පංති මුදලාලිලා සහ  ටියුෂන් ගුරුවරු සමත්ව ඇත.

කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සහ මිගමුව නගර සීමාව තුල පෝස්ටර් ගසා බැනර් එල්ලා අපවිත්‍ර නොකළ මාර්ගයක් සොයාගැනීම කළුනික සොයනවාටත්  වැඩිය දුෂ්කර කාර්යකි

බැනර් කටවුට් එල්ලනවාට අමතරව පාසල් අසල අත්පත්‍රික දින දර්ශන ලිපිගොනුකවර ආදී විවිධදේ බෙදා දෙනුලබන අතර මේවා බලෙන්ම දෙන නිසා වැඩිදෙනෙක් එම මුද්‍රිත පත්‍රිකා  ඒ ආසන්නයේම විසිකර දමා යන අතර එමනිසා මහාමාර්ගයද අපවිත්‍ර වේ.

පරිසරයට හානිනොවන ව්ද්‍යුත් සන්නිවේදන ක්‍රම ඕනෑතරම් තිබියදී තමන්ගේ උගත්කමටද නොගැලපෙන ක්‍රම හරහා බාල ප්‍රචාරණ ක්‍රමඋපයෝගිකර ගැනීම මගින් ඔප්පුකරන්නේ  තමන් උගතුන් උවත් බුද්ධිමතුන් නොවනබවයි.

කණුවල ගස් වල එල්ලී ටියුසන් වලට එන්නයි සිසුන්ට ආයාචනය කරණ සමහර කටවුට් බැනර්   හින්දි සිනමාවේ කාඩ්බෝඩ් වීරයන් පරදන  ජායරුප යොදා සකස් කර ඇත ගුරුදෙවියා ගුරුතුමා මේවනවිට  හින්දි මෙගා නාට්‍යවල  නළුවන්ගේතත්වයට ඇද වැටී ඇත.

මෙම පාරිසරික හානියේ දෙවන ස්ථානය හිමිකර ගෙන ඇත්තේ දේපල වෙළද සමාගම් විසිනි  ඔවුන් සතයක්වත් මුදල් නොගෙවා ගම නගරය පුරා අතිවිශාල ප්‍රමාණයේ බැනර් එල්ලන්නේ  පළාත් පාලන ආයතන වල  අනවසර ප්‍රචාරක පුවරු ඉවත්කිරීමට සිටින නිලධාරී එම දේපලවෙලද සමාගම්වල මුදලට යටවීම නිසා යයි මහජනයා තුල සංවාදයක් ඇත.

මේවා එල්ලීමට පළාත් පාලන ආයතන වලින් බදුගෙවා   අවසර ගත යුතු අතර ඒවා ප්‍රදර්ශනයට අවසර දී ඇති ස්ථානවල අදාල  කාලය තුල පමණක් ප්‍රදර්ශනය කල හැකි අතර එසේ නොවන ප්‍රදර්ශනය කිරීම් නීතිවිරෝධී වේඑමෙන්ම පරිසර නීතිරීති යටතේ මේවා එල්ලන අයට විරුද්ධව නඩු පවරා දඩුවම් කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇත.

මේ කිසිවක් කල නොහැකිනම් පළාත් පාලන ආයතන මගින් පුද්ගලයන් දෙදෙනෙකු යොදවා මේවා කපා ඉවත් කිරීම දෛයිනිකව සිදුකලයුතුය පලාතේ පොලිස් ස්ථානය සමග මාස කිහිපයක් කටවුට් බැනර් ඉවත් කිරීමෙන් මෙම උවදුර මැඩපැවැත්වීමට හැකිවනු ඇත.

මිගමුව මහනගර සභාවේ සහ කටාන ප්‍රදේශිය සභාවේ නිසිබලධාරින් ගේ සහ මිගමුව ජ්‍යෙෂ්ඨපොලිස් අධිකාරී  මිගමුව මුලස්ථාන පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක  සහ කටාන පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වරයා ඇතුළු රාජ්‍ය නිලධාරිනි මේ ඔබේ අවධානය පිණිසයි. .

‘පොදු රාජ්‍ය මණ්ඩලයේ හොඳම තරුණිය’ වූ ශ්‍රී ලාංකිකයා

0

‘පොදු රාජ්‍ය මණ්ඩලයේ හොඳම තරුණිය’ වූ ශ්‍රී ලාංකිකයා

ක්‍රිස්ටල් රීඩ්

http://www.bbc.com/sinhala/sri-lanka-39407847

දීර්ඝ කාලීනව ඉතාලියෙන් පිටව සිටීමේදී සොජෝර්නොව අවලංගු වෙනවාද?

0

දීර්ඝ කාලීනව ඉතාලියෙන් පිටව සිටීමේදී සොජෝර්නොව අවලංගු වෙනවාද?

ඉතාලි සොජෝර්නෝව ඇති ඔබ විවිධ හේතුන් මත ඉතාලියෙන් බැහැරව සිටන අවස්ථා වලදී එහි නිත්‍යානුකුල තත්වය පිලිබඳ තොරතුරු දැනගෙන සිටීම වැදගත් වේවි.

