Home Blog

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

0

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි  ඉන්ධන ප්‍රමාණය ඉක්මවා ඉන්ධන භාවිතා කිරීම පිලිබදව සහ රාජකාරියට වාරතා නොකර සති අන්ත දීමනා1/20  ලබාගැනීම පිළිබද විගණන විමසුමක් ලැබී ඇතිබව නගර සභාවේ ආරංචි මාරග පවසයි.

මාසික ව හිමිකම ඇති  ඉන්ධන කෝටාව ඉක්මවා  මෙම නිලධාරියා සදහා වෙන්කර ඇති වාහනය සදහා ඉන්ධන  ලබාගෙන ඇතිබවද දැනගන්නට තිබේ.

විගණන විමසුමේ ඇති චෝදනා වලින් ගැලවීම  සදහා සහායදක්වන කණ්ඩායම  විශ්‍රාම ගොස් සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගෙන් සහ ධුරධාරින්ගේන් උපදෙස් ඉල්ලමින් සිටිනබවද තවදුරටත් වාරතා වේ.

එමෙන්ම ළදරු මානසිකත්වයක් ඇති විගණනය වදයක් ලෙස දකින  සමහරක් නිලධාරීන්  මිගමුවනගර සභාවේ ඇති  විගණකාධිපති වරයාගේ කාරයමණ්ඩලයට ලබාදී ඇති පහසුකම් කපාහැරීමට කාරක සභා රැස්වීමකදී යෝජනා කර ඇත.

මුල්‍ය විනය පිලිබදව අනෙකුත් නිලධාරීන්ට ආදර් ශයක් ලබාදෙමින් කටයුතුකළයුතු නිලධාරීන් ඉන්ධන කෝටාව මහා සභාවේ යෝජනාවක් මගින් වැඩිකර ගෙන  වැරැද්ද වහගැනීම උත්සාහ කරන්නේනම් එය වැරදි ආදරශයක්වනු ඇති අතර එය නීතියට ඉහලින් සිටීමට ගන්නා උත්සාහයකි

මහා සභාවට යෝජනා ඉදිරිපත්කර සම්මත කරවාගෙන වැරැදි නිත්‍යානුකුල  කරගැනීමට උත්සාහ කරන්නේනම් යෝජනා  පරාජය කිරීම ප්‍රගතිශීලි නාගරික මන්ත්‍රීවරුන්ගේ වගකීමකි.

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

0

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ සහ මිගමුව නව මත්ෂ්‍ය වෙළදපොලට අයිතිවාසිකම් ඇතිබව ප්‍රකාශකල ආගමික සංස්ථාවට සහ ධිවර සමිතියට එම අයිතිවාසිකම් ඔප්පු තිරප්පු මගින් ඔප්පු කිරීමට ලබාදී තිබු සතිදෙකක කාලය අවසන්ව ඇතිබැවින් එම දේපොළ සම්බන්ධයෙන් ඉදරි නීතිමය කටයුතු ආරම්භකල බව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා පැවසිය

 

ඒ මහතා මෙම අදහස් පලකලේ ග්‍රීන්ස් පාරක් පිටියේ නගරසභා දේපොළ මිනුම් කටයුතු සදහා පැමිණි අවස්ථාවේදී 18 දින අප විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

මිලියන 42 ක් ජයිකා ආයතනයේ මුදල් වැයකර ඉදිකළ මිගමුව මත්ෂ්‍ය වෙළදපොලෙන්  සහ ඒ අවට පාරවල්  වල නතරකරන වාහනවලින් වැල්ල විදිය දේවස්ථානයනමින් ටිකට පතක් නිකුත්කරමින් වසර ගණනාවක සිට මුදල් එකතු කරනු ලැබීය.

මේ වනවිට කෝටි ගණනක මුදලක් එකතු කරගෙන ඇතත් සත පහකවත් මුදලක් රජයට හෝ නගර සභාවට ලබාදී නැත. එමෙන්ම  නව මත්ෂ්‍ය වෙලදපොලේ ගොඩනැගිලි සකස්කර තිබු යකඩ ටොන්ගනනක් කපාගෙන ගියබවටද මෙහිසිටින වෙළදුන් මාධ්‍යට අවස්ථා ගණනකදී ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මේ මුදල් කොල්ලය පිලිබදව ජාතික පුවත්පත්වල නාලිකාවල මෙන්ම ඩ්ජිටල් මාධ්‍ය අවකාශයේද වසර ගණනාවක් තිස්සේ  පුවත් පලවිය.

එහෙත් හිටපු පාලකයන් මෙම රජයේ දේපොළ කොල්ල කෑම වැළැක්වීමටකිසිදු  පියවරක් ගත්තේ නැත.

සබැදි පුවත්

මීගමුවේ නව මාළු වෙළද සංකීරණය කාගේද …..?

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

0

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව පොලිසිය විසින් සොයාගත් කාන්තා මළසිරුර  පිලිබදව පස්චාත් මරණ පරීක්ෂණයක් සහ   වැඩිදුර විමරශණ සිදුකර මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාරතා කරනලෙස සිදුව පොලිස් ස්ථානාධිපතිවරයාට වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා අද  21 නියෝග කළේය.

ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

මෙලෙස අමානුෂික ලෙස ඝාතනය වී ඇත්තේ  සීදුව, මුක්කලංගමුව, පියසමර ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි වියේ පසු වූ  ගර් ලී චන්ද්‍රානි නැමැති කාන්තාවකි.

. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට  42 හැවිරිදි පුද්ගලයෙකු  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

සීදුව පොලිසිය වැඩිදුර විමරෂණ සිදුකරයි

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

0

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට අයත් සියලු දේපොළ යලි නගර සභාවේ පාලනයට ලබාගැනීම අදසිට අඛණ්ඩව ක්‍රියාත්මක කරනබව මිගමුව මහා නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා පවසයි.

නගරාධිපතිවරයා මෙසේ ප්‍රකාශකලේ නගරසභාවට අයත් ග්‍රීන්පාක් පිටියේ බලෙන්  අනිතිකව  අත්පත් කරගෙන තිබු  ඉඩම් කොටස් මිනුම් කටයුතු සිදුකර යලි නගරසභාව බාරයට ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් පලකල නගරාධිපතිවරයා  හිටපු පාලකයන් සහ සමහර දුෂිත නිලධාරීන් ප්‍රකෝටි ගණන් වටිනා මහා නගර සභාව සතු දේපල විවිධ කණඩායම් සහ පුද්ගලයන්ට බුක්ති විදීමට ඉඩදී වාසි ලබාගෙන තිබෙනවා.

බහුතර බලයක්  ලබාදෙමින් මීගමුවේදී ජාතික ජනබලවේගය ඉහලින්ම ජයග්‍රහණය කරවූ ජනතාව ඉල්ලා සිටි   වෙනස  සිදුකිරීමට දුෂණ යෙන් වංචාවෙන්  තොර නගර සභාවක්  පාලනයක් ඇතිකිරීමට අවශ්‍ය සියලු නිත්‍යානුකුල ක්‍රියා මාරග ගැනීමට කුමන බාදක පැමිණියත් කටයුතු කරනවා.

නගරයේ ජනතාවට අයත් දේපල වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට කටයුතුකර ලැබෙන අදායම් ජනතාවගේ යහපත නගරයේ දියුණුව සදහා යොදාගන්නවා.

මට හෝ අපේ පක්ෂයේ කිසිම නාගරික  මන්ත්‍රීවරයෙකු නගර සභාවේ දේපොළ අයුතුලෙස පරිහරණය කරන්නේ නැතැයිද නගරාධිපති හීන්කෙන්ද මහතා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට නාගරික මන්ත්‍රීවරු සහ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියේය

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

0

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක පහසුකම් ඇත්තේ ඉතාමත් ප්‍රාථමික තත්වයෙනි.

බස්නැවතුම් පොලතුල වැසිකිලි පද්ධතියක් ඇති අතර එය පාලනය කරනුයේ නගර සභාව මගිනි  එය භාවිතා කිරීම සදහා රුපියල් 20 ක් අයකරනු ලබන අතර එය අයකර ගැනීම සහ පිරිසිදු කිරීමේ කටයුතු සදහා නගර සභාවේ සේවකයෙකු යොදවා ඇත.

මෙම වැසිකිලි පද්ධතිය සදහා සවිකර ඇති වොෂ් බේසම් ඇතුළු සියලුම සවිකිරීම්වල එක් කොටසක් හෝ කොටස් කිහිපයක් කැඩී ගොස් හෝ ක්‍රියා විරහිතව ඇත.මෙනිසා කිසිදු සවිකිරීමක් භාවිතා කලනොහැකි තත්වයක පවතී එමන්ම මෙම සේදුම් කාමර සාදහා දවස පුරාම නිසි පරිදි නොලැබෙන බවත් වැසිකිලි සේදීම සදහා පහල මහලින් ජලය බාල්දි වලට රැගෙන ඒමට සිදුවී ඇතිබවත් එහිසිටි සේවකයන් පැවසීය.