 

කාර්තා දී සොජෝර්නෝව හිමිකරුවන් හට ඉතාලි දේශ සීමාවෙන් පිටත වාසය කල හැකි උපරිම නිත්‍යානුකුල කාලසීමාව මාස 12 කි. මෙම කාලසීමාවේ බලපෑම ඇතිවන්නේ අඛණ්ඩව මාස 12 ක් ඉතාලියෙන් පිටව සිටීමේදී පමණි. තවද ඔබ ලංකාවේ සිටියද යුරෝපා සංගමයෙන් පිට සිටියද අදාලවනුයේ එම නීතියයි.
ඔබ කාර්තා දී සොජෝර්නෝව සමඟ ඉතාලියෙන් පිට යුරෝපා සංගමයේ රටක වසර 6 ක් වාසය කරන්නේ නම් හෝ ඔබ එරට විසීමේ බලපත්‍රය ලබාගන්නේ නම් ඉතාලි කාර්තා දී සොජෝර්නොව ස්භාවිකවම අවලංගු වේ.
ඔබට ඇත්තේ වසරක් හෝ වසර දෙකක් සඳහා වලංගු පෙර්මෙස්සෝ දී සොජෝර්නෝවක් නම් ඔබට නිත්‍යානුකුලව ඉතාලියෙන් පිටව සිටිය හැකි කාලය ගණනය කෙරෙනුයේ සොජෝර්නෝවෙහි වලංගු කාලසීමාව අනුවය. එය සොජෝර්නෝවෙහි වලංගු කාලසීමාවෙන් අඩකි. එනම් ඔබගේ සොජෝර්නෝවේ වලංගු කාලසීමාව වසරක් නම් ඉතාලියෙන් පිටව සිටිය හැකි කාලය අඛණ්ඩව මාස 6 ක් වන අතර සොජෝර්නෝවේ වලංගු කාලසීමාව වසර දෙකක් වන අවස්ථාවේදී ඉතාලියෙන් පිටව සිටිය හැකි කාලය අඛණ්ඩව මාස 12 කි.
එසේ උවද පහත සඳහන් සුවිශේෂී අවස්ථා වලදී ඉහත නිත්‍යානුකුල සීමාවන් සඳහා සහනයන් හිමිකර ගත හැක. එනම් රෝහල් ගතවීමට සිදුවූ අවස්ථාවකදී, ස්වාමියා / බිරිඳ හෝ සමීපතම පවුලේ සාමාජිකයින්ගේ බරපතල රෝගී අවස්ථාවකදී. ඔබට ඒ සඳහා අදාළ සියලු ලියවිලි සහතික කර ඉදිරිපත් කිරීමට හැකියාව තිබිය යුතුය.

SrilankaWeb.News
ඉහත වෙබ් අඩවියෙනි

පුත්තලමේ ‘හඳුනා නොගත් වෛරස් උණක්

0

පුත්තලමේ ‘හඳුනා නොගත් වෛරස් උණක්http://www.bbc.com/sinhala/sri-lanka-39383702

බස්නාහිර පළාතේ පළාත් පාලන ක්‍රීඩා උළෙලේ දැල්පන්දු ශුරතාවය මිගමුව මහානගර සභාව දිනාගනී

0

ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ දී පසුගියදා පැවති පළාත්පාලන ක්‍රීඩා තරගාවලියේදී ගම්පහ දිස්ත්‍රික් සමස්ත අනුශුරතාවය දිනාගැනීමට මිගමුව මහා නගර සභා ක්‍රීඩා කණ්ඩායම සමත්ව ඇත.

මිගමුව  මහා නගර දැල්පන්දු සභා කණ්ඩායම විසින් ගම්පහ දිස්ත්‍රික් ශුරතාවයසහ පළාත් ශුරතවයද  දිනාගෙන ඇත මෙම කණ්ඩායමේ පුහුණු කාරිය ලෙස කටයුතුකර ඇත්තේ අනුෂ්කා තුෂාරි මහත්මියයි.

මෙම තරගාවලියේ අවුරුදු 40 න් පහල හොදම ක්‍රීඩකයා ලෙස සම්මානය දිනගතේ නගර සභා ක්‍රීඩා කණ්ඩායමේ   එච් එම අබ්දුල්ලා මහතා විසිනි ජයග්‍රාහී දැල් පන්දු කණ්ඩායම සමග  පුහුණු කාරිය සහ නියෝජය නාගරික කොමසාරිස් රුවන්ති ප්‍රනාන්දු මහත්මිය ජයාරුපයේ වෙති.

ටියුෂන් යුද්ධයේ කටවුට් පෝස්ටර් වසංගතයෙන් බරපතල පරිසර විනාශයක් බලධාරීන් මර නින්දේ

0

ඉස්සර පොස්ටේර් ඇලවුවේ තප්පවලය මේවා වැඩිවශයෙන්ම ඇලවුණේ ලංකාවේ ඇති විශාලම ගොන්පොර ක්‍රීඩාව පවත්වන මනාප සෙල්ලම පවත්වන කාලයේදීය.