මෙම වැසිකිලි දිගු කලක සිට  නඩත්තු නොකිරීම නිසා සම්පුර් නයෙන්ම අලුත් වැඩියා කලයුතු තත්වයකට පත්ව ඇත.

මේවායේ අද 18 දින පැවති තත්වය අනුව මේවා සෞඛ්‍ය අංශයේ වගකිවයුතු නිලධාරියෙකු විසින් කිසිදා පරික්ෂාකර නැතිබව පෙනිගියේය.

මේවායේ තිබු සමහර සවිකිරීම් ගලවාගෙන ගොස් ඇතිබවත් දක්නට ලැබිණි.

බස්නැවතුම් පොලෙහි ප්‍රධාන ගොඩනැගිල්ලෙන්  පිටතින් ඇති සේදුම් කාමරය ටෙන්ඩර් කැදවා බදුකරුවෙකුට ලබාදී ඇති අතර එහි සේවාව ලබා ගැනීම සදහා රුපියල් 30 හක මුදලක් අයකරනු ලබයි.

බස්නැවතුම් පොලෙහි ප්‍රධාන ගොඩනැගිල්ලේ ඇති වොෂ්රුම්   සහ වැසිකිලි පද්ධතියේ මෙන්ම මෙහිද සවිකිරීම් විශාල වශයෙන් කැඩී බිදී ගොස් ඇත.

මෙහි බිමට සිමෙන්ති දමා ඇතිඅතර ටයිල් කර නැත අවම වශයෙන් නව ටෙන්ඩර් කරුට බාරදීමට පෙර හෝ අඩුපාඩු සම්පුර් න කර අලුත්වැඩියාවක් සිදුකළ යුතුව තිබිණි. වැසිකිලි පද්ධතියේ තත්වය අනුව රුපියල් 30 ක් අයකර ලබාදෙන සේවාව  ප්‍රමාණවත් දැයි අවම ටෙන්ඩර් මුදල තීරණය කිරීමට පෙර සලකා බැලිය යුතුව තිබුණි හොදම සේවාවක් ලබාදෙන දක්ෂිණ අධිවේගී මාරගයේ සේවා ප්‍රදේශයේ අයකරනු ලබන්නේද රුපියල් 40 කි.

අඩුපහසුකම් සහිත තැනක් ලබාදී ටෙන්ඩර් කරුගෙන් විශාල සේවයක් බලාපොරොත්තු විය නොහැකි බව අපගේ අදහසයි.

මහා සභාවේදී වේගවත්ව අදහස් පලකරන සෞඛ්‍ය කමිටුවේ සාමාජිකයන්ට මෙන්ම මෙම ප්‍රදේශය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුන්ට සහ  ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාටද  මෙම ස්ථාන පරික්ෂාකර අවශ්‍ය අලුත්වැඩියාවන් සහ නවීකරණය කිරීම සදහා යෝජනා ඉදිරිපත් කිරීමේ වගකීමක් ඇත.

මෙම ස්ථාන දෙකෙහිම අයකරන මුදල සදහා රිසිට් පතක් ලබාදෙන්නේ නැත සේවාවක් සදහා ගාස්තුවක් අයකරගන්නේනම් ඒ සදහා රිසිට්පතක් ලබාදිය යුතුව ඇත.

 

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

0

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන නොමැති වීමෙන් විවිධ කණඩායම් සහ පුද්ගලයන් විසින් අනීතිකව බුක්ති විදින දේපල නගර සභාව බාරයට ගැනීම ගැටලුවක් වී ඇතිබව දැනගන්නට ඇත.

මෙයට එක් හේතුවක්  වී ඇත්තේ වත්කම් ලේඛන වලින් කොටසක් සොරකම් කරගෙන ගොස් තිබීම වියහැකි බවට කතාබහක් නිර් මානයවී තිබේ

මෙහි ඇති  හාෂ්‍ය ජනක තත්වය නම් මිගමුව මහානගර සභා භුමියේ අයිතිය තහවුරු කිරීම සදහා අවශ්‍ය කරන නිත්‍යානුකුල ලේඛනද නොමැති වීමයි.