දැන් පෝස්ටර් ඇලවීමට අමතරව එල්ලිමක්ද පටන්ගෙන ඇත.අලවන පෝස්ටරයෙන්ද පරිසරය අවලක්ෂණ වී පරිසරය අපවිත්‍ර වන නමුත් එළුවන් හරකුන් කා දැමීම නිසා හෝ දිරායාම නිසා එමගින් පරිසරයට වන හානිය කණුවල එල්ලන කටවුට් වලින් වන පරිසර හානියට සාපේක්ෂව අඩුය.

වැඩිපුරම කටවුට් නිර්මාණය කරන්නේ පෙලෙක්ස් මගින් වන අතර මේවා පොලිතින් ව්ශේෂයකි.එමන්ම කඩදාසියේ මුද්‍රිත පෝස්ටර් වලින් සකස් කරණ කටවුට් එල්ලන්නේද පොලිතින් ආවරණයක් යොදාගෙනය.වඩාත්ම කණගාටුදායක කරුණනම් මේ අපරාධයට හවුල් වන්නේ පුද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරු සහ එම පකාරක පන්ති අයිති ව්‍යාපාරිකයන්ය

.මෙසමහර පෝස්ටර්වල සදහන් කරඇති උදාන වාක්‍ය වල තේරුමවත් මෙම ටියුෂන් මුදලාලිලා දන්නවාදැයි ඇත්තේ බලවත් සැකයකි සමහරු ගම්පහ අනාගත බලාපොරොත්තුවයි සමහරු Aසමාර්ථ ඉඩෝරයක් පවතින  කිසියම් විෂයකට A වැස්සක් ව්ස්සවන්නට පැමිණි දෙවිවරුය සමහරු ගම්පහ අභිමානයයි.මෙම වාක්‍ය පෝස්ටරය ලස්සන කිරීමට දැන්වීම නිර්මාණ කරු  යෙදු වචනයක් මිස පෝස්ටරයේ නමසදහන් ටියුෂන් මාස්ටර්ගේ සැබෑ ගති ලක්ෂණ වල පිලිබුවක් නොවේ.

එවැනි අදහසක් අපට ඇති වන්නේ පරිසරය විනාශ කරණ පොලිතින් යොදාගෙන කටවුට් එක වැඩිකලක් තබා ගැනීමට ගන්නා උත්සාහය තුල සැගව ඇතේ රටට අනාගත පරපුරට හෙන ගැහුවත් අද මගේ මුදල් පසුම්බිය පුරවාගත යුතුය යන ආත්මාර්ථකාමය පමණක්ම වන නිසාය.

මෙම ලියුම් කරු මෙවැනි කටවුට් එල්ලා ඇති ඇගලුම් කම්හල් වලට එම කටවුට් වල ඇති දුරකථන අංකවලට කතා කර මෙම පොලිතින් වලින් කටවුට් ආවරණය කිරීම සිදුකරන්නේ මන්දැයි විමසීමක් කළා.එහිදී ඔහු ප්‍රකාශ කලේ කටවුට් එක වැඩිකලක් පවත්වාගෙන යාමට පොලිතින් ආවරණයක් යොදන බවයි.එමක්‍රියාව මගින්  පරිසර හානියක් සිදුකිරීම ඔබේ කම්හල තුල ප්‍රදර්ශනය කර ඇති පරිසර හිතකාමී දැන්වීම් පුවරු වල සදහන් කරුණු අනුව එකග වන්නේ දැයි මා ඔහුගෙන්  විමසා සිටි අතර ඔහු නිරුත්තර විය.

මේ පරිසර විනාශය නතර කිරීම සදහා පළාත් පාලන ආයතන වලට ක්‍රියා මාර්ග කිහිපයක් ගත හැකිය  මෙකටවුට් බොහොමයක් අනවසරයෙන් එල්ලන බැවින් දිගින් දිගටම ඒවා ඉවත් කිරීමට කපා දැමීමට ක්‍රියා කිරීම අනුමත එල්ලිම් වලදී පොලිතින් බැනර් කටවුට් සදහා අවසර නොදීම පරිසර පනත් යටතේ ඇති ප්‍රතිපාදන යටතේ පොලිසිය සමග එකතු වී නඩු පැවරීම.

පරිසර අමාත්‍ය තුමාද වන මෛත්ත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ ,බස්නාහිර පළාත් සභාවේ මහාමාත්‍ය වරයා ගේ සහ මිගමුව මහා නගර සභාවේ සහ කටාන ප්‍රාදේශීය සභාවේ නිසිබලධාරින්ගේ අවධානය පිණිසයි.

මහාබාධක කොරල්පර අසිරිය මිහිතලයට අහිමිවෙයි

0

මහාබාධක කොරල්පර අසිරිය මිහිතලයට අහිමිවෙයි

ස්වාභාවික වර්ණ විනාශය සමඟ මියැදෙන කොරල්පරයhttp://www.bbc.com/sinhala/world-39291701ස්වාභාවික වර්ණ විනාශය සමඟ මියැදෙන කොරල්පරය