නගර සභාව දැනටමත් බුක්ති විදිමින් සිටින දේපොළ වල අයිතිය කඩිනමින්  තහවුරු කරගැනීම සදහා අවශ්‍ය ප්‍රකාශන ඔප්පු ආදී නිත්‍යානුකුල ලේඛන  සකස්කරගෙන යන බවත් ඒ සදහා සමහර රාජ්‍ය ආයතනවලින් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නොවනබවත් දැනගන්නට තිබේ.

මේ කටයුතු සදහා ඍජුව මැදිහත් වියහැකි ප්‍රධානතම පුද්ගලයා  කොට්ඨාශය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයා හෝ අපේක්ෂකයාය. ඔවුන්ගෙන් වැඩිදෙනා ප්‍රමුඛත්වය   ලබාදී ඇත්තේ විදුලි ලාම්පු සවිකිරීම බව දක්නට ඇත.

විදුලි ලාම්පු සවිකිරීම  සදහා පුර එලිය නමින් යෙදවුමක් හදුන්වා දී ඇතත් ලබන මැතිවරණයෙන් ජයගැනීමට තමන්ගේ  කොට්ඨාශයේ කලයුතු ඇති එකම කටයුත්ත, ජනතා සේවය, වගකීම විදුලි බුබුළු සවිකරන වාහනය පිටුපස ගමන්කිරීම යන තැනට නාගරික මන්තත්ම‍රීවරු තම  වගකීම පටු කරගෙන සිටීම කණගාටුවට කරුණකි.

මේවනවිට වත්මන් පාලනය බලයට පත්වී වසරක් සම්පුරණ වීමට ඇත්තේ දින කිහිපයකි. තමන්ගේ කොට්ඨාසයේ තිබෙන නගර සභාවට අයිති දේපල මොනවාද ඒවා නිත්‍යානුකුල නොවන අන්දමින් කවුරුන් හෝ බුක්හි විදිනවාද ආදී තොරතුරු  සොයා බලා  ලේඛනයක් ලබාදීමට ඔවුන්  කටයුතු කලානම් අඩුම තරමින් මේ වනවිට දේපල සියල්ල හදුනා ගැනීමට හැකියාව තිබිණි.

එමෙන්ම නගර සභාවාට අයත් දේපොළ පිලිබදව තොරතුරැ දන්නා හිටපු ප්‍රගතිශීලි නාගරික මන්ත්‍රීවරුන්  නිලධාරින් මෙන්ම විස්තර දන්නා පුරවැසියන් ගෙන් සහ සමාජ ක්‍රියාකාරීන්ගේ සහයෝගයද ප්‍රසිද්ධ ඉල්ලීමක් මගින් ලබාගැනීමෙන්ද මෙම කටයුතු පහසු කරගැනීමේ  හැකියාවක් ඇත

නගරාධි පතිවරයාට සහ නියෝජය නගරාධිපති වරයාට පමණක් සියලු කටයුතු සිදුකල නොහැකි අතර ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම සියලු නාගරික මන්ත්‍රීවරුන්‌ගේ සහ නිලධාරීන්කීගේ වගකීමකි.

සබැදි පුවත්

 

හොරකම් නාස්තිය දුෂණය බෑ -මිගමුව සුන්දර නගරයක් කරනවා

මිගමුව නගර සභාවේ කෝටි ගණනක දේපොළ අවභාවිතයේ

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

0

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා වෙරළ කලාපයේ ( වෙරළ මත ) තාවකාලිකව ඉදිකර ඇති සියලුම අනවසර ඉදිකිරීම්වෙරළ සංරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්  ටර් න ප්‍රදීප් කුමාරමහතා ගේ නියෝගයෙන් සහ ලබාගත් අධිකරණ නියෝග අනුව ඉවත් කරනු ලැබීය.

මිගමුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ඉන්ජිනේරු සුපුන් විජේන්ද්‍ර. සහකාර අධ්‍යක්ෂක යු එච් වන්නිආරච්චි. අධීක්ෂණ නිලධාරී. (වෙරළ. )     WWP චන්දන. අධීක්ෂණ නිලධාරී. (කලපුව. ) KRK සමරසේකර යන නිලධාරීන්ගේ අධීක්ෂණය සහ මෙහයවිමෙන් මෙම ඉවත්කිරීම සිදුකරනු ලැබිණි.

හදුනාගත් ස්ථාන 45 ක් පමණ මෙම මෙහෙයුමේදී ඉවත්කර ඇත.

 

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

0

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන 108ක් පමණ වීදි වටිනාකමක් ඇති කොකේන් ග්‍රෑම් 2,150ක් සමග කටුනායක ගුවන් තොටුපොළේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් අද (15) පෙරවරු 10.30ට පමණ පැමිණීමේ පර් යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා කටුනායක ගුවන් තොටුපළ වෙත කටාර් ගුවන් සේවයට  අයත් QR 664 දරණ ගුවන් යානයෙන් පැමිණ තිබුණි.

සැකකරුගේ ගමන් මලු රේගු නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවේදී ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් ග්‍රෑම් 2,150ක් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සිදුකරන  විමර්ශන වලින් අනතුරුව  සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය වෙත භාරදීමට නියමිතය.

මීගමුවේ සුළු පරිමාන සංචාරක වෙළදුන් ජනපතිගෙන් සහන ඉල්ලති

0

විදේශිකයන් වඩාත්ම ප්‍රියකරන වෙරළට ආසන්නයේ ඉර බැසීම දෙස බලාසිටිම සහ sunbed වල වැතිර සිටීමට බවත් වෙරළ සංරක්ෂණ දෙපාර් තමේන්තුවේ සිමාවෙන් එපිට තබා තිබු sunbed සහ ඒවා ආවරණය කරතිබූ පොල් අතු වැනි සරල පරිසර හිතකාමී ආවරණ කඩා දැමීමෙන් ජීවත්වීම සදහා තමන්ට තිබු  එකම ආදායම් මග  අහිමිවී ඇතිබව මිගමුව සංචාරක සංගමයේ සංවිධායක මාර් ෂල් මහතා පවසයි.

සුළු පරිමාණ  සංචාරක ව්‍යාපාරිකයන්ට මෙහෙම කරන්නේ ඇයිදැයි ඒ මහතා  බලධාරීන්ගෙන් විමසා සිටි

සංචාරකයන් සදහා  සුළු පරිමාණ ආපාන ශාලාවක් පවත්වාගෙන යන ලෝරන්ස් මහතා තමන්ගේ ගැටලුව පිලිබදව මැදිහත් වී සහනයක් ලබාදෙන ලෙස ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනබව පවසයි

වෙරළ සංරක්ෂණයට අයිති කොටස කියල වෙන්කරාට ඒකොටස පිරිසිදුව තබාගන්න ඒ ගොල්ල එන්නේ නෑ වෙරළ පිරිසිදුකරලා තියාගෙන ඉන්නේ අපි, මේ තාවකාලික අවු ආවරණ කඩා ඉවත්කලා කියල වෙරළ සංරක්ෂණයට ලැබෙන දෙයක් නැහැ.

මෙම කොටසේ  සුළු පරිමාණ සංචාරක  ව්‍යාපාරික කටයුතු වලින් යැපෙන පවුල් 150 ක් පමණ සිටින බවත් වෙරළ සංරක්ෂණ දෙපාර් තමේන්තුව සිදුකල කඩාදැමීම නිසා එම සියලුදෙනාටම ජීවත්වීම සදහා යමක් උපයා ගැනීමේ ගැටලුවකට මුහුණ දෙන බවත් ලෝරන්ස් මහතා වැඩිදුරටත්  පැවසිය.

හෝටල් වලින් ජරාව කාලා අපට බලය පෙන්නනවා -පලගතුරේ ධිවර ප්‍රජාව

0

මීගමුව පළඟතුරේ  මුහුදු වෙරළ සීමාවේ සිට ප්‍රධාන පාර දක්වා තනා ඇති කුඩා පාරක්  කඩා  ඉවත් කිරීමට කටයුතුකල වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධතාවයකට  මුහුණ දීමට සිදුවිය.

බෝට්ටු මගින් රැගෙන එන  මසුන් මුහුදු වෙරළේ සිට  වෙළඳාම් පිණිස  ශාන්ත ආනා මාළු ලේල්ලම දක්වා පහසුවෙන්  රැගෙන ඒමට ප්‍රදේශයේ ධීවර ජනතාවදැනට මාස හයකට පමණ පෙර මෙම   කුඩා  පාර සකස් කරගෙන ඇත.

මීගමුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් විසින්ඊයේ 12 දින  සහ අද 13   වෙරළ තිරයේ තිබු තාවකාලික ඉදිකිරීම්  ඉවත් කිරීම සදහා කටයුතු කලේය.

මෙම කටයුතු සදහා  පොලිස් විශේෂ කාර් ය බලකායේ ආරක්ෂාවද ලබාදී තිබිණි.